දුර්ජනයා හරියට මදුරුවා වගේ ගති පැවතුම් ඇත්තෙක්. මදුරුවා පළමුවෙන්ම කරන්නේ ලේ බීමට සුදුස්සාගේ දෙපා (කන) මුළ කැරකීම. දුර්ජනයාත් විනය කටින්ට පෙර විනය කැටිය යුත්තා අසළ ගැවසෙනවා. මදුරුවා ඊළඟට කරන්නේ අතට අසු නොවන ලෙස පිටේ ලේ ඉරීමයි. දුර්ජනයා විනය කටයුත්ත ගැන පිටත දී දොස් පරොස් කියයි. මදුරුවා කණ වටා කැරකෙමින් නාද පවත්වයි. දුර්ජනයා කණට කොඳුරා රහස් කියයි. මදුරුවා තමන්ට විපතක් එනු දකින විට වහා සිදුරක් සොයා ඉගිලෙයි. දුර්ජනයා අඩුපාඩු සොයා දුර්වලකම් දැනගෙන විපතට හෙළනු පිනිස ක්‍රියා කරයි. මදුරුවා විෂ සතෙකි. දුර්ජනයා විෂ මිනිසෙකි. විසෙන් විස නසන්නට තළන්නටම ඕනෑ.
දුර්ජනයාගේ කට පුරාම ඇත්තේ ප්‍රිය තෙපුල් සිනහව. දිව අගින් පෙරෙන්නේ මී පැණිවන් අදහස්. ඒත් පපුව තුළ ගබඩා කරගෙන තිබෙන්නේ ඉතා දරුණු වූ හලාහල විෂ.
රාත්‍රිය ගෙවී ගියේය. පෙර ගිරෙන් හිරු නැග එමින් තිබිණි. වගා බිම අයිති ගොවියා මහා පොල්ලක් ගෙන උගුල දෙසට එන අයුරු කාක්කා දැක්කේ ය. වතු හිමියාගේ හැටි පාට දුටු කපුටා සිය මිත්‍ර මුවාට රහසින් මෙසේ කීවේ ය.
“මිත්‍රයා මගේ උපදෙස් තරයේ පිළිපැදිය යුතු යි. ගොවියා එනවා මාරයෙකු වගේ තඩි පොල්ලක් අරගෙන. මේ මර උගුලෙන් ගැලවෙන්නට තියෙන්නේ මං කියන ලෙස කටයුතු කළොත් පමණයි. දැන් ඔයා මැරිලා. මළ කඳක් සේ රඟපෑමයි කළ යුත්තේ. පුළුවන් තරම් තදේට සුළඟින් බඩ පුරවා ගන්නට ඕනෑ. අත් පා දරදඬු කරගත යුතුයි. මං ඔයාගේ ඇස් හරියට කොටනවා හොටෙන්. මං මොකක් හරි ශබ්දයක් කළ වහාම එක පාරටම පිම්මක් පැන පලා යා යුතුයි.”
මුවා ද සිය මිත්‍ර කවුඩාගේ උපදෙස් තරයේ පිළි පදිමින් මළ එකෙකුගේ ස්වරූපය අභිනයෙන් දක්වන්නට පටන් ගති. ළඟට ආ කෙත් හිමියා දුටුවේ සිය උගුලේ දැවටුණ මුවා මිය ගොස් ඇති ආකාරයයි. සිනහව සහිත සතුටු මුහුණක් ප්‍රදර්ශනය කළ කෙත් හිමියා,
“ආයෙ පොලු පාර දීල මූව මරන්ට දෙයක් නෑ. හිරවුණ හිරවිල්ල කියන්නේ ඌම මැරිලා. හිටහං කෑලිවලට හැත් ගහන්නම්” කියමින් උගුලේ ලණු බැමි කපා හරින්නට පටන් ගති. ඉතිරිව ඇත්තේ බෙල්ලට වැටුණ මළ පුඩුව ලිහාදැමීම පමණි. ඔහු ගසක බැඳ තිබුණ මළපුඩු ලණුව ලිහා දැම්මේ ය. ඒ ගමන්ම කපුටා “පැනලා පලයන්!” කියන නියෝගය නිකුත් කළේ ය. නියෝගය ලත් වහාම මුවා පිම්මෙන් දෙකෙන් අතුරුදන් විය.
කෙත් හිමියාට ඇති වූයේ බලවත් දුකකි. වේදනාවකි. රස කර කර කන්නට තිබුණ මුව මස් ද අහිමි විය. මුවා කළ රැවටිල්ල හිතට නැංවූයේ තමන් කෙරෙහිම බලවත් කෝපයකි. ගිනි ගන්නා දෑසෙන් අතේ තිබුණ පොල්ල අකුලක් දෙසට දමා ගැසිණි. අනේ අපොයි, ඊයක් සේ පියාඹා ආ පොල්ල වැදුණේ අකුලට මුවා වී සිටි නරියාගේ හිස මත හෙණ හඬක් නිකුත් කරමින්. සක්කරයෝ වෙච්ච දෙයක්.
“ඇයි මොක ද වුණේ?”
“නරියා මළා ඔළු කට්ට චප්ප වෙලා”
ඔන්න ඕකට තමා කියන්නේ මෙන්න මෙහෙම,
අප්පා බලන්ට එපායැ - රටේ උදවිය බොහෝම ඕනෑ කමෙන් පවුත් කරනවා. ඇයි ඒ වගේම පිං. ඔය කරන මොකේ වුවත් විපාක සමහර විට තුන් අවුරුද්දකින් ලබා ගන්නවා - විඳිනවා. සමහර විට තුන්මසකින්. නැත්නම් මාස එකහමාරකින්. එසේත් නැතිනම් ඇතැම් විට තුන් දිනකින්. සොච්චම් වැඩක් ද? නරියාට විපාක විඳින්නට සිදු වුණේ එක රැයකින්.
ඔන්න ඔය හේතු කාරණා දැන උගත් නිසා තමයි මං භක්‍ෂ භක්‍ෂකයෝඃ ප්‍රීතිඃ කියන තර්ක ශාස්ත්‍රහෙි එන නීති මූලය ඉදිරිපත් කළේ. මෙන්න මේකත් හොඳට අවධානයට ගත යුතුම කාරණයක්.