25. හිතෝපදේශය | කළ දේ පල දේ | Hithopadeshaya

“කියවීම මිනිසා සම්පූර්ණ කරයි!”
❤❤❤ ❤❤❤ ❤❤❤ ❤❤❤ ❤❤❤


කන එක කනවා කවුරුත්. ඔබ කන තරමටම මගේ බඩ පිරෙන්නේ නෑ. හේතුව ඔබ කන දේවල් නොවෙයි මගේ කෑම වට්ටෝරුවට අයත් වෙන්නේ. එහෙතේ ඔබ යහතින් ජීවත් වෙනවා නම් මාත් චිත්‍රග්‍රීව වගේ ඔහේ ජීවත් වෙන්නම්.

මේකට ම අදාළ තවත් කාරණයක් මෙන්න මෙහෙම අපේ දැවැන්ත නීති පොත්වන සඳහන් වෙනවා.

තිරිසන් සතුන් තුළ පවා විශේෂ ඇදහීම් අනන්තයි අප්‍රමාණයි. ඒවා ඒ අයට පමණක් සීමා වූ දේවල් නොවෙයි. මනුෂ්‍යයාටත් ඔවුන්ගේ ගති සිරිත්වලින් උගත හැකි පාඩම් බොහෝමයි. මෛත්‍රී සහගත සිතිවිලි වලින් විදහා පාන්නේ යහපත් ජීවිත ගත කිරීමෙන් මානසික නිදහස සැළසෙන බවයි. මෙන්න මේ පූර්වාදර්ශයත් ගළපා ගැනීම ඉතා වටිනවා.

යම් යම් හේතූන් නිසා සත් පුරුෂයන් වුවත් තදබල ලෙස කිපෙනවා - කෝපයෙන් දොස් පරොස් කියනවා. ඒත් සත්පුරුෂයන් කවමදාකවත් පලිගැනීමකට මුල පුරන්නේ නෑ. ඒක හරියට මහා සාගරයේ ජල කඳ හුළු අත්තක් එබුවාට රත් කරන්න නොහැකිවාක් වගෙයි.

එසේ දීර්ඝ ලෙස අවවාද අනුශාසනා වගේම දෝෂාරෝපණ කළ හිරණ්‍යක මී රජු, කපුටු වර්ගයට අයත් ලඝුපතනකට දැඩි ලෙස මෙසේ කීය.

“නුඹලා විටින් විට වෙනස් වන වර්ගයේ උදවිය. රටුන් ඔබලා හඳුන්වන්නේ චපලයන් කියලා. ඉතින් එවන් චපලයෙකු සමඟ මිත්‍රත්වයක් විශ්වාසයක් මං කොහොමැයි මනුස්සයෝ ඇති කර ගන්නේ. මෙන්න ඒවාට සාක්කි සටහන්.

බළලා - මීයා - එළුවා - කපුටා - පහත් අදහස් ඇති මිනිසා කියන අය එකට එක් වෙන්නේ බඩ ගෝස්තරය හොයා ගන්නට ඔවුනොවුනගේ සහාය තිබුණොත් පහසු වෙන නිසා. නමුත් උන් උන්ටත් විශ්වාස නැතිකොට මං කොහොම ද තමුන් විශ්වාස කරන්නේ?

ඒවා රටේ පවතින පොදු කාරණා. ඒ නිසා ඒක අත් හැරිච්චාවෙකෝ. ඒත් කාක්කන් කියන්නේ මීයන්ගේ හතුරු පක්‍ෂයේ ප්‍රධාන සෙබළුන්ට. මෙන්න මේ නීති උපදේශයේ තියෙනවා නීති මූලය පැහැදිලිව දක්වලා.

බෙහෙවින්ම කුළුපග වෙන්ටත් හැකියි. ගැළපීම් අනුවත් වරදක් නොවෙන්නට ඉඩක් තියෙනවා. නමුත් තමන්ගේ සතුරන් සමඟ මොන හේතුවකටවත් එක් වෙන්ට එපා! ඇයි ද දන්නව ද එසේ කියන්නේ? ඇවිලෙනවා ගින්නක් ගේ දොර බඩු මුට්ටු විනාශයි. ඒ ගින්න නිවන්න ඕනෑ කියා සොයනවා වතුර. තියෙනවා වතුර හැබැයි ලිපේ පැහි පැහී ඉතින් ගින්න නිවන්නට උණු වතුර දැමීම වරදක් ද?

විද්‍යා ශාස්ත්‍ර ඉගෙනීමෙන් පරිපූර්ණ වූවෙකු වෙන්නට හැකියි. උගතා නමුත් දුර්ජනයෙකු නම් ආශ්‍රයට නොගෙන දුරින්ම දුරු කළ යුතුයි. විෂ ඝෝර සර්පයාගේ බෙල්ලේ මැණික් පැළඳුවාට ඔහුගේ විෂ නැතිවෙනවා ද?

නොකළ හැකි දේවල් එමට තිබේ. කොයිතරම් වලිකෑවත් කළ නොහැකි දෙය නොකළ හැකිම ය. කළ හැකි දේවල් ද එමට ය. ඒවා කළ යුතු මයි. කරත්තයක් වතුරේ නොපාවෙයි. නැවක් ගොඩ බිම දැක්කිය නොහැකි ය.

මේ පිළිබඳව කිව යුතු දේ තවත් තිබෙනවා. අසාගන්න.

ධනයට ඇති ආසාව නිසා කවුරුන් හෝ සතුරන් කෙරෙහි හෝ තමන්ට ආදර ගෞරව නොදක්වන බිරිඳ කෙරෙහි විශ්වාසය තැබුවහොත් තැබුවාම තමා. ජීවිතයත් අවසානයි.”

හිරණ්‍යක ඉදිරිපත් කළ නීති රීති අසා සිටි ලඝුපතනක කවුඩා මෙසේ සිය අදහස් ප්‍රකාශ කළේ ය. 

“මුල සිට අගට යන තෙක් කී සියල්ලක්ම මං අහගෙනයි සිටියේ. එහෙත් මගේ අදහස් කෙස් අගක් තරම්වත් වෙනස් වුයේ නැත, මොකක් ද ඒකට හේතුව? ඔබත් සමඟ මිත්‍ර සම්බන්ධතාවක් ඇති කර ගැනීම මගේ එකම බලාපොරොත්තුව වීම නිසයි. එයට ඔබ අකමැති නම් ගත්තා මා තීරණයක්, ඒ තමා නිරාහාරව සිට ඔබ ඉදිරියේම මළවුන් අතරට යාම. මෙය සමහරුන් සත්‍යග්‍රහ කරනවා උපවාස කරනවා කියා අටවා ගන්නා මුදල් ගැරීමේ බලය තහවුරු කර ගැනීම් නින්දිත උත්සහයක්. එහෙම නොවෙයි. එහෙම නම් මෙන්න මේ නීති පදාර්ථයත් අවධානයට ගන්න.”



"Reading maketh a Full man ..."

dhamma.lk.ingreesi.com © 2016 - 2020. Powered by Blogger.
කියවීම මිනිසා සම්පූර්ණ කරයි!

෴ An AnglomaniA IngreesI (රාවණ යක්ඛ) and *A Bona Fide CreatioN ෴

Auto Scroll Stop Scroll