36. හිතෝපදේශය | මහලු වෙළෙන්දා සමඟ තරුණ බිරිඳ | Hithopadeshaya

“කියවීම මිනිසා සම්පූර්ණ කරයි!”
❤❤❤ ❤❤❤ ❤❤❤ ❤❤❤ ❤❤❤


ඉතින් මාත් හෙමි හෙමින් කැවුම් වර්ග තියෙන පාත්‍රයට ළං වෙන්නට පටන්ගත්තා. ඔය වීණාකර්ණ දිරූ උණ ලී පඳුරකින් තඩි තහනව පොළොවට. ඔන්න ඒ වංගියේ මෙහෙම සිතුවා.

අපොයි කොච්චර ලැබුණත් ධනාසා ඇත්තාගේ හිත පිරෙන්නේ නෑ. කවදාත් හිතේ සතුටක් ඇති කෙරෙන්නේ නෑ. නිතරම හිත සැලෙන ගමන්. ඉන්ද්‍රියයන් පවා කීකරු කර ගන්ට බැහැ. ඔන්න ඔය ආකාරයට කවරෙකුගේ වුවත් සිත සතුටු නොවේ නම්, හැමදාම ලැබෙන්නේ විපත් කරදර හිංසා පීඩා ආදිය පමණයි.

ඔය සිද්ධි සමුදාය සමඟම යන තවත් අංගයක් තිබෙනවා මෙන්න මෙහෙම.

ලද දෙයින් සතුටට පත් වෙන සිතක් ඇත්තා කැමති කැමති සම්පත් නොඅඩුව ලබා ගන්නා අයෙකි. සමින් සාදන ලද පාවහන් දෙපයේ පළඳින්නාට, මුළු පොළෝ තලයට හම් ඇතුරුවාක් වැන්නැයි සිතීම බලවත් මුළාවක්.

තවත් ගලාගෙන එනවා අදහස් අනන්ත අප්‍රමාණව.

සන්තෝෂනය නමැති අමෘතයෙන් බරවූ සන්සුන් සිත් ඇත්තන්ට ලැබෙන අප්‍රමාණ සම්පත් එහෙ මෙහෙ පැන දුවන අවිවේකී ධනපතියන්ට කවදා ලැබේ ද? කවරෙකු හෝ සිතෙහි නළියන සකලවිධ ආසාවන් ඉවත දමා සැබෑ මිනිසෙකුගේ තත්ත්වයට පත් වේ ද? ඊට හේතුව නීතිය මනා ලෙස හැදෑරීමයි. අර්ථ ශාස්ත්‍රය උද්ග්‍රහණය කර තිබීමයි. අන්න ඒ හේතු කාරණා නිසා ඔහු සකලවිධ අවශ්‍යතාවයන් නොඅඩුව රැස් කර තබා ගත් අයෙකු ලෙස සැලකිය හැකි වෙයි. රටේ සුපතළ මහා ධනවතුන් සිටිනවා. නමුත් ගේ දොර ලෙඩ රෝග ඇතුළු අනේත්‍යුපකාර ප්‍රශ්න එමටයි. එසේ නැතිව වියෝදුකක්, අඩුපාඩුවක් නොපෙන්වා ජීවත් වේ නම් එබන්දන් වාසනාවන්තයන්. එසේ ඇති කියන්නේ මෙන්න මේ නිසා:

ආසාවෙන් ඕනකමින් කැමැත්තෙන් යමක් කර තබා ගෙන යන්නාට යොදුන් සියයක් වුවත් දුරක් නොවේ. ආසා තණ්හා නැති අය අතට පත් වෙන ධනය ගැන වුවත් එතරම් සැලකිල්ලක් නොදක්වන්නේ එබැවිනි. අන්න ඔය හේතූන් නිසා තැනට සුදුසු සේ හැසිරෙන්නට ක්‍රියා කරන්නට වග බලා ගැනීමයි කාගේත් යුතුකම.

ඒ ගැන අපේ පොත්වල කියා තිබෙන්නේ මෙහෙමයි.

ලෝකය තුළ පවත්නා ප්‍රධානතම ධර්මය කුමක් ද? සත්ත්වයන් වෙත පතළ මහා කරුණාවයි. සැප ලෙස හඳුන්වන්නේ කුමක් ද? සකල සත්ත්වයන්ගේ නීරෝගී බවයි. ආදරය ලෙස පිළිගන්නේ කුමක් ද? සත්පුරුෂ බාවයයි. උගත්කම කියන්නේ? කළ යුත්ත නොකළ යුත්ත වෙන් වෙන්ව හඳුනාගැනීමයි. එසේම අවදානයට ගත යුතු කරුණු තමා මේ:

නොයෙක් විට විවිධ ආකාරයේ විපත් වලට මුහුණ දෙන්නට සිදු වෙනවා. ඒ විපත් ඇති වුණේ මොන හේතුවෙන් ද කියා පිරිසිඳ දැන ගන්න පුද්ගලයා තමා බුද්ධිමතා. එය මනාව වටහා ගන්නට නොහැකි පුද්ගලයන්ට තබන පියවරක් පාසාම ඇති වෙන්නේ දුකම තමා. යමෙකු නිසා පවුලක් අවුල් වෙනවා නම්, ඊට තම පවුලේ අයෙකු වග විය යුතු නම් ඔහු අත්හැර දැමිය යුතුය. කිසියම් පවුලක් නිසා ගමට වින්නැහියක් සිදුවේ නම් ඒ පවුල ඉවත් කළ යුතු ය. ජනපදයකට ගමක් නිසා අනර්ථයක් සිදුවේ නම්, ඒ ගම ඉවත් කළ යුතුය. තමන්ගේ ජීවිතය ආරක්‍ෂා කර ගන්ට අවශ්‍ය නම්, පොළොවම අත් හළ යුතුය.

මේ ගැන කිවයුතු තවත් කාරණාවක් මෙන්න මෙහෙමයි.

පහසුවෙන් ලබාගත හැකි වතුර, ආහාර ලබා ගත යුත්තේ බාධක හිරිහැර මැද, මේ දෙකෙන් වඩාත්ම ප්‍රයෝජනවත් වන්නේ කුමක්දැයි මනාව සිතා බලා එකක් අත්හළ යුතුය. එවිට නිසි සුවය ලබාගනු පිළිවන.

ඔන්න ඔය කරුණු ගැන දීර්ඝ වශයෙන් හිතා බලා මිනිස් පුළුටක්වත් ඇස නොගැසෙන මේ මහා ඝන වනාන්තරයට ආවා. ඇයි එහෙම කළේ? මෙන්න ඊට හේතුව:



"Reading maketh a Full man ..."

dhamma.lk.ingreesi.com © 2016 - 2020. Powered by Blogger.
කියවීම මිනිසා සම්පූර්ණ කරයි!

෴ An AnglomaniA IngreesI (රාවණ යක්ඛ) and *A Bona Fide CreatioN ෴

Auto Scroll Stop Scroll