356. Principal ග්‍රේඩ් වන් | සත්‍ය කතාවක්

“කියවීම මිනිසා සම්පූර්ණ කරයි!”
❤❤❤ ❤❤❤ ❤❤❤ ❤❤❤ ❤❤❤


අළුතෙන්  ගෙන ගිය වැඩ පිළිවෙළ නිසා සිසු සිසුවියන් තුළ අධ්‍යාපනය කෙරෙහි දැඩි උනන්දුවක් ඇති වුණා. ඔවුන්ගේ කුලෑටි ගතිය දුරු කරන්නට බාලදක්ෂ වැඩ මුළුවක් පටන් ගත්තා. දරු දැරියනට එය නැවුම් අත් දැකීමක්. වෘක පෝතක හා බාලදක්ෂ යන දෙ අංශය ම ක්‍රියාත්මක කළා. එම විෂය පුහුණු වූවෙකුට සිටියේ මා පමණයි.

ඔන්න ඔය අතර L.T.T.E. සන්නද්ධ අරගලය තීව්‍ර වීම හොඳ අවස්ථාවක් වුණා සිසුනට තවත් ඉදිරියට යන්නට. ප්‍රදේශයේ තරුණයන්ට ආරක්ෂක හමුදා පුහුණුවක් ආරම්භකළා. මූලස්ථානය වුයේ පාසල. හමුදා නිළධරයන් විසිපස්දෙනෙකු පමණ මෙම පුහුණු කිරීම් කටයුතුවල යෙදුණා. පුහුණුව ලත් ග්‍රාමාරක්ෂක සේනාංකයට 300 ක් පමණ සිටියා. පාසලේ ළමයිනුත් යෙදෙවුවා එම පුහුණුවීම් සඳහා. විසිරයාමේ අත්සවයේ දී සිසුවියනට කරපටි පැළඳ වීම ප්‍රදේශ වාසීන්ගේ ප්‍රීතියට හේතුවක් වුණා.

ඉතා ශීඝ්‍රයෙන් සංවර්ධනය වෙමින් පවතින පාසල ගැන මෙහි සිටි ගුරුවරුන් දෙදෙනා තුළ පැවතුනේ ඊර්ෂ්‍යාවකි. ඒ ඔවුන් කරගෙන ආ ජාවාරම්වලට වැට බැදුණ නිසා. ඔවුන් දෙදෙනා කටුබෝගම විදුහල්පතිගේ අන්තේ වාසිකයෝ. මට විරුද්දව නොයෙකුත් පරුපවාද පතුරුවා හැරියා. ඒ කටුබෝගමගේ උපදෙස් පිට.

දවසක් හදිසියේ පාසලට කඩා වැදුණා අධ්‍යක්ෂ හා ම.අ.නි. වරුන් දෙදෙනෙක්. මං ඔවුන් තුට්ටුවකට මායිම් නොකර පන්තියේ ඉගැන්වීමක යෙදුණා. නියෝජ්‍ය විදුහල්පති වීරසිංහට කීවා කාර්ලයට ගිහින් අර මනුස්සයන්ට අවශ්‍යය දේවල් දෙන්ට කියලා. කාර්යාලයේ පැයක් පමණ ගත කරලා ආවා පන්ති පරීක්ෂාවට. අනුන්ගේ කරුමයට ද මන්දා උනුත් ගියේ අර මස් වැද්දන් දෙදෙනාගේ පන්තිවලට. මොහොතකින් අධ්‍යක්ෂ මා කැදෙව්වා.

කෝ විදුහල්පති තුමා මේ පන්තිවල කිසි වැඩක් කෙරිල නෑනෙ.

නෑ තමයි

ඒකට ගත්ත පියවර? ”

පියවර නේ ද? මාණ්ඩලික අධ්‍යාපන නිළධාරී කියන මනුස්සයට වාචිකව වගේම ලිඛිතව දැනුම් දීල තියෙනවා. එම ගුරුවරුන්ට ගුරු මණ්ඩල රැස්වීමේදී අවවාදාත්මක දැනුම් දීල තියෙනවා. තව පළාත් අධ්‍යක්ෂක කියන කෙනාටත් දැනුම් දුන්නා ලිඛිතව. ඊට අමතරව දේශපාලන අධිකාරියත් දැනුම්වත් කළා. තව මොනවද කරන්නට තියෙන්නෙ? කරණ දෙයක් පාලකයන් දැනගන්න ඕනෑ.”

ගහ දන්න මිනිහට කොල කඩා පෙන්වන්ට එපා කියල තියෙනවනෙ. මහලොකුවට අද ඔය පරීක්ෂණයට ආවෙ මොකක් හරි කොණක් අල්ලාගෙන මාව මෙහෙන් යවලා කටුබෝගම විදුහල්පති වශයෙන් පත් කරන්ටනේ. ඕකට පරංගියා කෝට්ටේ ගියා වගේ වංගු ගහන්ට ඕන නෑ. දැන් ලොග් ඇන්ට්‍රියක් ගහන්ට මං අසුවල් පාසලට මාරු කළා කියල. මං මේකෙ රැදෙන්නේ උපරිම වශයෙන් පැය කාලයි. සක්කු බුක්කු සයිකලේ බැඳගත්තා-ගියා.




"Reading maketh a Full man ..."

dhamma.lk.ingreesi.com © 2016 - 2020. Powered by Blogger.
කියවීම මිනිසා සම්පූර්ණ කරයි!

෴ An AnglomaniA IngreesI (රාවණ යක්ඛ) and *A Bona Fide CreatioN ෴

Auto Scroll Stop Scroll