“ඇයි එහෙම අහන්නෙ?”
“අහන්නෙ අම්මෙක් වදාපු කෙනෙක්ද නැද්ද කියල දැන ගන්ට”
“ඉන්නවා ”
“බිරිඳක් ඉන්නවා ද?”
“ඉන්නවා”
“දරුවන්?”
“තුන්දෙනෙක්”
“ඒ
මෑණියන් වහන්සෙයි මැඩමුයි ඔය දරුවන් බඩේ තියාගෙන කොච්චර දුක් විඳින්ට ඇතිද? උන්දැලාට මොන මොන සම්පත් තිබුණද කියා මං දන්නෑ. සකලෛශ්වර්යයෙන්
පරිපූර්ණ රාජ මහේෂිකාවක් වුවත් බඩේ දරුවෙකු ඉන්නකොට විඳින්නේ අප්‍රමාණ දුක් ගොඩක්.
ඒත් එක ගැහැණියෙක් වත් ඒක කියන්නෙ නෑ. ඒ දරු කැක්කුමට හැම කැක්කුමක්ම යට නිසා. මේ
මනුස්සයා අද වීරමලේ විදුහලට ගියා වැඩ බාර ගන්න. මං වැඩ භාර දුන්නා. මේ ගෑණි
කොහෙද නවත් වන්නෙ. හැතැප්ම 18 ක් වාහනයක් නො යන පාරක්.
වෛද්‍ය පහසුකම් මොනවත් නෑ. බඩදරු ගුරුවරියක් නම් ඔබතුමාගේ බිරින්දෑ ඔය වගේ තැනකට
මාරු කළොත් ගන්නා පියවර මොකක් ද?”
ස්ථාන
මාරු ලිපියේ පිටපත කියවා බැලූ අධ්‍යක්ෂ, “මේක අර යකාගෙ
වැඩක් නෙ” කියා මේසය මත සීණුව නාද කළා. ඒ ගමන් ම ස්ථාන
මාරු ලිපියේ සටහනක් බලා කිසිවක් ලියා කා.කා.ස.ට දුන්නා. “ඔන්න මං තඹුත්තේගමට
දැම්මා. ටිකක් ඉඳල ලියුම රැගෙන යන්ටැ”යි පැවසුවා.
“අධ්‍යක්ෂ තුමා හොඳයි නේ ද?” ඒ මගේ ප්‍රශ්නයකි.
“හොඳ
නරක තීරණය වෙන්නෙ යන මිනිහාගෙ හැටියට. අඩාගෙන හොටු සූර සූරා ගියොත් උන් ගණං ගන්නේ
නෑ. හැබැයි තමන් නිවැරදි වෙන්ට ඕනෙ. මේක එහෙමයැ අපේ එකාල කරන්නෙ දෙකට තුනට නැවීගෙන
අනේ සර් - හොඳයි සර් - පුළුවන් සර් - ගගා මහ එකාගෙ පය ලෙවකන එක. නීතියට රීතියට යුක්තියට ධර්මයට වැඩ කරණ අය
අනන්තවත් ඉන්නවා. එහෙම අයගෙ දෙපතුල් මත හිස තියල වැන්දත් කාරියක් නෑ.”
ගැහැණු
ළමයින්ගේ කායික හා මානසික ප්‍රශ්න වලදී උපදෙස් දෙන්නට ගුරුවරියක නැති කම ලොකු
අඩුපාඩුවක් වගේම හිරි හැරයක් වුණා. දේශපාලනඥයන්ගෙන් හෝ කාර්යාලයෙන් පිළයම් නො යෙදූ
නිසා සර්වෝදයේ කටයුතු කරමින් සිටි තරුණියක් මගේ අතින් මාසයකට රුපියල්
දෙසීයක් දීල සේවයට යොදවා ගත්තා.