26. හිතෝපදේශය | කළ දේ පල දේ | Hithopadeshaya

“කියවීම මිනිසා සම්පූර්ණ කරයි!”
❤❤❤ ❤❤❤ ❤❤❤ ❤❤❤ ❤❤❤


දුර්ජනයා මැටි කළයක් වගේ ගහපු ගමන් බිඳ දමන්නට හැකියි. හැබැයි එය ප්‍රකෘති තත්ත්වයට ගැනීම සඳහා පාස්සන්නට වෙන්නේ ඉතා අමාරුවෙන් දුෂ්කරතා මැද. නමුත් රන් කළයක් බිඳීම අසීරු වැඩක්. එහෙත් පෑස්සීම ඉතා පහසුයි.

තවත් ඔය ගැන කියනවා නම් මෙහෙමත් කිව හැකියි.

සෑම ලෝහයක්ම එකට එක් කළ හැක්කේ උණු කර දියර බවට පත් කිරීමෙන්. සිවුපාවුන්ගේ සහ පක්‍ෂීන්ගේ එක් වීම සිදු වන්නේ හේතුවක් මුල් කරගෙන. මෝඩයන් එක් වන්නේ භය සහ ලෝභය නිසා. එහෙත් සුදනන් සුදනන් අතර සහ සම්බන්ධතාව ඇතිවෙන්නේ දර්ශනාත්මක හේතු කාරණා නිසා. එම ආප්තය අවධානයට ගනිමින්ම මේ ගැනත් සිතා බලන්න.

යහපත් පුද්ගලයන් පොල් ගෙඩි හා සමානයි. සෙස්සන් දෙබර ගෙඩි වගේ පිටතින් පමණි ලස්සන. පොලයක් පිටතින් ලස්සන නැතත් එහි ලෙල්ල, මුඩ්ඩ, කට්ට ඉවත් කළ පසු කිරෙන් පිරුණු පොලුත්, මිහිරි රසැති වතුරත් ලබා ගත හැකි යි.

නෙළුම් දණ්ඩක් කැඩුණත් දණ්ඩේ ඇති නූල් රේණු නොකැඩී තියෙන්නා සේ, ආදරය බිඳුණත් යහපත් අයගේ ගුණයන් නොකැඩී නොබිඳී සදාකාලිකව පවතී.

හිරණ්‍යක රජතුමණි, මෙන්න මේ ගැනත් ටිකක් හිතන්න.

පිරිසිදුකම, දීමට ඇති කැමැත්ත, සූර බව, සැප දුක් දෙකේදීම නොවෙනස්ව සිටීම, සාකච්ඡා මාර්ගයෙන් එකඟත්වයට පත් වීම, යහපත කෙරෙහි දක්වන ඇල්ම, සත්‍ය පමණක් ප්‍රකාශ කිරීම යන කරුණු මිතුරන් සතු ගුණ සමුදායයි.

ඒ කියන ලද ගුණ සම්භාරයෙන් පිරුණ එකම තැනැත්තා තමුන්නාන්සේ පමණයි. ඉතින් ඔබ වහන්සේ හැර මිත්‍රශීලීව ජීවත්වීමට තරම් අයෙකු මේ අහළපහළ නොවෙයි. ගම් හතක ඇවිද්දත් මුලිච්චි වෙයි ද? මගේ අප්පච්චි මං කියන දේ වටහා ගන්ට හොඳා.

අතොරක් නැතිව බැගෑපත් ලෙස ආයාචනා කිරීමෙන් හදවත මොළොක් වූ හිරණ්‍යක රජු වන්නක් වේවා! යි එක් සිත් දරාගෙන ගුළයෙන් පිටතට ආවේ ය. මෙසේද කීවේ ය.

ඔබ මෙතෙක් වේලා කී කථා සියල්ලක්ම අකුරක් නෑර මං අසා සිටියා. ඇත්තෙන්ම ඔබේ අදහස් අමෘතය හා සමානයි. හත් අඩි පාගන්නට තරම් තදබල සන්තෝෂයක් තමයි මට ඇති වුණේ. එහි ස්වභාවය මෙහෙමයි. පොත්වල ලියා තිබෙන්නේ.

අසන්නන්ගේ සිත් සතන් පිණවීමට බෙහෙවින්ම අවශ්‍ය වන්නේ යහපත් අය කියන වචන, පළකරණ අදහස්, දැඩි උණුසුමෙන් පෙළෙන අයගේ ගිනි නිවීමට සීතල ජලය ප්‍රමාණවත් මදි. එසේම මුතුමාලයක් පැළඳීමෙන් ද උණුසුම නැති කළ නොහැකියි. සඳුන් විලවුන් තැවරීමෙන් ද ප්‍රයෝජනයක් නැත. මානසික වශයෙන් නැංවෙන දහදිය නිවන්නට හැක්කේ යහපතුන්ගේ කරුණා දයා ගුණයන්ට පමණයි.

ඔය සිද්ධිවලට අදාල තවත් කරුණු සදඟන් වෙනවා.

මිතුරකු වනසන්නට, ඔහුගේ චරිතය කෙළසන්නට හේතුවන කරුණු ලෙස දක්වා තිබෙන්නේ, රහස් එළි කිරීම, රළු බව, එක එල්ලයක නැති සිත, සුළු දෙයටත් කිපීම, බොරු හා චාටු බස් දෙඩීම, සූදුව කියන දුෂ්ක්‍රියා. ඒ දුෂ්ක්‍රියා නැත්තා පිළිගත හැකි මිත්‍රයෙක්.



"Reading maketh a Full man ..."

dhamma.lk.ingreesi.com © 2016 - 2020. Powered by Blogger.
කියවීම මිනිසා සම්පූර්ණ කරයි!

෴ An AnglomaniA IngreesI (රාවණ යක්ඛ) and *A Bona Fide CreatioN ෴

Auto Scroll Stop Scroll