දැන් මම ඉන්නේ වයස අග්ගිස්සේ. උන්නත් දාහයි මළත් දාහයි. මොකට ද එක
එකාට යටත් වෙන්නේ – හිස නමන්නේ.
ඔන්න ඔය නීති වාක්‍ය අවධානයට ගත් හාවා; සිංහයා ළඟට නො ගිහින්
හිටියොත් අපේ එකාලගෙන් මැරුම් කන්නට වෙනවා. අරූ ළඟට ගියොත් මරණය උගෙන්. කෝකෙනුත්
සිදු වෙන්නෙ ම මරණය. ඉතින් ලැබෙන මරණය මොකට ද මම ඉක්මන් කරගන්නේ–පණ කඩාගෙන දාඩිය
දාගෙන වෙහෙස මහන්සියෙන් ගිහින්. ඔන්න ඔහෙ යනවා ගාට ගාටයි සිතූ හවා. පුරුදු පිම්ම
අත්හැර හැල්මේ සිංහයා වෙත පා නැඟුවා. ආහාරය එන්නේ කාල වෙලා ඉකුත් වීමෙන් නිසා
කෝපයට පත් සිංහයා අඩි හප්පා බෙරිහන් දුන්නා පැත්ත ම කම්පා කරවමින්.
“ඈ බොල පාහරයෝ, අවලමෝ ආහාර අඩුක්කුව කුමක් සඳහා කලින් එන්නට ඕන එකේ
මොකෝ මෙච්චර පරක්කු උණේ?”
“බය බෝයි දේවයන් වහන්ස! පාණු පැයේ තමා මං ආවේ දේවෝත්තමයාගේ භෝජනයට.
අල්ලගත්තා නො වැ වෙනත් සිංහයකු අතර මඟදී. දන්නා පිමි පැන්නා ඒ අසමජ්ජාතියාගෙන්
බේරෙන්ඩ. කොහෙ ද? ඒ පෝරිසාදයාගෙන් ගැළවීමක්. ඌ මගෙන් ඇහුවා මෙහෙම:
“ඈ බොල පාහරයෝ, මගෙන් බේරිලා තෝ කොහෙ ද යන්නෙ මේ කඩි මුඩියේ?”
“තමුන්නාන්සෙට පිස්සු ද? ඇයි
දන්නෙ ම නැද්ද මේ වනාන්තරයට අධිපති අපේ සිංහරාජ රාජෝත්තමයා ගැන. උන්නාන්සේගෙ රාජ භෝජනයට
මං තමා නිල කරලා තියෙන්නේ. මට යන්න දෙනවා හොඳයි අපේ දේවයන් වහන්සේගේ රාජ් භෝජනයට
පත්වෙලා හනික දිව්‍ය ලෝකෙට යන්නැ’’යි කීවා. ඒකට ඌ කියනවා:
“‘ඈ බොල මෝඩ තකතීරුවා, තෝ දන්නෙ ම නැද්ද මට වඩා කෙරුමෙකු අහළ හත්
ගව්වක නැති බව. පළ ගිහින් ඔය කියන බලු සිංහයට එන්න කියාපිය ඒකව තැරි ගහලා දමන්ට.’
කියා මාව පන්නා ගත්තා. ඒ හැර මගෙන් කිසි ආරෝවක් වුණේ නෑ.” යි වැඳ වැටෙමින් හාවා
කීවා.
හාවාගේ කතාවෙන් කෝපයට පත් සිංහයා ගර්ජනය කරමින් මෙසේ නියෝග කළා:
“මොකක් කීවා බොල, මගේ රාජධානියේ තවත් එකෙකු රජකම් කරනවා?” යම ඒකාව මට
පෙන්නපිය ඒකව පතුරු ගසා දාන්න. පෙන්නපිය ඉන්න තැන. ඉස්සර වෙය!” කියා සිංහයා ගියා
හාවා සමග කැලය මැදට.
‘කෝ ඔය පාහරයා – කොතන ද හිටියේ?’ වගේ ප්‍රශ්න නගමින් තමා සිංහයා එදිරිවාදියා සොයන්නට ගියෙ. අද මුට යස පාඩමක් උගන්වන්නම් කියා හිතා ගෙන යද්දී දැක්කා පරණ ළිඳක්. ඇතුළේ වතුර. හාවා සිංහයා සොයන මුවාවෙන් ළිඳට එබිකම් කළා. දැක්කා තමන්ගේ මුහුණ. ‘වැඩේ හරි කියා’ සතුටට පත් හාවා සෙමින් සෙමින් සිංහයා වෙත අවුත් මෙසේ කීවා: