43. හිතෝපදේශය | අනංගයා ඉහට ගහලා | Hithopadeshaya

“කියවීම මිනිසා සම්පූර්ණ කරයි!”
❤❤❤ ❤❤❤ ❤❤❤ ❤❤❤ ❤❤❤

අනංගයා ඉහට ගහලා.

කන්‍යාකුබ්ජ දේශයෙහි පාලන බලය හොබවමින් සිටියේ වීරසේන නම් රජෙකි. ඔහු සිය රාජ්‍ය පාලනයෙහි පහසුව උදෙසා වීරපුර ප්‍රදේශයේ කටයුතු සොයා බලා නිසි සංවර්ධන කටයුතු විධිමත්ව පවත්වා ගෙන යනු පිණිස තුංගබල නමින් හැඳින්වුණ රාජ කුමරෙකු පත් කළේ ය. අප්පා තුංගබලත් බලය වගේම මහා ධනවන්තයා. ඒ විතරක්යැ තරුණ මදයෙන් කැළඹිලා.

ඔන්න ඔය හාදයා තමන්ගේ බලප්‍රදේශයෙහි ඕනෑ එපාකම්, සංවර්ධන කටයුතු වගේ දෑ නිරීක්‍ෂණය කරමින් ගමින් ගමට යද්දී ඇස ගැටුණේ කාන්තාවක්. කාන්තාවක් කිව්වට මදි, පෙරාපු රත්තරන් කඳක්. බලන්නට එපායැ තියෙන දාංගලේ! තබන පියවරක් පාසමා ඇඟපත නළියනවා. රූපටෙම හරියන්ට නමත් - ලාවණ්‍යවතී. නම ලාවණ්‍ය වුවාට ගැටිස්සියක එහෙම නොවෙයි. වෙළෙන්දෙකුගේ බිරිඳක්.

ලාවණ්‍යවතී දුටු ගමන්ම ඇවිලුණා රාග ගින්න පපුකැවුතු දාගෙනම යන්න. ඇඳි පුටුවේ දිගා වී කල්පනා කළා පුරා දවස්ම - නොකා-නොබී. ඉහ මොළ දාගෙන යන ගින්න ඉවසා දරා ගත නොහුණ තුංගබල තමන්ට හිතවත් කාන්තාවක් තානාපති සේවාවේ යොදන්නට තීරණය කළා. ඇයි ඔහු එසේ කළේ මෙන්න මේ නිසා.

දුන්නක් සේ නැවී ගිය ඇස් බැමි ඇත. ඊට සරිලන ඇස්පිය ඇති ලාවණ්‍යවතීගේ ඊතල වන් නෙත් සර පහර පුරුෂ ප්‍රාණියෙකුග් හදවත පසාරු කරගෙන යන තෙක් නොවැදුණොත් එතෙක් පිරිමියා යහපත් මගෙහි ගමන් කරනු ඇති. එතෙක් ඉන්ද්‍රියයන් දමනය කරගන්නට සමත් වෙයි. ලජ්ජාව පවතින්නේත් ඒ මොහොත දක්වා පමණ ය. හික්මීම ද එම මොහොත උදා වෙන තෙක් රැකෙනු ඇත.

තුංගබල දුටු මොහොතේ පටන් ලාවණ්‍යවතියගේ හදවත ද මහා කුනාටුවකට හසු වූ පරිද්දෙන් කැළඹෙන්නට පටන් ගති. මල්සර දුන්නෙන් නික්මුණ ඊ පහර හදවත පසාරු කරගෙන යන්නට සමත් විය. ඔහු නැවත කිනම් මොහොතක දැක ගන්නේ ද කියා දෙනෙත් හතර වටේ කැරකුණේ බමරයක් මෙනි. ඒ ස්වභාවය පඬුවන් විසින් හෙළි කරනු ලැබ ඇත්තේ මෙසේ ය. 

තමන් නිවැරදි වෙන්නට සිතා මතා බොරු කීම, අවශ්‍යතාවයන් ඉටු කර ගැනීඹ සඳහා ඕනෑම නපුරු ක්‍රියාවකට පෙළඹීම, විවිධ මායම් පා සැමියා රැවටීම, තමන්ට වඩා ඉහළ යාවි යන සැකයෙන් අනුනට කිසිවක් නොදීම, මසුරුකම් කිරීම, ඊර්ෂ්‍යාව, සැට සතර (හැට හතර) මායම්, ආශා-ඉච්ඡාවන් හා හැඟීම් සැඟවීම, වෙනත් පිරිමින් ආශ්‍රය කරන්නට ඇති ලෝලය, ගුණවන්තකම් නොසැලකීම හා අපිරිසිදු බව යන මේවා ස්ත්‍රීන් කෙරෙහි පිහිටා ඇති අනිවාර්ය ලක්‍ෂණ වේ.

තුංගබල විසින් යවන ලද දූතිකාව ලාවණ්‍යවතී හමුව තම වෙළඳ පුත්‍රයගේ මානසික ආබාධය ගැන අතින්ද කරුණු දමා දීර්ඝ විස්තරයක් කළා ය. එය සාවධානව අසා සිටි ලාවණ්‍යවතිය තම හද තුළ කැකෑරෙන ආසාව හා ප්‍රාර්ථනය සඟවා ගෙන මෙසේ කීවාය.

“මටත් හිතට දුකයි අනේ! එයා ඒ තරමටම මාව ගැන හිතන එකට. පවු අසරණයා. මොකද කරන්නේ මං දිවිහිමියෙන් පතිවෘතා ධර්මය ආරක්‍ෂා කරන කෙනෙකුනේ. තමනගේ ස්වාමි පුරුෂයා හැර වෙනත් කෙනෙකුට තුරුළු වෙන්නේ මොන හිතකින් ද? ඒක මහා සහගහන අපරාධයක්නේ! අනේ රත්තරන් තරහ වෙන්නට එපා කියන්න. ඔයා වැඩේට නම් මට කොහොමවත් එකඟවෙන්න බෑ. ඔයාම මෙන්න මේ කියමන් ගැනත් හිතලා බලන්ටකෝ.”

කොහොම නමුත් කාගේ වුවත් බිරිඳක් ගේ දොර කටයුතු නිසි පිලිවෙලකට තබාගෙන සිටිනවා නම්, අන්න එයා කළමණාකරණයෙහි දක්‍ෂ බිරිඳක්. ඒ වගේම බිරිඳක් යහපත් දූ දරුවන්ගේ මවක වුවහොත් එයා මාතෘ භාර්යාවක්; සිය සැමියාට ආදරය ගෞරවය දක්වා ළෙන්ගතුව හැසිරෙන්නී ස්වාමි භාර්යාවක වෙයි. යම් බිරියක් පතිවෘතා ධර්මයෙහි හැසිරෙන්නේ නම් යැයි ශ්‍රේෂ්ඨතර වන්නීය.

ඒකෙම අනිත් පිටත් කල්පනා කළ යුතුයි.

තම බිරිඳගේ ගති පැවතුම් අනුව සැමියෙකු විසින් ඇය ප්‍රතික්‍ෂේප කෙරේ නම්, ඇය බිරිඳක ලෙස ගරු සරු නොලබයි. එවන් බිරියකගේ සැමියා වෙනත් අඟනුන් හා හාදකම් පවත්වන්නේ නම් එයට දෙවියෝ ද සතුටු වෙති.



"Reading maketh a Full man ..."

dhamma.lk.ingreesi.com © 2016 - 2020. Powered by Blogger.
කියවීම මිනිසා සම්පූර්ණ කරයි!

෴ An AnglomaniA IngreesI (රාවණ යක්ඛ) and *A Bona Fide CreatioN ෴

Auto Scroll Stop Scroll