359. Principal ග්‍රේඩ් වන් | සත්‍ය කතාවක්

“කියවීම මිනිසා සම්පූර්ණ කරයි!”
❤❤❤ ❤❤❤ ❤❤❤ ❤❤❤ ❤❤❤


‘දෙවියන් මාගෙ මුහුණ බැලුවා කාලෙකට පස්සෙ!’ යන සින්දු කෑල්ල සියුම් උරුවමකින් පිට වුණා. කටුපලගමයෝ දෙන්නම් උඹට බැටේ - ලියුම දැන් මගෙ අතේ. මනා පෞරුෂයකින් හා ගරු ගාම්භීර තාවයකින් යුතුව කට්ටගෙන් මෙහෙම ප්‍රශ්න කළා.

මහත්තයා වැඩ භාර ගන්ට ආවා. මේ අද ලියුම් බැලුවෙත් මට මාරුවක් තියෙනවද කියලා. මට මාරුවක් නැතිව කොහොමද මහත්තයට වැඩ භාර දෙන්නෙ?”

ඒක මං දන්නෙ නෑ. මට ස්ථාන මාරු ලිපිය දීල තියෙනවා.

මටත් කියන්න තියෙන්නෙ මන් දන්නෑ. මටත් ස්ථාන මාරු ලිපියක් දීල නෑ.

මං දැන් මොකද කරන්නෙ.

ඔයා මොකක් කරයි ද මං දන්නෑ. මම එහෙම ඔහොම එකක් කළා නම් ලියුම දුන්න එකාගෙ මූණත්තහඩුව කැරකෙන්ට දෙකක් ඇනල අහනවා මොකක්ද යකෝ මේ කළ බලු වැඩේ කියල.

මං එහෙනම් අධ්‍යාපන කාර්යාලයට ගිහින් අහන්නම් ...

නිකං ම අහන්ට එපා දෙකක් ඇනලම අහනවා.

කටුබෝගමයා පිට වී ගියා. වීරසිංහ ඔලුවෙ අත තියා ගත්තා.

ඇයි තමුසෙ බිරාන්ත වෙලා?මම ඔහුගෙන් ඇසුවා.

ඇයි සර්ට බයක් නැද්ද. ඔය යකා ගිහින් මොන මොනවා කියයි ද?”

කියන තරමට හොඳයි. මං නොකී දෙයක් හරි කට්ටා කියල තිබුණොත් මං ‘ඔව්’ කියනවා. ඉඳල හැදෙන්ටැයි බං. උඹට මං රහසක් කියනවා. මේකෙ කාටවත් දැන ගන්න තියන්නට එපා. ‘මේක බලපන්’ කියා මගේ තනතුරු ලිපිය දුන්නා. එය බැලූ ඔහු ‘මයි කන්ග්‍රැජුලේෂන් සර්!’ යැයි හදවතින් ම අතට අත දුන්නා.”

දිවා ආහාරය සඳහා බස් රථ නවත්තලා අඹ උයනක් මැද. අඹවත්ත අක්කර දහසක් පුරා පැතිරී ඇතැයි බැලූ බැල්මට සිතෙයි. ගමන් ගන්නා මාර්ගය ඉහළ කොටසේ ආහාර ගන්න ලෙසත් වැඩි ආහාර තැන්පත් කිරීමට පහළ කොටස ගන්නා ලෙසත් සංවිධායකගෙන් උපදෙස් ලැබුණා.

විපුලෙයි මායි සුපුරුදු පූර්ව කෘත්‍ය අවසානයේ දී ආහාර පාර්සල් ලෙහා ගත්තා. මිලිනා උඳු වඩේ දෙක බැගින් පත මත තැබුවා. අප දෙදෙනාත් කථිකා කර ගත්තේ තෙලෙන් බැදෙන වඩේවල වස විස තැනි බැවින් ලැබුණ තැනකින් වඩේ මිළදී ගත යුතු බවයි. ඒ මිලිනාගේ වඩේ හා මුසු වූ බත අප්‍රියාවකින් තොරව කා ගන්නට පිළිවන් වූ නිසා.




"Reading maketh a Full man ..."

dhamma.lk.ingreesi.com © 2016 - 2020. Powered by Blogger.
කියවීම මිනිසා සම්පූර්ණ කරයි!

෴ An AnglomaniA IngreesI (රාවණ යක්ඛ) and *A Bona Fide CreatioN ෴

Auto Scroll Stop Scroll