15. හිතෝපදේශය | කොටියාගේ රන් වළල්ල | Hithopadeshaya

“කියවීම මිනිසා සම්පූර්ණ කරයි!”
❤❤❤ ❤❤❤ ❤❤❤ ❤❤❤ ❤❤❤


යම් හෙයකින් යම් කරුණකින් යම් ආකාරයකින් යම් කාලයක යම් තැනක හොඳ හෝ නරක දෙයක් සිදුවේ නම්, ඒ නිසා ඒ හේතුවෙන් ඒ ආකාරයෙන් ඒ කාලයෙහි යමක් සිදුවේ නම් ඒ සිදුවෙන්නේ ලෝකය මවන ලද මහා බ්‍රහ්මයාගේ කැමැත්තට අනුවයි.

ඒ විතරක් නො වෙයි, මෙහෙමත් හිතන්ට ඕනෑ ලෝකයා තම තමන්ට හිතුණ හිතුණ හැටියට නොයෙක් අපරාධ කරණවා. ඒ අයට ලෙඩ දුක් හැදෙනවා, ශෝක සිත් තැවුල් ඇති වෙනවා, නොයෙකුත් බන්ධනවලට හසු වෙනවා, විපත්ති කියන ඒවා කෙළවරක් නෑ. ඉතින් ඒවා මොනවද? අර කළ අපරාධ නමැති ගසේ ගෙඩි - අපරාධයන්ගේ ඵල.

එයින් කම්පාවට පත් හිරණ්‍යක තම හඳ බැඳි මිත්‍ර චිත්‍රග්‍රීවගේ බැදුම් කපන්නට වහා ඉදිරිපත් විය. එයට චිත්‍රග්‍රීව මෙසේ හරස් විය.

“හා හා යාළුවා ඒ වැඩේ කරන්න එපා. පළමුවෙන් කළ යුත්තේ මගේ සේනාවේ බැඳුම් මුදා හැරීම. අන්තිමේට මගේ දැල් පොටවල් කපන්න.”

“ඔහෙ පලයන්, ඇයි යාළුවා මං ශක්ති සම්පන්නයෙකු නොවෙයි නේ. මගේ දත් චූටියි ඒ වගේ ම ළාමකයි. අන්න ඒ නිසා මේ ඈයන්ගේ බැමි කපන්නට මට ශක්තියක් නෑ. ඒ නිසා මගේ දත් කොපමණ වේලාවක් නොකැඩී තියේදැයි කියන්නට බැහැ. නමුත් දත් ටික කැඩෙනකල් ඔබේ බැමි කපන්නම්. ඊට පසු මොවුන්ගේත් බැඳුම් කපා දාන්නම්.”

“මගෙ හිරණ්‍යක මිත්‍රයා, ඔබ කියන දේ හරි තමා, ඔබට හැකි පමණක් මොවුන්ගේ බැඳුම් කපන්න.”

චිත්‍රෙ මගෙ මස්සිනා, ඔබට මං ගරු සැලකිළි දක්වන්නේ උගත් බුද්ධිමත් නීතී විශාරදයෙකු නිසා. නමුත් තමන්ගේ ජීවිත පරිත්‍යාගයෙන් ආශ්‍රය කරණ අයගේ ජීවිත ආරක්ෂා කරන්නට යාම ශ්‍රේෂ්ඨය කියා මොන නීති පොතේ ද සඳහන් වෙලා තියෙන්නේ? එහෙම සම්මතයක් පිළිගැනීමක් ජාත්‍යන්තර නීති ග්‍රන්ථවලත් නෑනේ. ආරක්ෂක ක්‍රමය දක්වා ඇත්තේ මෙහෙමයි:

විපත්ති වලින් වැළකීම සඳහා ධනය රැකගත යුතුයි. ධනයටත් වඩා රැක ගත යුත්තේ තමන්.

ඒ ගැන මෙහෙම කියා තිබෙනවා:

පණ-පණ ඇති අය නිසා තමා ධර්මයත්, අර්ථයත් කාමය හා මෝක්ෂයත් රැකෙන්නේ. යමෙකු ඒ පණ නසා ගන්නවා අහිමි කරගන්නවා කියන්නේ ඔහු විසින් ධර්ම අර්ථ කාම මෝක්ෂ කියන චතුර්වර්ගීය සම්පත් ම නැසුවා කියන එකයි.

මිත්‍ර හිරේ, ඔබ කියන දේ පොතට හරි. නීතියට ගැළපෙනවා. ඒත් මිත්‍රයා ආශ්‍රය කරණ නෑ හිත මිතුරන්ගෙන් දුඃඛාලාපයන් - සෝසුසුම් ඉවසන්නට මට ශක්තියක් නෑ. මෙන්න මේ හේතු නිසා.

ඥානවන්තයා වස්තුව පමණක් නොවෙයි තම ජීවිතයත් අනුන්ගේ යහපත උදෙසා පරිත්‍යාග කරණවා. සහමුලින්ම විනාශයක් සිදු වන්නේ යැයි හැඟුණ විට ජීවිතය පිදීම තමා කළ යුත්තේ.

මේ තමා ඒකට සම්බන්ධ අසමාන හේතුව:

ජාති ද්‍රව්‍ය ගුණ වශයෙන් මේ ඉන්න සියළු දෙනා ම මා හා සමානයි. මාව නායකයා ලෙස පත්කර ගෙන ඇත්තේ එම සමානයන්ට සමානව සලකාවි යන පරමාර්ථයෙන්. ඉතින් මිත්‍රයා පළමුව මා මෙම උගුලෙන් මිදුණාය කියන්නේ මගේ සහපිරිවර අත් හැරියා කියන එකයි.

මේ ඉන්න පරෙවියන් මගෙන් වැටුපක් ලබා හෝ වෙනත් දීමනා ලබමින් සිටින්නන් නොවෙයි. මගේ ඇසුරට මේ අය මනාපයි. අන්න ඒ නිසා මේ අය ජීවත් කරවන්න. මා මළක් කාරි නෑ. නැවතත් මා ඔබෙන් ඉල්ලා සිටින්නේ මිත්‍රත්වයෙනි.



"Reading maketh a Full man ..."

dhamma.lk.ingreesi.com © 2016 - 2020. Powered by Blogger.
කියවීම මිනිසා සම්පූර්ණ කරයි!

෴ An AnglomaniA IngreesI (රාවණ යක්ඛ) and *A Bona Fide CreatioN ෴

Auto Scroll Stop Scroll