360. Principal ග්‍රේඩ් වන් | සත්‍ය කතාවක්

“කියවීම මිනිසා සම්පූර්ණ කරයි!”
❤❤❤ ❤❤❤ ❤❤❤ ❤❤❤ ❤❤❤


මෙම ගමනේ දී විශේෂත්වයක් වුණේ මගීන් කාල වේලාවක් නැතිව කිරා වැටෙමින් හෝ නිදා ගැනීමෙන් කාලය ගෙව්වත් මට සේම විපුලෙට සහ මිලිනාට එවැනි අවශ්‍යතාවයක් නො තිබීමයි. මිලිනා ඇතැම්විට විපුලෙගෙ උරහිසට වාරු වී දෑස් පියාගෙන සිටියා. ඇතැම් විටෙක දෙකලවා මත හිස ඔබා ගත්තා. එවන් විටෙක විපුලෙ මිලිනා ගෙ හැට්ට කර (බ්ලවුසය) අතරින් අත යැව්වත් එය නො දුටුවෙකු සේ සිටින්නට මං වග බලා ගත්තා. දැනුත් එසේ පුරුදු ක්‍රියාවෙහි යෙදෙමින් විපුලෙ විජයග්‍රාහී සිනහවක් මුහුණට නංවා ගෙන “ඊට පස්සෙ මොකද වුණේ දන්නව ද?” යි ප්‍රශ්නයකින් මාදෙස බැලුවා. “උඹේ සමයං මං දන්නවයැ! උඹම කියාපන්” කියන්නා සේ ඔහුගේ මුහුණ බැලුවා.

පහුවදා පාසල පටන් ගන්න කොට ම කට්ටා ආවා. ආමික චාරිත්‍ර ඉටුකර සුපුරුදු දේශනාවන් ගෙන් අනතුරු මෙහෙම කීවා.

මං එනකොට මේ පාසල තිබුණ හැටි ලොකු ළමයින් දන්නවා. මං ආවේ කාර්ය නියුතු විදුහල්පති වරයෙකු වශයෙන්. ඇත්ත වශයෙන්ම පසුගිය කාලය තුළ පාසල වෙනුවෙන් බොහෝ කාර්යන්හි නිරත වුණා. ඒ සඳහා ලැබුණා බොහෝ අයගේ සහයෝගය; මේ දරු දැරියන් ද සහයෝගය දැක්වුවා. දහදුක් විඳලා එක්තරා ක්‍රමයකට හදාගත්තා. පාසලට වින කටින්ට බොහෝ දෙනෙක් සැදී පැහැදී සිටිනවා. නමුත් අප යන මේ ගමන නො නැවතී ඉදිරියට යනවා. ඒකට ආධාරයක් වශයෙන් මට නියෝජ්‍ය විදුහල්පති වරයෙකුත් අද එවල තියෙනවා. ඒ ඔබ කවුරුත් දන්නා හඳුනන කටුබෝගම විදුහලේ හිටපු විදුහල්පති. ඔහු V වන ශ්‍රේණියේ මුල්ගුරුවරයෙක්. මං ශ්‍රී ලංකා විදුහල්පති සේවයේ පළමුවන ශ්‍රේණියේ විදුහල්පති වරයෙක්. එම තනතුරට මා පත් වුණේ 1977.07.22 දින සිට. මේ වන විට අවුරුදු 12 ක සේවා කාලයක් ඇති විදුහල්පති වරයෙක්. අපේ අඩුපාඩු කම් හදාගෙන ඉදිරියට පය තබන්නට මේ දරු දැරියනට වාසනාව ලැබේවායි ප්‍රාර්ථනා කරමින් උදෑසන රැස්වීම මෙතෙකින් අවසන් කරණවා.”

ළමයිනට එම දේශනය වැදගත් වුණේ නෑ. ඒත් ගුරුවරුන් සියලු දෙනා ම තක්බීර් වෙලා. ළමයින් පන්තිවලට ගියා. ගුරුවරුන් තම කටයුතු වල නිරත වුණා. කටුබෝගමයා නළල පිරිමදිමින් මිදුලේ සක්මන් කළා. කාර්යාලයට ගිය මා ඔහුව කැදවූවා.

කෙහොම ද අද වැඩ භාර ගන්නව ද?”

කෙහොම ද වැඩ භාර දෙන්නෙ ?”

උපගුරුවරයෙකු වශයෙන් අභ්‍යන්තර පරිපාලන කටයුතු සඳහා නියෝජ්‍ය විදුහල්පති වශයෙන් නම් කරන්නම්.

ඒ වුණාට කාර්යාලයෙන් මට දීල තියෙන්නෙ විදුහල්පති ස්ථාන මාරුවක් නේ

හැබෑව! ඒක කන්තෝරුවේ මීහරකුන්ගේ වැඩක්. V වන ශ්‍රේණියේ මුල් ගුරුවරයෙකු යටතේ  I ශ්‍රේණියේ විදුහල්පති වරයෙකු රාජකාරී කරන්නේ මොන රටේ ද?”




"Reading maketh a Full man ..."

dhamma.lk.ingreesi.com © 2016 - 2020. Powered by Blogger.
කියවීම මිනිසා සම්පූර්ණ කරයි!

෴ An AnglomaniA IngreesI (රාවණ යක්ඛ) and *A Bona Fide CreatioN ෴

Auto Scroll Stop Scroll