පාලනාධිකාරය හොබවන රජතුමා විසින් එක ම පුද්ගලයෙකුට තමන්ගේ පාලන බලය
තීන්දු තීරණ ගැනීමේ බලය පැවරූ හොත් ඔහු උඩඟු වෙනවා ඒ ශබ්ද ශාස්ත්‍රය නො දත් මෝඩකම
නිසා. එ බැවින් රජුට ඉහළින් සිටින්නට අවශ්‍ය ප්‍රතිපාදන සකස් කරනවා. ඔහු නිතර ම
කරන්නේ රජුගේත් තමන්ගේත් ශක්තිය උරගා බලන්නට ක්‍රම විධි සකසා ගැනීම. එයින් ඔහු තීරණය
කරනවා තමන්ට යස ඉසුරු, ආවතේව කරුවන් කී පමාවෙන් සියල්ල ඉටු කරන්නට නිලධරයන් සිටිය
දී මොකට රජාට දෙවැනි වෙනවා ද කියා. මොකෝ මං ම රජ වුණොත් තනි සම්බුද්ධියෙන් සියල්ල
කළ හැකිනේ යන අදහස සිතට අරගෙන හැම විට ම හැම තැන ම කරන්නේ රජා වළේ හෙලන්නට කටයුතු
සම්පාදනය කිරීමයි.
දේවයන් වහන්ස! බඩගින්නට කන්නේ බත්–ඒත් බතට වස විස මිශ්‍ර නම්; කටට
ඇති ආභරණය දත්–එහෙත් ඒවා සෙලවෙමින් වේදනා දෙනවා නම්; තමන්ට අතවර පතවර කරන ඇමතියෙකු
බව සැබෑව–ඒත් ඔහු දුෂ්ටයකු නම් ළඟ තබා ගත යුතු ද? පරිභෝජනයට ගත යුතු ද? නැත –
සහමුලින් ම ඉවත දැමිය යුතු ම යි.
දේවයිනි, යම් පාලකයෙකු තමන්ගේ ඇමතියන්ට ප්‍රමාණය ඉක්මවා යස ඉසුරු ලබා
දෙනවා. ඔය අතරේ පාලකයාට විපතක් කරදරයක් ඇති වුණොත් සිදුවෙන්නේ අර ඇමතියන් ගහන පදයට
නටන්න. හරියට රජා කණවැල අල්ලාගෙන පාරේ යන අන්ධයකු හා සමානයි.
ඔන්න ඔය ආකාරයට තමා සංජීවක දැන් ක්‍රියා කරන්නේ. ඔබවහන්සේට
කණවැල දීල ඌ උගේ ගමන යනවා. එයාට ඕනැ විදිහට තමා පාලන කටයුතුවල යෙදෙන්නේ. ඒකට හේතුව
ඔබ වහන්සේ සම්පූර්ණ බලතල ඒ ගොන් තඩියට පවරා දීම. ඔය ගැන අපේ නීති පද්ධතියේ මෙන්න
මෙසේත් සඳහන් වෙනවා:
කඩා හැළෙන රුව ලස්සන, නැළැවිල්ලේ පාවෙන ගමන, හදවත කීරි ගස්වන බැල්ම
ඇති ස්ත්‍රිය කාගෙ වුවත් ඇය දෙස නො බලා සිටින්නෙකු මේ තුන් ලෝකයේ ම නෑ. දෑසින් බලා
අමතක කරනව ද? නෑ කොහෙත් ම නෑ ඊළඟට උත්සාහ ගන්නේ ඇයව හඳුනාගන්නට ළං කරගන්න අතපත
ගාන්නට ඉඹිනට. අන්න ඒ වගේ තමා හැමදෙනා ම අනුන්ගේ සැප සම්පත් දෙස බලන්නේත් ඒවා තමන්
සතු කරගන්නට උප්පරවැට්ටි යොදන්නේත්.”
පිංගලක රජු දමනක
කී කථා නීති තර්ක සමාජයේ ස්වභාවය අසා සිටියේ සාවධානව. ඉන් අනතුරුව තම මතය මෙසේ
කියා සිටියා.
“දමනක කී දේවල් හරි. ඇත්ත. තර්කානුකූලයි. නීතියට එකඟයි. නමුත් මෙතන ඇති ප්‍රශ්නය තමයි මං මගේ පණටත් වඩා සංජීවක කෙරෙහි ඇති විශ්වාසය. පවත්නා මනාපයත් ඊට දෙවෙනි නෑ. ඒ මෙන්න මේ හේතු නිසා: