ලබන මිතුරන්.
සුදර්ශන රජුගේ පුතුන් මාළිගයෙහි සදළු තලයට වී දිනෙහි කළ යුතු දේ තෝරා බේරා ගැනීම සඳහා බර සාකච්ඡාවක. ඔවුන්ගේ චර්යා රටා පිරික්සා බලමින් මහෝපාධ්‍යාය විෂ්ණු ශර්මන් පඬිවරයා පියවර මැන්නේ ව්‍යාකූල තත්ත්වයක් ඇති නොවෙන පරිද්දෙනි. කුමරුවන් ඉදිරියේ හුන් ඔහු මෙසේ කීය.
“බුද්ධිමත් දරුවන් කාලය ගෙවන්නේ කවි ගී සිංදු කියමින්, එදිනෙදා ප්‍රශ්න විසඳමින්. දියුණුවට සුදුසු මං මාවත් සොයමින්, එහෙත් බුද්ධි හීනයන් කියන මෝඩයන්ගේ කල දවස ගෙවා දමන්නේ කෙනෙකුට විපතක් කර එයින් නරුම සතුටක් ලැබීමට උපාය මාර්ග සොයමින්. නැත්නම් ලෝකය පෙරැළුණත් මට මොකෝ කියා ගොරව ගොරව තුන්කුදු ගැහී නිදා ගනිමින්. එසේත් නැත්නම් ඉතා සුළු දෙයක් මුල් කරගෙන ගහ බැණ ගැනීම වන් ක්‍රියාවලීන්.”
ඒ ගැන කතා දැන් අවශ්‍ය නෑ. මේ කුමාරවරුන් සිටින්නේ කරදර බාධක වලින් තොරව නිදහසේනෙ. කාන්සියන්ටත් එක්ක කුමාරයන්ට සිනහ වෙමින් අසාගෙන ඉන්ට ඔය කපුටන් ඉබ්බන් වැනි අයගේ කෙරුවාවල් ගැන කියැවෙන කථාවක් මං කියන්නම්! හරිම ලස්සනයි. හොඳට අහගෙන ඉන්න ඕනෑ. හැබැයි මං පස්සෙ ප්‍රශ්න අහනව හොඳට මතක තියාගෙන සිට ඒවාට උත්තර දෙන්ටත් ඕන.
“ඔට්ටුයි අපි අහගෙන ඉන්නම්, ප්‍රශ්නවලට උත්තරත් දෙන්නම්, අනේ ගුරුතුමනි ඒ කථාව කියන්නට.” යැයි කුමාරවරුන් පෙරැත්ත කරන්නට පටන් ගත් කළ විෂ්ණු ශර්මන් පඬිවරයා මෙසේ ප්‍රකාශ කළා.
“මෙහෙමනේ සෑම දෙයකම ආරම්භයක් තියෙනවා. ඒ නිසා මේ කථාවටත් මුලක් තියෙනවා. ඒක ශ්ලෝකයක්. ඒකෙන් කියැවෙන්නේ ආශ්‍රයට සුදුසු මිතුරන් සොයා ගන්නා සැටි. ඔන්න ඒක මං පටන් ගන්නවා - හොඳට අහගන්ට!”