10. හිතෝපදේශය | කොටියාගේ රන් වළල්ල | Hithopadeshaya

“කියවීම මිනිසා සම්පූර්ණ කරයි!”
❤❤❤ ❤❤❤ ❤❤❤ ❤❤❤ ❤❤❤


යාග කිරීම, ඉගෙනීම, දන්දීම, සිල් රැකීම, ඇත්ත කීම, ධෛර්යවන්ත බව, ඉවසීම, මසුරු නොවීම යන අට දහම් මඟ නම් වන්නේ ය. නමුත් ඒ ගැන මෙවන් අදහසකුත් කියා තිබෙනවා.

ඉහතින් දැක් වූ කරුණු අටෙන් මුල් හතර අනුන් රැවටීම සඳහා ද යොදා ගනී. පසුව කී සිව් කරුණු මහාත්මයන් තුළ රඳා පවතී.

එම කරුණු කෙසේ කොහොම තිබුණත් තම අතෙහි ඇති රන් වළල්ල කිසිදු ආසාවක් ලෝභකමක් නැති කාහට හෝ පරිත්‍යාග කරන්නට කැමතියි. නමුත් ව්‍යාඝ්‍රයන් මිනිසුන් කනවා ය. කියන ලෝකාපවාදය කිසිසේත් බැහැර කළ නොහැකි සිද්ධාන්තයක්. එවන් සිද්ධාන්ත ඕන පදං තවත් තිබෙනවා. මෙන්න එයින් එකක්.

අනුන්ගේ පහණෙන් එළිය බලන්නාත්, ගැහැණු පිරිමි අයථා සම්බන්ධතා වලට හාද කරණ තැරැව්කාරියත්, පහත් කටයුතුවලට උපදෙස් දෙන්නියන්, හරකුන් මරණ බමුණාත් යන අය දෙන ධර්මාවවාද නොපිළිගත යුතු වේ. කියා තමයි නීති ශාස්ත්‍රයේ එන්නේ නමුත් මාත් ධර්ම ශාස්ත්‍රයන් මනා ලෙස උගත් ඒ අනුව කටයුතු කරන කෙනෙක්. අන්න ඒ නිසා මෙය අසන්න.

තමන්ගේ පණට හැම අයෙකුම ආදරෙයි. ලෝකයේ සෙසු සත්ත්වයනුත් ඔවුන්ගේ පණ, පණ මෙන් රැක ගන්නට දක්වන්නේ බලවත් ආශාවක්. ඔන්න ඒ නිසා ලොව වසන උතුමන් තමන් ගැන සිතා අන් අයගේ පණ රැක දෙන්නට ගන්නේ බලවත් වෙහෙසක්.

මෙම සිද්ධි දාමයට අදාළව තවත් කිව යුත්තක් තිබෙනවා. සමහර මනුෂ්‍යයන් තමන්ගේ ගති ස්වභාවයන් හා සසඳා අනුන් ගැන තක්සේරු කරනවා. තමන් යමෙකුට ඉල්ලු දෙයක් නොදෙයි නම් සෙස්සනුත් නොදෙන්නන් ලෙස සලකනවා. තමන් කිසිවෙකුගේ සුව දුක් ගැන නොවිමසන්නෙකු නම් අනෙකාත් ඒ ගණයට දමනවා. තමන් කැමති අකැමැති දේවල්ම අනුන්ටත් තිබිය යුතු බව සිතනවා. මේ සමාන කිරීම සුදුසු දෙයක් නොවෙයි.

ඇයි? මේ ගැන තවත් කිව හැකියි.

මෙලොව වසන උදවිය දැන උගතුන් ලෙස සලකන්නට නම්, තම මව මෙන් සිතා අනුන්ගේ අඹුවන් දෙස බැලිය යුතුයි. කැට කැබිලිති ලෙස අන්සතු වස්තුව ප්‍රතික්‍ෂේප කළ යුතුයි. තමන් ගැන සිතන්නාසේ සියළු සතුන් වෙත දයාවන්ත විය යුතුයි. අන්න එවන් හැසිරීම් රටා ඇත්තා තමා පණ්ඩිතයෙකු වෙන්නේ.

එසේ ප්‍රාණ වාක්‍ය කියමින් සිටි ව්‍යාඝ්‍රයා මගියා ඇමතුවේ අතිශය ළෙංගතුකමිනි. ආදර කරුණා දයා ගුණ මුහුණෙන් ගලා යන්නට ඉඩ හැර මෙසේ ද කීවා,

මිත්‍රයා, ඔබ ඉතා දුගී දුප්පතෙකු බව මුහුණෙන්ම පෙනෙනවා. මේ වළල්ලෙන් ප්‍රයෝජනයක් ගත හැක්කේ දුප්පතෙකුට මිස පොහොසතෙකුට නොවෙයි. අනික කැලේ ඉන්න හතර හන්දි පණ නැති නාකි වහන්දරාවකට මොන රත්තන් වළලු ද? ඒ නිසා මේක ඔබට පරිතයාගයක් වශයෙන් දෙන්ට මං මනාපයි. ඇයි එවන් අදහසක් මගේ සිත තුළ මෝදු වූයේ? මෙන්න මේ කාරණය නිසා,

නඩත්තු කළ යුත්තේ දිළින්දන් මිස පෝසතුන් නොවේ. ඊට හේතුව ධනවතුන්ට මේ වළල්ලවන් සුළු දෙයකින් ප්‍රයෝජනයක් නැති නිසා. බෙහෙතක් අවශ්‍ය වන්නේ තදබල ව්‍යාධියකින් පෙළෙන රෝගියෙකුට. ඇම්මක් ඇවිලිල්ලක් තබා අතේ පයේ රුදාවක්වත් නැත්තන්ට දිය යුත්තේ අහවල් බෙහෙතක් ද?

ඒ වගේම තමා මෙන්න මෙහෙමත් කියමනක් තිබෙනවා.

යහපත් අයගේ දෙකන් බැබළෙන්නේ හොඳ කරුණු කාරණා ඇසීමෙන් මිස කුණ්ඩලාභරණ පැළඳීමෙන් නොවේ. අතක් බබළන්නේ දන් දීමෙන් විනා වළලු දැමීමෙන් නොවේ. ශරීරයක් බබළන්නේ අනුනට උදව් උපකාර කළෝතින් විනා සඳුන් ගැල්වීමෙන් නොවේ.

තවත් අවස්ථානුරූපී වැදගත් කියමනක් මෙන්න මෙහෙමයි.



"Reading maketh a Full man ..."

dhamma.lk.ingreesi.com © 2016 - 2020. Powered by Blogger.
කියවීම මිනිසා සම්පූර්ණ කරයි!

෴ An AnglomaniA IngreesI (රාවණ යක්ඛ) and *A Bona Fide CreatioN ෴

Auto Scroll Stop Scroll