203. හිතෝපදේශය | 04 | රෑ වැටුණු වළේ දවල් වැටීම

“කියවීම මිනිසා සම්පූර්ණ කරයි!”
❤❤❤ ❤❤❤ ❤❤❤ ❤❤❤ ❤❤❤

ඔන්න ඔය කරුණු නිසා මගේ අදහස අනුව නිර්දිෂ්ට ක්‍රමය ම අනුගමනය කිරීමයි සුදුසු. ඊට හේතු මෙසේත් කියන්නට හැකියි. අශ්වමේධ යාග දහසක් හා එක් සත්‍ය වචනයක් තරාදියකට දමා කිරා බැලුවොත්, වඩාත් බර වෙන්නේ සත්‍ය වචනය ම යි.

මේ කරුණු කාරණා එකින් එක සලකා බලා රජ-දරුවන් දෙදෙනා ම සත්‍ය මත දිවුරා කාඤ්චන සංගත සන්ධියෙහි පිහිටාවා කියන එකයි මගේ එක ම ප්‍රාර්ථනය.

“එය එසේ ම වේවා!” යි සර්වඥ ඇමතිවරයා ද ආ වැඩුවේය.

ඉන්න අනතුරුව රාජහංස රජු විසින් රන්රිදී වස්ත්‍රාභරණ රාශියකින් දූරදර්ශී ඇමැතිවරයා පුදනු ලැබීය. මෙයින් සතුටට පත් සක්වාලිහිණි ඇමැතිවරයා සමග දූරදර්ශී ඇමැතිවරයා චිත්‍රවර්ණ මොනර රාජයාගේ මාළිගයට ගියේය.

සර්වඥ ගිජුලිහිණි ඇමතිවරයාගේ උපදෙස් මත චිත්‍රවර්ණ රජු බුහුමන් තුටුපඬුරු පෙරටු කොට ගෙන කාඤ්චන සන්ධියට අනුමැතිය පළ කළේය. සක්වාලිහිණි ඇමතිවරයා රාජහංස වෙත පිටත් කර හැරියේ විවිධ තෑගි බෝග රාශියක් සමගිනි.

ඉන් අනතුරුව දූරදර්ශී ඇමතිවරයා මෙසේ කීවේය:

දේවයන් වහන්ස, අපගේ අදහස ඉටු විය. දැන් කළ යුත්තේ වින්ධ්‍යා පර්වතය බලා පෙරළා ගමන් ඇරඹීමයි.

සෙබල මුළු ආපසු ගමන් ඇරැඹුවේ උද්දාමයෙනි. ඒ කලකින් නො දුටු අඹුවන්ගේ මුහුණ බලා ගන්නා අටියෙනි. සටනේ දී දස්කම් දැක්වූවනට ඉහළ තනතුරු ලබා දෙනු ලැබිණි. උපදේශ සහිත අධ්‍යාපන පරිපාටිය අවසන් කළ මහෝපාධ්‍යාය විෂ්ණු ශර්මන් පඬිවරයා රජ දරුවන් අමතා මෙසේ පැවසීය:

මං ඉතින් වෙන මොනව කියන්න ද? හොඳයි ඔය දරුවන් කියමු බලන්ට!

රජදරුවෝ මෙසේ කීහ:

ගුරු දේවයන් වහන්ස, ඔබ වහන්සේගේ උත්සාහය සහ අනුග්‍රහය ලැබූ අප සියලු දෙනා ම යථා පරිදි රාජ නීතිය දැනගත්තා. ඒ නිසා දැන් අප බුද්ධිමතුන් බවට පත්වුණා.

පඬිවරයා මෙසේ පිළිතුරු දුනි:

ආ ... බොහොම සතුටුයි. උත්සාහයේ ඵලය ලබා ගත්තා. ඒක එහෙම වුවත් තවත් කරුණක් ද තියෙනවා දැනගත යුතු ම:



"Reading maketh a Full man ..."

dhamma.lk.ingreesi.com © 2016 - 2020. Powered by Blogger.
කියවීම මිනිසා සම්පූර්ණ කරයි!

෴ An AnglomaniA IngreesI (රාවණ යක්ඛ) and *A Bona Fide CreatioN ෴

Auto Scroll Stop Scroll