99. හිතෝපදේශය | 02 | බඩු ම තමා ගුහාවේ

“කියවීම මිනිසා සම්පූර්ණ කරයි!”
❤❤❤ ❤❤❤ ❤❤❤ ❤❤❤ ❤❤❤

“ඉතින් මං රජා, මගේ ආණ්ඩුව - මං මට ඕනෑ විදිහට ඒවා කරන්නේ. තොපිට අල්ලන්නේ අහවල් රුදාවක් ද?”

“ඒක මෙහෙමයි උතුමාණෙනි! ඔය විදිහට සතුන් සිව්පාවුන් වැනසුණොත් රාජ භෝජනය සිවුපාවන් ගේන්න වෙන්නේ පිට දේශයකින්. ආහාර අඩුක්කුව නැතුව ගියොත් ඔය ශ්‍රී ශරීරය හාමත් වේවි. රාජ පයිණ්ඩය උසුලන්නට නො හැකි වේවි. එකෙන් මේකන් අප ම නෙ අසරණ වෙන්නෙ – පාලකයකු නැතුව යන්නේ මේ අහිංසක අපට ම තමා.”

සිංහයා කල්පනා කළා. හැබෑ ම නේන්නං මුං කියන දේ. වහක් පිහක් නැතිව කරන දඩයම වැරදි තමා. ඒක නො අඟවා අහනව මෙහෙමයි කියා කළා ප්‍රශ්න.

“කියමු බලන්න ඒකට මට දෙන උපදේශය!”

“රාජ්‍ය සේවා කොමිසමේ උත්තරීතර බුද්ධි මණ්ඩලය රැස් වෙලා ඒකමතිකව තීරණය කළා දේවයන් වහන්සේගේ රාජ භෝජනය සඳහා දවසකට එකා බැගින් සතෙකු එවීමට!”

කැලෑ කොලෑවේ ඇවිදලා අතපය කඩාගෙන පස්සේ පන්නලා දඩයමක් කර ගන්නවාට වඩා කටටම එකෙකු ඒම කොච්චර එකක් දැයි සිතූ සිංහයා ඒ බවක් නාඟවා සැර පරුෂ ලෙස දුන්නා නියෝගය:

“ඒක ඉතිං තොපේ තීරණය ඒක නම්; පාලකයා වැසියාගේ ඉල්ලීම් වලටත් ඇහුම්කන් දෙන්න එපායැ. ඒත් වැඩේ වණ කර ගන්න එපා පොරොන්දු කඩ කරලා. දවසකට හරියන තරමේ එකෙකුයි එවිය යුතු ම යි!”

“එසේය දේවයන් වහන්ස! තමුන්නාන්සේගේ අඹු දරුවන්පල් මේ පොරොන්දුව කිසිලෙසකින්වත් කඩ කරන්නේ නැහැ. තමුන්නාන්සේ තමා අපේ එක ම ගැලවුම්කාර දෙවියා.” යි කියමින් කොමිසමේ සාමාජිකයන් වන්දනාමාන ආදිය පවත්වා පිටව ගියා.

රාජ භෝජනය සඳහා දිනකට එකා බැගින් පැමිණීම දිගට ම කෙරිණි. සිංහයා ද එයින් තෘප්තියට පත් විය. එසේ කලක් ගත විණි. එදා වාරය හිමිවූයේ වයස්ගත හාවෙකුට. ඔහු තම ඉරණම ගැන දිගින් දිගට ම සිතුවේය. තමන් කියවා තිබුණ නීති පොත් සටහනක් ඔහුගේ මනසට වැදිණි.

ජීවත් වෙන්නට කවුරුත් කැමතියි. ඒ සඳහා ම යි කවුරුත් වෙහෙසෙන්නේ. මේ ජීවත්වීමට ඇති ආශාව නිසා – මරණයට ඇති බිය නිසා ම බල පුළුවන් කාරයන්ගෙ ඕනෑම අකටයුත්තකට බොහෝ දෙනා අවනත වෙනවා. 



"Reading maketh a Full man ..."

dhamma.lk.ingreesi.com © 2016 - 2020. Powered by Blogger.
කියවීම මිනිසා සම්පූර්ණ කරයි!

෴ An AnglomaniA IngreesI (රාවණ යක්ඛ) and *A Bona Fide CreatioN ෴

Auto Scroll Stop Scroll