සඳුදා
සුපුරුදු පරිදි සේවයට වාර්තා කර රාජකාරියෙහි නියැලෙමින් සිටිය දී කටුබෝගම
ගොයියා (පි.ප.) පාසලට සේන්දු වුණේ විජයග්‍රාහී සිනාවකින් මුව සරසා ගෙන. ඔහු නො දුටුවා සේ මා යෙදීසිටි
රාකාරියේම පසු වුණා.
“ලොකු සර්” ඒ වීරසිංහගේ හඬ.
“මොකෝ වීරෙ?”
“හරි වැඩේ අන්න කටුබොගමයා වැඩ බාර ගන්න ඇවිල්ලා.”
“උපගුරුද? විදුහල්පති ද?”
“විදුහල්පති වශයෙන් ”
“මං මේ වැඩේ ඉවර කරල එන්නම් කෝ. ඔයා යන්ට”
විදුහල
තුළ තිබුණ විවිධ ආරානෝරු වලට සුදුසු පිළයම් යෙදීමෙන් පසු මා කාර්යාලයට ගියේ පැයක්
පමණ කල් ගත වුණාට පස්සෙ. හැබැයි මං කාර්යාලයට පය තබත් ම කටුබෝගමයා හුන්
අසුනෙන් නැගී සිටියා. විදුහල්පති අසුනේ හරි බරි ගැහී වාඩි වී සුහදව ඇසුවා පැමිණි කාරණය.
ඔහු අතේ තිබුණ ලිපිය මා වෙත පෑවා.
“ඔබ වහාම ක්‍රියාත්මක වන පරිදි වීරමලේ විදුහලේ විදුහල්පති තනතුරට පත්
කරමි.” එම ලිපියේ සාරාංශය එයයි. භාග්‍යයට හෝ අභාග්‍යයට
මේ අවස්ථාවේ ම විදුහලට ලැබිය යුතු ලියුම් තැපැල් කරු මේසය මත තැබුවා. කටුබොගමයාට
පිළිතුරු දෙන්නට පෙර එම ලියුම් පරීක්ෂා කිරීමේදී පළාත් අධ්‍යාපන අධ්‍යක්ෂකගේ
ලියුමක් තිබුණේ නෑ. එයින් අදහස් කෙරෙන්නේ මට ස්ථාන මාරුවක් ලබා දී නැති බවයි.
පලිගැනීමේ තීව්‍ර අවස්ථාවට අධ්‍යක්ෂක මා පත් කර ඇති බව මට වැටහුණා. මා මෙහි සේවය කළේ
කාර්ය නියුතු විදුහල්පති වශයෙන්. ඒ කියන්නේ මට විදුහල්පති ශ්‍රේණියක් නෑ. කටුබෝගමයා
යටතේ උප ගුරුවරයෙකු බවට පත් වීමයි. ක්ෂණයකින් මේ සියල්ල සිතට නැගුණා. අධ්‍යාපන ලේකම්ගේ
ලිපියක් ඔය අතර තිබුණා. එය පුද්ගලික නමට එවූවකි. රට වටේ ගොස් ආ ලියුමක් බව පෙනුණා,
වැදී තිබුණ මුද්‍රාවලින්. ඕන ඇන්නෑවක් වෙද්දෙන් කියල කැඩුව
ලියුම. ඒකෙ තිබුණේ මෙහෙම දෙයක්.
“ඔබ 1977.07.22 දින සිට ක්‍රියාත්මක වන පරිදි
ශ්‍රී ලංකා විදුහල්පති සේවයේ I ශ්‍රේණියේ විදුහල්පතිවරයෙකු වශයෙන් පත් කරණ බව
මෙයින් දන්වමි.”