02. හිතෝපදේශය | මිත්‍ර ලාභය | Hitopadesha

“කියවීම මිනිසා සම්පූර්ණ කරයි!”
❤❤❤ ❤❤❤ ❤❤❤ ❤❤❤ ❤❤❤


එපමණක් ද? මෙසේත් උගතුන් කියා තිබෙනවා.

“පුතාට පුතා යැයි කිව හැක්කේ මනා ලෙස අධ්‍යාපනයක් ලබන වංශය හා පරම්පරාව දිනෙන් දින බබළවන්නේ නම් පමණි. ලෝකය කියන්නේ පෙරැළෙමින් විකෘතියට පත්වන වස්තුවක්. එහි සිටින්නන් මිය ගොස් නැවත උපතක් ලබන්නේ යැයි කිව හැකි යි. එහෙත් ඊට සමගාමීව බුද්ධිය නැවත උපදින්නේ නැත”

මෙයත් ඊට අදාළ කියමනක්,

“කිසියම් සභාවකට විශාල පිරිසක් සහභාගී වී ඇත. පැමිණියවුන් අතර සිටින උගතුන්ගේ ලේඛනයක් සකස් කෙරෙයි. නම් ලියා ගන්නා තැනැත්තා කිසිවෙකු දෙස බලා මොහු උගතෙකු ද නැද්ද කියා සිතමින් පෑන සොලවමින් සිටී. පුද්ගලයා දුටු විගස වහාම නම නොලියවෙන්නේ ඔහු නූගතෙකු නිසාම ය. එහෙත් වැදූ මව ඒ මගේ පුතා ය කියනු ලැබුවහොත් වඳ ස්ත්‍රිය ද තමන්ටත් දරුවන් ඇතැයි කියනු ඇත.”

මෝඩ පුතුන් ගැන කියන විට මෙසේත් සිතිය හැකිය.

“දුගී මගී යාචකයන්ට හෝ සමාජ සේවාවන් උදෙසා කිසිවක් නොදෙන, කායික හා මානසික සුවය සඳහා භාවනාවක නොයෙදෙන, කරන ක්‍රියාවන්හි සූරභාවයක් නොදක්වන, ශිල්ප ශාස්ත්‍ර ඉගෙනීමෙහි මැළිකම් පාන, ධන ධාන්‍ය රැස් කරන්නට උත්සහ නොගන්නා යම් පුතෙකු වේ නම්, ඔහු උපන්නේ මව වැසිකිළි යද්දී යැයි පිළිගත යුතු ය.”

මෙයට සරිලන තවත් කිව යුත්තක් ඇත.

“ගුණවත් බවෙන් පූර්ණ පාණ්ඩිත්‍යයෙන් හෙබි එකම පුතා වුවත් ප්‍රමාණවත් වේ. පුතුන් කියා සිය දෙනෙක් හිටියත් පලක් නෑ - ඔවුන් මෝඩයන් නම්. රාත්‍රියෙහි ඇති වෙන ඝන අන්ධකාරය නසන්නට පෑයූ සියක් දහසක් තරුවලට නොහැකි වුණත් එක පුන් සඳෙන් අඳුරු දුරු වී යයි.”

මෙහිලා කිව යුතු කරුණු කාරණා එමටයි. මෙයත් ඔබේ අවධානයට ගන්න.

“පුණ්‍ය තීර්ථයකට ගොස් තපස් රකින්නාත්, කීකරු වස්තුව සොයන ධාර්මික ක්‍රියාවල යෙදෙන, නුවණ ඇති පුතාත් යන දෙදෙනාම එක හා සමාන අයවලුන් වේ.”

මීටම අදාළ තවත් කිවයුත්තක් නම්,

“ලෝකය තුළ ජීවත් වෙන්නාට කරුණු හයකින් සැප විඳින්නට පිළිවන. ඒවා මෙසේ ය. අඟ හිඟයක් නැතිව ධනය ලැබීම, ලෙඩ දුක්වලින් තොර නීරෝගී බව, භාර්යාවගෙන් නිසි ලෙස කායික සැපය ලබා ගැනීම, ප්‍රියමනාපයෙන් බිරිඳ කතා කිරීම, කීකරු පුතෙකු සිටීම, ධනෝපායනය උදෙසා පුරුදු පුහුණු කළ කර්මාන්තයක් තිබීම යනු ඒ කරුණු වේ.”

සැනසුම් සුවය සදහා මෙයත් හොඳ කියමනක්.

“අටු කොටු පිරැවීමට යොදා ගත යුත්තේ බොල් කුණු රොඩු නැති වී තල කුරක්කන් අමු මෙනේරි වැනි ධාන්‍ය වර්ග. කවරෙකු හෝ බොල් වලින් අටු කොටු පුරවා කියනවා බුසල් මෙච්චරයි කුරුණි මෙච්චරයි ලාස් මෙච්චරයි කියලා ගණං හිලව්. ඒ වගේ ශාස්ත්‍ර වන්තයන් නොවන මෝඩ තකතීරුවන් පෙන්වා, මට මෙපමණයක් දරුවන් ඉන්නවා කීවොත් ප්‍රයෝජනයක් තියේ ද? මෝඩ දරුවන් බිහි කළ පියා පියෙකු ද? එහෙත් තම නිවස ඇතුළු කුල ගෙයෙහි ආරානෝරු උසුලන, පරම්පරාව බබුළුවන උගත් එකම පුතා සියක් පුතුන්ටත් වඩා අගී (අගේ ය).”

වැඩි දිග දුර නොගොස් මේ ගැනත් සිතා බලන්න.



"Reading maketh a Full man ..."

dhamma.lk.ingreesi.com © 2016 - 2020. Powered by Blogger.
කියවීම මිනිසා සම්පූර්ණ කරයි!

෴ An AnglomaniA IngreesI (රාවණ යක්ඛ) and *A Bona Fide CreatioN ෴

Auto Scroll Stop Scroll