33. හිතෝපදේශය | මහලු වෙළෙන්දා සමඟ තරුණ බිරිඳ | Hithopadeshaya

“කියවීම මිනිසා සම්පූර්ණ කරයි!”
❤❤❤ ❤❤❤ ❤❤❤ ❤❤❤ ❤❤❤


එසේ වීමට තුඩු දුන් හේතු රාශියක්ම තිබේ.

විවාහක ස්ත්‍රියක් සිය පියාගේ නිවසෙහි නැවතීම හෝ වැඩිපුර ගත කරන්නේ නම්, උත්සව සැණකෙළි සොය සොයා යන්නට පටන් ගත්තේ නම්, පිරිමින් සමඟ උරෙනුර ගැටෙමින් අල්ලාප සල්ලාපයේ යෙදෙන්නේ නම්, ස්ථිර තැනක් නැතිව තැන් තැන්වල වාසය කරන්නේ නම්, සැමියාගෙන් දුරස්ව පිටතැනක සිටි නම්, වෛශ්‍යා ස්ත්‍රීන් හා සම්බන්ධතා පවත්වන්නේ නම්, ස්ථිර රැකියාවක නොයෙදෙන්නේ නම්, සැමියා මහළු වයසට පත් වූවෙකු නම්, තරුණ සැමියෙකු නම් ඔහු අන් ස්ත්‍රීන් සමඟ අයුතු සම්බන්ධතා පවත්වන්නේ යැයි සිතන්නේ නම්, සැමියා විදේශගත වූයේ නම් එම කරුණු ඕනෑම ස්ත්‍රියක් පර පුරුෂයන් සොයා යාමට හේතු වෙයි.

ඒ ගැනම කියවෙන අදහස් මෙසේ ද දැක්වෙනවා.

මත් පැන් පානය, දුර්ජනයන් සමඟ ආශ්‍රය, සැමියා මිය යාම, තැන තැන ඇවිදීම, අවේලාවේ නිදීම, පිටස්තරයන්ගේ නිවෙස්හි විසීම යන කරුණු ස්ත්‍රීන්ගේ චරිතය විනාශයට හේතු වේ.

ඒ විතරක් නම් මදෑ. සුදුසු ස්ථානයක් සොයා ගත නොහැකි නම්, ඒ සඳහා යොදවන්නට කාලයකුත් නැත්නම්, බලාපොරොත්තු වන ආකාරයේ මිනිසෙකුත් නොලැබුණේ නම් පමණක් ස්ත්‍රීන්ගේ පතිවෘතාව රැකේ.

ගැහැණු කියන වර්ගයාට අප්‍රිය කරන අයෙකු නැත. එමෙන්ම ප්‍රිය කරන්නෙකු ද නැත. කැලයට වී තණ උලා කන ගවයන් අළුත් අළුත් තණ සොයා යන්නා සේ අළුත් අළුත් අයම සොයා යාම ඊට හේතුවයි. තව දුරටත් කරුණු මේ අයුරින් දැක්විය හැකියි. ගැහැණිය ගිතෙල් කළයක් හා සමාන ය. පිරිමියා දිලිසෙන ගිනිදැල්ලක් වැන්න. එම නිසා බුද්ධිමතුන් ගිතෙල් හා ගින්න එක තැනක නොතබන්නා සේ ස්ත්‍රී පුරුෂ දෙපාර්ශවය එක තැන තැබීම අනතුරුදායක ය. නීති පොත්ව සඳහන් කරුණු ගැන දිගදුරට විමසා බැලීමේ දී මව - සොයුරිය හෝ දුව සමඟ වුවත් සැඟවුණ තැන්වල එකට එක් වී නොසිටිය යුතු ය. ඉන්ද්‍රියන් හා සටන් කිරීමට උගතා ද බලවතෙකු නොවෙන බැවිනි.

කතුන්ගේ පතිවත රැකෙන්නට හේතුවක් වන්නේ ලජ්ජාව නොවේ. හිත්මුණකම ද නොවේ. අනුකූලතාවය ද නොවේ. බියසුළුකම ද නොවේ. එසේ නම් කුමක් ද? ගැහැණිය ප්‍රාර්ථනා කරන තරමේ එකෙකු ඇස නොගැටීමයි. එය මෙසේ විග්‍රහ කර ඇත. දැරියක සමයේ රැකෙන්නේ පියාගෙනි. යොවුන් වියේ දී රැකෙන්නේ සැමියාගෙනි. මහළු කල රැකෙන්නේ පුතාගෙනි. මෙන්න මේ නිසා ස්ත්‍රිය නමින් හැඳින්වෙන්නියන් තමන් කැමති සේ හැසිරෙන්නට යාම නොසුදුසු ක්‍රියාවකි.

ලීලාවතිගේ දැලේ පැටලුණ සොර සැමියා - තරුණ වෙළෙන්දා අවස්ථාවක් ලද වහාම අවුත් ඇයත් සමඟ කම්රස විඳින්නට පටන් ගත්තා. ඔහු නිවසට පැමිණෙන වග තැරැව්කාරිය මඟින් දැන ගන්නා දිනවල මොන අයුරෙකින් හෝ මහළු සැමියා නිවසින් පිටමං කිරීමට ද ඇය කටයුතු කළා. මෙය දිනක් දෙකක් නොව කාලයක් තිස්සේම පවත්වාගෙන යන්ට ඇය සමත් වුණා.

එදා සිය අනියම් පෙම්වතා සමඟ යහනේ වැතිරී සුව විඳිමින් සිටීය දී මහළු සැමියා නිවසට ආවේ නොමතකව ගිය දෙයක් ගෙන යන්ට. සැමියා නිවසට පය තබත්ම ඇය කළේ වහ වහා ඔහු ඉදිරියට ගොස් කෙස් වල්ලෙන් ඇද වෙනතකට ගෙන ගොස් ඇඟෙහි වෙළී මුහුණ සිප ගැනීමයි. ඒ අවසරයෙන් හොර සැමියා පෑල දොරෙන් පිටවී ගියා.

ඔන්න ඔය කාරණාව නීති පුස්තකවල සඳහන් කර ඇත්තේ මෙන්න මෙහෙමයි.

සිකුරු ග්‍රහයා දන්නා සියළු ශාස්ත්‍රත්, සුරගුරු දන්නා වේද විද්‍යාත්, අඩුවක් නැතිව ස්වභාවයෙන්ම ගැහැණු නුවණෙහි මැනවින් පිහිටා ඇත.

ලීලාවතියට උදව් උපකාර කළ තැරැව්කාරිය ලීලාවතී ඇගේ මහළු සැමියා සිප ගන්නා අයුරු දුටුවා ය. මේ නෑම්බ නිකරුණේ මහල්ලා සිප ගත්තේ ඇයි දැයි කල්පනා කළා ය. සොර සැමියා නිසා ලීලාවතී එසේකළ බවට වටහා ගත් තැරැව්කාරිය සිද්ධිය පිට නොයවන්නට විටින් විට තෑගි බෝග ලබා ගති.



"Reading maketh a Full man ..."

dhamma.lk.ingreesi.com © 2016 - 2020. Powered by Blogger.
කියවීම මිනිසා සම්පූර්ණ කරයි!

෴ An AnglomaniA IngreesI (රාවණ යක්ඛ) and *A Bona Fide CreatioN ෴

Auto Scroll Stop Scroll