“අඬා දොඩා වැළපිලා සමාව අයැදිලා අසපුවේ ම ඉන්නට තිබුණා. ඒක ඇවිල්ලා මහ බාල්දු වැඩක් ඇයි එහෙම කියන්නට හේතු ව? මේකයි කාරණය!”
දිළින්දාගේ දිළිඳුකම අවඥාවට ලක් කළ යුත්තක නෙවේ. ඔහු මිය ගිය පසු ගින්න බොහොම කැමැත්තෙන් දිළිඳු සිරුර බාර ගන්නවා. නමුත් ගරු බුහුමන්වලින් පිරිහී තත්ත්වයෙන් පහත වැටණ දුප්පතා කවරෙකුවත් මායිම් කිරීමක් නෑ. එපමණක් ද, නැත; තවත් එමට කියන්නට කරුණු රැසක් ඇත.
දිළිඳුකම නිසා සෑම තැනක දීම සිදු වෙන්නේ ලජ්ජාවට පත් වෙන්ට. එම ලැජ්ජාව නිසා තේජස නැතිව යයි. තෙද නැත්නම් හෙළා දැක්මට ලක් වෙයි. හෙළා දැකුණොත් ගැරහුමට පත් වේ. ගැරහුමෙන් දුකට පැමිණේ. දුකෙන් ඇතිවන්නේ සිත් තැවුලයි. සිත් තැවුලෙන් කල්පනාව හීන වේ. කල්පනාව නැත්නම් පිරිහේ. ඔන්න ඔය කාරණා නිසා දිළිඳුකම කියන්නේ සියළු විපත්වලට මුල බවි.
වල්පල් නොදොඩා නිශ්ශබ්දව සිටිම යහපත් ක්‍රියාවකි. බොරු නොවන ඇත්ත පමණක් කීම යහපතට හේතුවකි. පිරිමියෙකු නම් නපුංසකයෙකු වීම ද හොඳ දෙයකි. අනුන්ගේ අඹුවන්ගෙන් සතුටු වීම අකටයුත්තකි. අවශ්‍ය තැනක දී දිවි පිදීම උතුම් ගුණයකි. කේළාම් කීම නරක පුරුද්දකි. සිඟා කා ජීවත් වීම මැනවි. එහෙත් අන්සතු ධන පැහැර ගැනීඹ නොකටයුත්තකි.
ගවගාල හිස්වීම හොඳයි. එහෙත් කුළු ගොණෙකු නොසිටීම මැනවි. වෙසඟනක් බිරියට ගැනීම යහපත් ක්‍රියාවකි. නමුත් වේසාකමේ යන කුලකත අපරාධකාරියකි. කැලෑවක විසීම ගුණදායකය. අවිචාරවත් පාලකයෙකු සිටින නගරයක ජීවත්වීම යහපත් නොවේ. දිවි නසා ගැනීම උතුම් වේ. අධමයන් හා එක් වීම සැනසුමට හානියකි. කරන සේවාවේ හැටියටයි උඬගුකම ඇති වෙන්නේ, අඳුර නැසෙන්නේ සඳ රැසින්, රුව ලස්සන මහළුකමින් අවසන් වේ. මායන් දුරු වෙන්නේ විෂ්ණු - ඊෂ්වර දෙදෙනාගෙන්, ගුණයන් සියයක් තිබුණත් ඒවා දිළිඳුකමෙන් යටපත් වේ.
ඔන්න ඔය ආකාරයට කරණු කාරණා විමසා මට ම ප්‍රශ්න කරගත්තා කුමට ද මං අනුන්ගේ ආහාරයකින් යැපෙන්නේ කියා. එසේ යැපීම දුක් සහගත ක්‍රියාවක්. දෙවැනි මරණයට දොරක් හා සමානයි එසේ අතපෑම කියා සිතා ගත්තා. තවදුරටත් ඊට හේතු මෙහෙමයි. මගේ සිත තුළ හොල්මං කළේ.
නිසි පරිදි ශිල්ප ශාස්ත්‍ර නොහදාරා මං උගතෙකැයි කියා ලෝකයා රැවටීමත්, මුදල් ගෙවා ගණිකාවන් වෙත යාමත්, අනුන්ගෙන් ලැබෙන ආහරයෙන් ජීවත් වීමත්, පුද්ගලයන් විහිළුවට ලක් කෙරෙණ ක්‍රියාවන් වැනි නීති කාරණා.
අසාධ්‍ය ලෙඩ රෝගවලින් පෙළෙන්නා, විදේශගතව බොහෝ කලක් සිටින්නා, අනුන්ගේ ආහාරයෙන් යැපෙන්නා, වෙනෙකෙකුගේ ගෙහි වසන්නා මං දැන් ජීවත් වෙනවා යැයි කීම ඇත්තෙන්ම මරනයට පත් වීමකි. එබන්දා මිය ගියේ යැයි කියන්නේ ජීවිතයෙන් විශ්‍රාම ගැනීමකි.
ඔවැනි සිද්ධි සිද්දාන්ත (සිද්ධාන්ත) නීති හා නීති පූර්වාදර්ශ සියල්ලක් ම දැන උගත්ව සිටියත්, ලොල්කම නිසා සහ බඩජාරි පෙරේත ගතිය ඉහවහා යන්නෙන් ගත සිත ධෛර්යයමත් කරගත් මං නැවතත් පෙර පරිදිම පාත්‍රය හූරා කන්නට තීරණය කළා.
අන්න ඒ තත්ත්වය විග්‍රහ කර ඇත්තේ මෙන්න මේ ආකාරයටම තමා අපේ උපදේශන මංජුසාවල.
ලෝභය ආසාව කියන කැමැත්ත ඉහළ යන්ට යන්ට ස්වභාවික හෝ ශාස්ත්‍ර පරිශීලනයෙන් වඩා වර්ධනය කරගත් බුද්ධිය, හොඳ - නරක දෙක තෝරා බේරා ගත නොහැකිව උන්චිල්ලාවක් (ඔන්චිල්ලාවක්) මෙන් දෙපසට වැනේ. ඔය ලෝභය නිසා තද ඇල්මක් හට ගනී. ඒ දැඩි ඇල්ම - ආසාව නිසා මිනිසා මෙලොව පරලොව දෙකේ දී ම දුකට පත් වෙයි.