ආගන්තුක
සත්කාරය යහපත් දෙයක්. නමුත් මේ නිලධරයන් විෂයෙහි එම යහපත තුළින් අයහපතක් දුටු
බැවින් ඇල්වතුර උගුරක් පමණවත් නො දීමට තීරණය කළා. තේ ටිකක්වත් දෙමු කියා වීරසිංහ
පැමිණ කන් කෙඳිරි ගෑවත් ඔහු ද පන්නා ගත්තා.
අධ්‍යක්ෂකට
ලොකු වරදක් මාට්ටු වෙලා. ඒ ගුරුවරියක වශයෙන් සර්වෝදයේ යසෝමා සේවය කිරීම.
ඇයගෙන් ප්‍රකාශයක් ගන්ටයි සූදානම. මං ළඟට ගියා. අධ්‍යක්ෂක මාගෙන් ප්‍රශ්න කළා.
“මෙයා කවුද?”
“ගැහැණියක්”
“මං අහන්නෙ මෙයා මේ පාසලට ඇති සම්බන්ධය?”
“පාසලට එයා සම්බන්ද නෑ මටයි සම්බන්ධ”
“ඒ කිවුවෙ?”
“ඒක තමයි”
“මෙයා පාසලේ මොකද කරන්නෙ?”
“ආ ... එහෙම අහන්ට එපා යැ. මෙයා, බහු බූතයන් පාලනය කරණ රටේ මීහරකුන්ගේ
පරිපාලන රටාව තුළින් 150 ක් පමණ වන සිසුවියන් ගේ කායික හා
මානසික අවශ්‍යතාවන්ට උපදෙස් ලබා දීම සඳහා ගුරුවරියක ලබා නො දීම නිසා, මාගේ
වැටුපෙන් රුපියල් දෙසීයක් ගෙවා සේවයේ යොදවා සිටින කාන්තාවක්. පැහැදිලිද? තවත් දැනගන්නට ඕනෑ ද?‘’
“එහෙම බෑ, කෙනෙකු රාජකාරියකට යොදවනවා නම් කාර්යාලයෙන් අනුමත කර ගන්ට
ඕනෑ.”
“ඇයි මගේ අහවල් එකේ රුදාවට ද? මගෙ අතින් සල්ලි
දීල සේවයේ යොදවා ගත් කෙනෙකුට එක එකාගෙන් අනුමැතිය ගන්නෙ. ඔය රාජ්‍ය පරිපාලන
රෙගුලාසිවල මේක වරදක් කියල සදහන් වෙලා තියෙනව නම් දැන් මගේ නිල වැඩ තහනම් කරන්ට
පුළුවන්නේ.”
නිළදර
කණ්ඩායම යන්ට ගියා. මානසික ආතතිය නිසා සති අන්තයට දෙදිනක් තිබිය දී මාගේ අඹුදරුවන්
බැලීමට ගම් බලා පටත් වුණා.