17. හිතෝපදේශය | කොටියාගේ රන් වළල්ල | Hithopadeshaya

“කියවීම මිනිසා සම්පූර්ණ කරයි!”
❤❤❤ ❤❤❤ ❤❤❤ ❤❤❤ ❤❤❤


ගස් කොළංවලට වැසෙමින් හිමිදිරි උදයේ කැලය තුළ හොල්මන් කළ වැද්දා දුටුවේ ලඝුපතනක නම් කාක්කා විසිනි. ඔහු විශේෂ සමීක්‍ෂණයක යෙදී මෙම කතාවේ සියළු වංහුං මැනවින් දැක ගත්තේ ය. කතාවේ අවසානය දුටු ඔහු පුදුමයට පත්ව මෙසේ කීය.

“අනේ මී රාජ හිරණ්‍යකතුමනි, ඔබට කොපමණ ස්තූති කළත් එය ප්‍රමාණවත් නොවේ. අන්න ඒ නිසා මාත් ඔබ සමඟ මිත්‍ර වීමට පුල පුලා බලා සිටිමි. එබැවින් මා වෙත ද ඔබේ කාරුණික මිත්‍රත්වය ලබාදෙන්න.”

ලඝුපතනකගේ ඉල්ලීම ඇසූ හිරණ්‍යක මී රජු සිය ගුළ තුළම සිට මෙසේ ප්‍රශ්න කළේ ය.

“හැබෑටම ඔබ කව්ද?”

“මං ඇවිල්ලා ලඝුපතනක කියන කපුටා රජතුමනි”

මී රජාට පහළ වූ සිනහව නවතා ගනු නොහැකි විය. බොහෝ වේලාවක් පෑ සිනහවෙන් අනතුරුව කෙළින්ම මෙසේ කීවේ ය.

“හෙණ ගහපං ගණං බලාපන් කීවලු. ඈ උන්නැහේ තමුන්ලා වැනි අය සමඟ ඇති කර ගන්නා මිත්‍රත්වය අහවල් එකක්ද? ඇයි මං එසේ කියන්නේ මෙන්න මේ වගේ කරුණු කාරණා ඇති නිසා!”

ලඝුපතනක උන්නැහේ, ලෝකයේ සිරිතක් තියෙනවා යමක් තවත් එකක් සමඟ යොදන්නෙ උගතුන් විසින් ඒ දෙකේ ගැළපීමක් තියෙනවා නම් පමණයි. මං ඇවිල්ලා ඔබේ රසවත් කෑමක්. ඔබ ඇවිල්ලා ඒ රසවත් කෑම කන්නා. ඉතින් මිත්‍රත්වය පැත්තකින් තියමු. ප්‍රිය ලෙස ඔබ දෙස බලන්නටවත් බැහැ නොවැ.

අපොයි තවත් එමට තියෙනවා ඕවට ගළපා ඇති කීම්.

කෑමට සූදානම් කළ දෙය අනුව තමා කන්නාගේ සතුට වඩා වර්ධනය වන්නේ. නමුත් කන්නට ඇති දෙයයි කන්නායි අතර ඇති වෙන්නේ විරසකයක්. එය විපතකට හේතුවක්. සිවලෙකු නිසා මළපුඩුවකට අසූ වූ මුවෙකු ආරක්‍ෂා කළේ කපුටෙක්.

අනේ මට නම් ඉතින් ඒ කීම අන්දොස් පන්දොස් තේරුම් ගන්නට අපහසුයි. කීව නම් බලන්න ඒ කතාව. මී රජු කතාව කියන්නට පටන් ගත්තා.



"Reading maketh a Full man ..."

dhamma.lk.ingreesi.com © 2016 - 2020. Powered by Blogger.
කියවීම මිනිසා සම්පූර්ණ කරයි!

෴ An AnglomaniA IngreesI (රාවණ යක්ඛ) and *A Bona Fide CreatioN ෴

Auto Scroll Stop Scroll