මා ඇතුළු සමාජයේ සිටින උදවිය වෙනස් මත, ක්‍රියා දරන්නේ මෙන්න මේ
හේතුව නිසා:
තමන්ගේ උදාරත්වය පෙන්නන්න බලය හා ගරු ගාම්භීර තාව ප්‍රදර්ශනය කරන්න
පාලකයන් දක්වන්නේ දැඩි කැමැත්තක්. ඒ සඳහා රාජ්‍ය භාණ්ඩාගාරය හිස් කරන්නේ කිසිම
හිරිකිතයක් නැතිව. පාලකයකු ලෙස තමන්ගේ රටට විය යුතු යුතුකම් පැහැර හරී. ඔහු
හැසිරෙන්නේ තමන්ට වඩා ජගතෙකු නැතැයි යන හැඟීමෙන් යුතුව. ක්‍රියා කරන්නේ මදයෙන් මත්
වූ එහෙයින් ම පිස්සුවෙන් දඟලන ඇතෙකු වගේ. එවන් අහංකාර පරවශ පාලකයා විනාශයට යන්නේ
ඉතා ශෝක ජනක ලෙස. සිදු වූ වරද තමන්ගේ වුවත් එය නො පිළිගෙන රාජ්‍ය නිලදරුවන්ට වරද
පටවා ඇඟ බේරා ගැනීමයි පාලකයන්ගේ සිරිත. මේ සියල්ලක් ම සිදුවන්නේ නොහික්මුණ
දුර්දාන්තයාගේ වරදින්.”
දමනක්ගේ කරුණු දැක්වීමෙන් අනතුරුව පිංගලක රාජා ස්වයං විවේචනයක
යෙදෙන්නා සේ මෙසේ සිතන්නට වන:
කවරෙකු හෝ වරදක් කළොත් වරදකරුට නිසි ලෙස සොයා බලා දඬුවම් නියම
කිරීමයි රජුගේ යුතුකම. සෑම කරුණක් ගැන ම තමන් ම නිසි තක්සේරුවක් නො කළ හොත් විවිධ
හේතු නිසා දඬුවම් විඳිමට සුදුස්සා සියළු චෝදනාවන්ගෙන් නිදොස් කොට නිදහස් කරන්නට
සිදු වෙනවා. තමන්ගේ ප්‍රසංසාවට ලක් වුණේ ය, ප්‍රධානකම් පිරිනැමුණේ ය කියා මොන ම
හේතුවක් නිසාවත් අපරාධකාරයකු දඬුවමින් මුදා නො හළ යුතුයි.
ගුණ දොස් නිසි පරිදි විමර්ශනය නො කර ගන්නා තීන්දු තීරණවලින් සිදුවන
විනාශයන් අප්‍රමාණයි. තමන්ගේ ගුණ ගායනා බොහෝ විට එසේ කරන්නේ තමන්ගේ වැරදි අඩුපාඩු
වසා ගැනීමට. යමෙකු පාලකයාට දොස් කියන්නේ නම් ඒ පාලකයා කෙරෙහි සැබෑ ළෙන්ගතු නිසා
ඔහු නිවැරදි මාර්ගයේ ගෙන යන්නට. උසස්වීම් දීම, දෝෂාරෝපණයට ලක් කිරීම, සේවාවෙන් පහ
කිරීම වැනි අවස්ථාවලදීත් අනිවාර්යෙන් පරීක්ෂණ නිරීක්ෂණ හා සමීක්ෂණ කිරීමෙන් පමණක්
අවසන් තීන්දු ගත යුතුයි. එසේ නැතිව මං මොකට ද කාගෙන්වත් අහන්නේ මං නේ රජා කියන
ගර්වයෙන් වැඩ කිරීම සර්පයකුගේ කටට අත දැමීම වන් භයානක මුග්ධ ක්‍රියාවක්.
එසේ දිගින් දිගට ම කල්පනා කළ පිංගලක රජතුමා දමනක
ඇමතුවේය:
“ඔබ දැන් කියන පරිදි මේ රාජ්‍යය තුළ සංජීවකට ප්‍රදානය කළ තනතුරක්
දීමනාත් පහසුකම් හා ආරක්ෂාවත් නවතා දැමිය යුතු ද?”
දමනක එයින් කලබලයට පත් විය. තමන් කට ඉස්සර කළොත් සියලු ම සැලසුම්
වෙනස් විය හැකියි. වහා එසේ සිතූ ඔහු පීල්ල මාරු කළේ රජු ද අන්දමන්ද වන අයුරින්.