14. හිතෝපදේශය | කොටියාගේ රන් වළල්ල | Hithopadeshaya

“කියවීම මිනිසා සම්පූර්ණ කරයි!”
❤❤❤ ❤❤❤ ❤❤❤ ❤❤❤ ❤❤❤


හරී... සූදානම්ද සියල්ලන්ම...?

අපි සූදානම් නායකතුමනි!

සැරසෙන්... එලවෙන්.... යා...!

නියෝගයත් සමඟ සියළු පරෙවියෝ දැලත් රැගෙන අහසට නැගුණා හ. ඉවතට වී සිටි වැද්දා දැලත් ගෙන යන පරෙවියන් දැක හති හලමින් පසු පස පන්නන්නට විය. එසේ පන්නමින්ම මෙසේ සිතුවේ ය.

අනේ පරෙවියනේ, නුඹලා මගේ දැලත් ගෙන ඉගිලෙනවා නේ ද? කිනම් වේලාවක හරි පහළට බසින්නේ නැතෑ - උඩම ඉන්ට යැ. අන්න එවිට උඹලට වෙන්නේ මගේ කොක්කනේට බෙලි කඩාගෙන වැටෙන්ට.

ඉගිලී යන පරෙවියන් දෙස බලාගෙන ගිය වැද්දාට තවත් මොහොතක් ගත වෙද්දී ඔවුන් නොපෙනී ගියා. ඉතින් තවත් දුවලා පලක් නෑ. උන් මකබෑවුණා කියා එක් සිත් දරාගත් වැද්දා පරෙවියන්ට බැණ වදිමින් ගෙදර ගියා.

තමන් පසුපස පැන්නූ වැද්දා නවතිනු දුටු පරෙවියෝ සිය නායකයාගෙන් මෙසේ ඇසූ හ. “වැද්දා නම් නෑ - දැන් අපි මොකක් ද කළ යුත්තේ?” නායක චිත්‍රග්‍රීව ඊට පිළිතුරු දුන්නේ මෙහෙමයි.

මව - මිත්‍රයා - පියා යන තිදෙනා සැබවින්ම හිතවත් අයයි. අනෙක් සියල්ලන්ම තම තමන්ගේ ඕනෑ එපාකම් ඉටු කර ගන්නා තෙක් හිතවත්කම් දක්වන්නන් පමණයි.

මට බොහෝම හිතවත් මිත්‍රයෙකු ඉන්නවා ගණ්ඩවතී නදී තෙර චිත්‍රවනයේ. එයාගේ නම හිරණ්‍යක. හැබැයි මීයන්ගේ රජා. එයා අනිවාර්යෙන්ම මේ බැඳුම් කපා දමනවා ඇති. ඒ නිසා අප සියළු දෙනාම හිරණ්‍යක හමු වෙන්නට යා යුතුයි. කියා ඉගිලෙමින් ගොස් නැවතුණේ මී රජුගේ ගුළ අසල.

පිටතින් පැමිණෙන උවදුරු සිතූ හිරණ්‍යක මී රජා ජීවත් වුණේ දොරටු සියයකින් පරිමිත වූ ගුළකය. එක් වරකට කඩා පාත් වූ පරෙවි හමුදාව දුටු හිරණ්‍යක බිය මුසු විමසුමකට පත් විය. ඇති වූ චකිතය නිසා සිටියේ නිශ්ශබ්දව ය. කිසිදු ප්‍රතිචාරයක් තබා හඬක්වත් අසන්නට නොලැබුනෙන් පරෙවි රජා චිත්‍රග්‍රීව සිය කටහඬ අවදි කළේ ය.

“හලෝ මිත්‍රයා - මගේ යාළුවා හිරණ්‍යක මොකෝ නිස්සද්ද? ඇයි කතා නොකන්නේ?”

චිතග්‍රීවගේ කටහඩ හදුණා ගත් හිරණ්‍යක ගුළයෙන් පිටතට පැමිණියේ කඩිනමිනි. දුටු මතින්ම කෑගෑවේය.

“මගේ බුදු සන්තෝ... දෙයියන් දැක්ක වගේ. අනේ මෙහෙම වාසනාවක්. ඉතින් ඉතින් නොදක්වාම මොකදෑ අප්පේ එක පාරට ම එන්ට හිතුනේ? මිතුරෙකු සමඟ කතා කර කර ඉන්ට තියේ නම්, කරට අත දා ගෙන මුමුණන්ට තියේ නම්, වල්පල් කියමින් පිළිසඳරක යෙදෙන්ට ඇත්නම් අන්න එයා තරම් පුණ්‍යවන්තයෙක් මෙලො ව සිටිනවා දැ”යි කියමින් වටපිට බලද්දී ඔහු දුටුවේ දැලක බැඳුන පරවියන් රෑණයි. එම දර්ශනයෙන් විස්මයට පත් හිරණ්‍යක අන්ද මන්ද වෙමින් කීවේ මෙහෙමයි:

“මගේ සක්කර මුත්තේ මොකක් ද හැබෑටම මේ වෙලා තියෙන නස්පැත්තිය? මොකද මෙහෙම වෙන්ට කාරණාව?” 

“මේක ඉතින් අද වෙච්ච දෙයක් වුණාට ආරම්භය බොහොම ඈතයි. භවයේ හැසිරෙද්දී කළ කර්මයක විපාක තමා මේ.”



"Reading maketh a Full man ..."

dhamma.lk.ingreesi.com © 2016 - 2020. Powered by Blogger.
කියවීම මිනිසා සම්පූර්ණ කරයි!

෴ An AnglomaniA IngreesI (රාවණ යක්ඛ) and *A Bona Fide CreatioN ෴

Auto Scroll Stop Scroll