204. හිතෝපදේශය | නිමි | සමාප්තයි!

“කියවීම මිනිසා සම්පූර්ණ කරයි!”
❤❤❤ ❤❤❤ ❤❤❤ ❤❤❤ ❤❤❤

දිනීමේ අපේක්ෂාවෙන් සිටින සියලු රජදරුවන් සාමය ම සතුටට හේතු වේවා! යහපත් අය විපතින් තොර වුවෝ වෙත්වා! උගතුන්ගේ කීර්තිය දස දෙස පැතිරේවා! රාජ නීතිය වෙසඟනක මෙන් ඇමතියන්ගේ උරතලෙහි රැඳී මුව සිඹීවා! දිනපතා ලෝකය තුළ ශ්‍රී විභූතිය ඇති වේවා!

යම් තරම් කාලයක් මහේශ්වර දිව්‍යරාජයා උමා දේවියගේ ප්‍රේමයට නිවාසයක් වූයේ ද, ශ්‍රියාකාන්තාව විෂ්ණු දෙවියන්ගේ හදවතෙහි වළාකුලක විදුලියක් සේ සිටියා ද, සූර්ය දිව්‍ය රාජයා පෙර ගිරෙන් ගිනි පුපුරක් හා සමාන වූයේ ද, මහාමේරු පර්වතය ලැව් ගින්නක් මෙන් බබලන්නේ ද, එතෙක්, නාරයණ විසින් ලියන ලද මේ හිතෝපදේශ නම් කතා සංග්‍රහය පවතීවා!

මෙම කතා සංග්‍රහය ලියා පළකළ ගුර්ජර දේශයෙහි මාණ්ඩලික පාලක ධවලචන්ද්‍ර සිරිමතාණන් ජයෙන් ජයට පත්වේවා!

හිතෝපදේශයෙහි සන්ධි නම් වන

සිව්වන කථා සංග්‍රහය මෙසේ සමාප්ත විය.

මේ හිතෝපදේශ සංග්‍රහයේ අවසානය යි.

යහපතක් ම වේවා!



"Reading maketh a Full man ..."

dhamma.lk.ingreesi.com © 2016 - 2020. Powered by Blogger.
කියවීම මිනිසා සම්පූර්ණ කරයි!

෴ An AnglomaniA IngreesI (රාවණ යක්ඛ) and *A Bona Fide CreatioN ෴

Auto Scroll Stop Scroll