04. හිතෝපදේශය | මිත්‍ර ලාභය | Hithopadesha

“කියවීම මිනිසා සම්පූර්ණ කරයි!”
❤❤❤ ❤❤❤ ❤❤❤ ❤❤❤ ❤❤❤


එපමණක් නම් මදෑ - සෙල්ලමක් එහෙම නොවෙයි. මේ සියල්ලක්ම සිදු වෙන්නේ බ්‍රහ්මයාගේ ඕනෑ එපාකම් අනුව. මේ බලන්න ඇත්ත යුත්ත:

“මෙලොව ජනිත වූවන්ට ගත කළ හැකි ආයු කාලය, උපන් තැනැත්තා විසින් කළ යුතු වැඩපල, උපයා ගන්නට හැකි ධනය, ලබා ගන්නා අධ්‍යපනයේ ප්‍රමාණය, කෙදිනක හෝ මිය යන ආකාරය කියන කරුණු සත්ත්වයා මව් කුසයක පිළිසිඳ ගැනීමත් සමඟ මහා බ්‍රහ්මයා විසින් නම නියම කළ ඒවාමයි.”

ලෝකය කියන්නේ හරි පුදුම දෙයක්. මෙන්න බලන්න උතුමන් යැයි සම්මත උදවියට මුහුණ දෙන්නට සිදුවෙන දේ.

“කොයි කා හට වුවත් යමක් සිද්ධ වෙන්ට තිබේ නම්, උසස් පහත්, උගත් නූගත්, ධනවත් දුප්පත් ආදී භේදයන්ගෙන් තොරව පඩිසන් දෙනවා. කාගෙ කාගෙත් වන්දනාවට පාත්‍ර වෙන ඊශ්වර දිව්‍ය රාජයා සිටින්නේ අමු හෙළුවෙන්. භක්තිමතුන් පෙරළි පෙරළී අර හෙළුවට වඳිනවා - පුදනවා. රනින් මැණිකෙන් කළ ආසන නැතිව ද විෂ්ණු නිදන්නේ අනන්ත නාග රාජයා මත.”

ස්වාභාවිකවම සත්ත්වයටා බලපාන සිද්ධි අනන්තයි අප්‍රමාණයි. ඒ ගැන දුක් වෙලා පසු තැවිලි වෙලා පලක් නෑ.

“පුද්ගලයෙකුට හෝ ලෝකයට යමක් නොවේ නම් නොසිදුවේ නම් කොපමණ උත්සහ කළත් නොවෙන දේ වෙන්නේ නෑ. සිදු වෙන්නට ඇති දේ මොන උපක්‍රම යෙදුවත් සිදුවෙනවාමයි. ශරීරයේ පවත්නා විෂක් නසන්නට පානය කරන බෙහෙත විෂ සහගත වූවත් එය පානය කළ යුතුමයි.”

කළ යුත්ත නිසි පරිදි නොපමාව කළ යුතුයි. අලසව සිටියොත් වැඩේ එතැනම පල් වෙයි.

“යමක් සිදුවෙන්නේත් - නොවෙන්නේත් පෙර කළ කර්ම විපාකයෙන් බව කියන්නන් කම්මැලියන් ය. කළ යුත්ත උත්සාහවන්තව කළොත් කර්මයේ බලය විනාශ වේ. තල ඇට මල්ලක් ළඟ තබාගෙන සිටියට එයින් තෙල් නොලැබේ. තලා අඹරා පැසක දමා මිරිකීමෙන් තෙල් ලැබෙන්නේ කරන ලද උත්සාහය නිස යි.”

මෙන්න බලන්න ඔය සිද්ධිය ගැන කියැවෙන හොඳ කියමනක්.

“සැප සම්පත් හඳුන්වන්නට යොදන නම ශ්‍රියා කාන්තාව යන්නයි. ඔය ශ්‍රියා කාන්තාව බැලුම් හෙළන්නේ, අත හිත දෙන්නේ උද්‍යෝගිමත් අයවලුන්ට මිස කුසීත කම්මැලියන් හට නොවේ. උත්සාහ වන්තයාගේ අටු කොටු පිරෙණ විට යහපත් ජීවිතයක් ගත කරන අයුරු දකින විට කම්මැලියන් කියන්නේ කර්මය නිසා තමන්ට අයක් ජයක් නොලැබෙන බවයි. ඔතැනින් කර්මය - දෛවය කියන බහුබූත අදහස් ඉවත ලා තමන්ගේ පූර්ණ ශක්තිය යොදවා කළ යුතු දෑ කළොත් අයත් ජයක් ලැබීය හැකියි. එසේ උත්සහ කර බලාපොරොත්තු වූ ප්‍රතිඵල නොලැබුණොත් එය උත්සාහයේ දෝෂයක් නොවෙයි.”

දෑස් යොමා රට දෙස බැලිය යුතුය. ඒ අනුසාරයෙන් නිරත වීමයි සුදුසු වන්නේ. මේ කියමන දෙස බලන්න.

“එක රෝදයකින් කිසිම රථයක් මහ මඟ ගෙන යා නොහැකියි. ස්වාභාවික ගමනකට රෝද දෙකක් - තුනක්, නැත්නම් හතරක් අවශ්‍ය ය. එමෙන්ම දෛවය නමැති හේතුවෙන් සාර්ථක ජීවිතයක් පවත්වාගෙන යා නොහැකි ය. ඒ සඳහා උත්සාහය, කල්පනාව වැනි දේවල් අත්‍යවශ්‍ය අංගයන් වෙයි.”

කර්මය! කර්මය! කර්මය! (කරුමේ!) - මොකක් ද ඔය බහු බූතය.

“දෛවය ලෙස නූගත් මෝඩ උදවිය සලකන්නේ පෙර ආත්මවල කරන ලද පවු පඩිසන් දීමක් ලෙසයි. එම මනෝ විකාර ගැන නොසිතා පුරුෂ ධෛර්යය යොදවා අප්‍රමාදව කළ යුත්ත කළහොත් ඒකාන්තයෙන් ම ජයග්‍රහණයක් ලබා ගත හැකියි. එපමණක් නොව හසුරුකුශලතා ඇත්නම් කර්මය පරාජය කළ හැකියි.”

“මැටි පිඩක් අතට ගන්නා කුඹල් කරුවා එම මැට්ටෙන් විවිධ භාණ්ඩ නිර්මාණය කරයි. මිනිසා ද ඇන්නෑ කර්මය (කරුමෙ!) තමන්ට අවශ්‍ය පරිදි යොදාගත යුතු ය.”



"Reading maketh a Full man ..."

dhamma.lk.ingreesi.com © 2016 - 2020. Powered by Blogger.
කියවීම මිනිසා සම්පූර්ණ කරයි!

෴ An AnglomaniA IngreesI (රාවණ යක්ඛ) and *A Bona Fide CreatioN ෴

Auto Scroll Stop Scroll