27. හිතෝපදේශය | කළ දේ පල දේ | Hithopadeshaya

“කියවීම මිනිසා සම්පූර්ණ කරයි!”
❤❤❤ ❤❤❤ ❤❤❤ ❤❤❤ ❤❤❤


ඒ දක්වන ලද කරුණු අතරට ඔබ අයත් නැති බව මගේ විශ්වාසයයි. සැබෑ මිතුරෙකුගේ ගති ලක්‍ෂණය විය යුත්තේත් නිවැරදි මාර්ගයේ ගමන් කිරීමයි. ඒ බව වඩාත් තහවුරු වෙන්නේ ඔබ සතු මේ ගති පැවතුම් නිසයි. සැබෑ මිත්‍රත්වයකට යෝග්‍ය බව තවදුරටත් තහවුරු වෙනවා. බලමු ඒ මොනවා ද කියා,

විවිධ විෂයයන් අතර දක්‍ෂතා දැක්වීම, තම දිවිය පරදුවට තබා වුවත් බොරු නොකීම, දක්වන නිරහංකාර බව, ස්ථිරසාර බව කියන ගුණාංග, කථාබහ කරන ආකාරයෙනුත්, අත්දැකීම් වලිනුත්, ඉතා හොඳින් දැනගත්තා.

පිරිසිදු සිතින් සුහදතාව දක්වන්නාගේ ගති ස්වභාවය එක් ආකාරයක්. ශටකපටිකම් සහිත සිතක් ඇත්තා දක්වන සුහද බව අන් ආකාරයක්. ඒ තත්ත්වයන් තෝරා බේරා ගන්නට අවශ්‍ය වෙන්නේ බුද්ධියයි.

දුර්ජනයන්ගේ සිතෙහි එකක්, ක්‍රියාවෙන් වෙන එකක්, කතාවට එකක්, කරන්නේ වෙන එකක්. එසේ නොවෙයි මහත්මයන්ගේ සිතුවිල්ලම ක්‍රියාවයි. වචනය සිතුවිල්ලමයි.

මෙන්න මේ හේතු සමුදායයන් අනුව ඔබේ සිතැඟි පරිදි සියල්ල සිදුවෙනු ඇතැයි කී මී රජු, කපුටාට කළ යුතු සංග්‍රහ පවත්වා ගත සිත පිණවා තමන්ගේ ගුළට පිවිසුණේ ය. කපුටාත් සිය බලාපොරොත්තු ඉටු කර ගන්නට ලැබීමෙන් අමන්දානන්දයට පත්ව තම බලකඳවුර කරා පියාසර කළේය. එතැන් පටන් මී - කවුඩු මිතුරන් දෙදෙනා ආහාර බෙදා හදා ගැනීමෙන් සුව දුක් විමසීමෙන් හිතවත් බව වඩා වර්ධනය කර ගනිමින් කාලයක් ගත කළ හ.

මෙසේ සිතමින් දිනෙක කවුඩු ලඝුපතනක - මී හිරණ්‍යක අමතා තම දුෂ්කරතාවයක් දක්වන්නට පටන් ගත්තේ දුක හිතෙනා ආකාරයට.

“මගේ මිත්‍රයා දැන් මට මෙතන ජීවත්වීම එපා වෙලයි තියෙන්නේ.”

“ආ... ඇයි අර මොකෝ?”

“වෙන දෙයක් එහෙම නොවෙයි. ආහාර පාන සොයා ගැනීම හරිම දුෂ්කරයි. මේ පැත්ත පළාතේ ඉන්න එකාලටත් හතේ හත වැදිල. අන්න ඒ නිසයි මං කල්පනා කළේ වෙන අහකට මාරු වෙන්ට!”

“ෂේ... ෂේ...., ඒක නම් එච්චර හොඳ වැඩක් නම් නොවේ. ඔය වගේ අවස්ථා ගැන අපේ නීති සංග්‍රහවල යස අගේට මෙහෙම සඳහන් කරල තියෙනවා.”

දත් - කෙස් - නිය - මිනිසුන් කියන සියල්ල තිබුණත් නැතත්, උන් තැනින් වෙනස් වන විට හරිම අවලස්සනයි. දත් වැටුණා කෙස් හැළුණා නිකමට හිතන්න රූපෙට මොක ද වෙන්නේ කියලා. ඉතින් ඥානවන්තයා කරන්නේ ඒවාට සුදුසු පිළියම් යෙදීම උන්හිටි තැන් දාල යාම නොවෙයි...

හිනයකින්වත් හිතන්ට එපා! ඕක නම් මහා මුස්පේන්තුවෙක් කියල තියෙන දෙයක්. ‘බලනවකෝ මේ කියමන’ යැයි ලඝුපතනක හරස් කපා නව නීති සංග්‍රහයේ උද්ධෘතයක් මෙසේ ඉදිරිපත් කළේ ය.

විවිධ හේතුන් නිසා දුෂ්කරතා ඇතිවෙන තැන්වල බුද්ධිමතුන් මොහොතක්වත් රඳන්නේ නෑ. සිංහයන් ඇතුන් යහපත් උදවිය. අන්න ඒ නිසයි උන්හිටි තැන් අත්හැර යන්නේ. ඒත් කාක්කන්, පහත් අදහස් ඇත්තන්. මුවන් වැනි අය වෙන දෙයක් වෙද්දෙන් කියා හුන් තැනම සිට මැරිලා යනවා.

ඔය ගැන තවත් ලක්‍ෂණ කියමනක් තියෙනවා මෙන්න මෙහෙම.

බුද්ධිමත් වූ වීරයාට තමන්ගේ රට වේවා පර දේශයක් වේවා දෙකම එකයි. තමන් වසන්නේ මොන රටේ ද දේශයේ ද කියා සෙවීමක් නොකරණ ඔහු බාහු බලයෙන් ආත්ම ශක්තියෙන් ඒ රට ම තමන් යටතට පත් කර ගන්නවා. පිටස්තර දේශයකට ඇතුළු වන සිංහයා තමන්ගේ දත් සහ නිය නිසි පරිදි යොදවා ‘තමන් උපන් ගම් බිම් ය’ කියා ඔජ වඩන ඇතා මරා ඔහුගේ ලෙයින් තමන්ගේ බලය ආසාව තහවුරු කර ගන්නවා.



"Reading maketh a Full man ..."

dhamma.lk.ingreesi.com © 2016 - 2020. Powered by Blogger.
කියවීම මිනිසා සම්පූර්ණ කරයි!

෴ An AnglomaniA IngreesI (රාවණ යක්ඛ) and *A Bona Fide CreatioN ෴

Auto Scroll Stop Scroll