110. හිතෝපදේශය | 02 | රජා ළං කර ගන්නේ මෝඩයන්

“කියවීම මිනිසා සම්පූර්ණ කරයි!”
❤❤❤ ❤❤❤ ❤❤❤ ❤❤❤ ❤❤❤

ඉතිං මේ දෙන්නා දෑසින් ආරම්භය කළ ආදරය අවසන් කළේ ගාන්ධර්ව විවාහයෙන්. මුහුදේ සැඩ පරුෂ බව කිරිල්ලිය කියා සිටියත් තමන් රට මැද අයෙකු නිසා මුහුද අසළ ම ජීවත් වෙන්නට මනාප බව පළ කළෙන් ඇය ද ඊට එකඟ වුණා. තමන්ට ද හුරු පුරුදු පරිසරයේ ජීවත් වීමට ලැබීම භාග්‍යයක් ලෙස සැළකූ ඇය පැරණි නිවස ආසන්නයේ ම අලංකාර නිවසක් ඉදි කරගෙන සතුටින් කල් ගත කළා.

කැට කුරුල්ලා සහ කිරිල්ලිය අතර පැවති ආදර සෙනෙහසේ ප්‍රතිඵලයක් ලැබී ඇති බව දැනගත් කිරිල්ලිය නිදි සයනයේ දී අමුතු බැල්මක් හෙළා මුව විවර කළා:

“ඒයි!”

“ඇයි අනේ?”

“දැන් ඉතින් ඔහොම බලන් ඉඳලා බෑ...”

“ඇයි මට වෙස් බැඳලා නටන්න ද කියන්නේ?”

“නෑ මනුස්සයෝ නටපු එකේ ප්‍රතිඵලය කර ගහන්න ඕන.”

“අහවල් දිය රෙද්දක් ද මන්දා, කියන එකක් කියනවා කෝ තේරෙන විදිහට!”

“හරි මං කියන්නම්, ඔයා දැන් තාත්තා කෙනෙකු වෙන්නයි යන්නේ!”

“අට්ට බටෝ, මේ දැන්?”

“නෑ මනුස්සයෝ තව සති දෙකකින් විතර!”

“මං මොන අපරාධයක් කොළාට ද තාත්තෙකු වෙන්නේ? ඒකට වෙන කෙනෙකු හොයාගන්වා. ඕවට මාව ගාවගන්න එපා. සහගහන අපරාධ!”

කිරිල්ලිය සිනාසුණේ මහ හයියෙන් – සැමියාට කිති ද කවමින්.

“ඒ පාර පටන් ගත්තා සිරික්කිය දාන්ට!”



"Reading maketh a Full man ..."

dhamma.lk.ingreesi.com © 2016 - 2020. Powered by Blogger.
කියවීම මිනිසා සම්පූර්ණ කරයි!

෴ An AnglomaniA IngreesI (රාවණ යක්ඛ) and *A Bona Fide CreatioN ෴

Auto Scroll Stop Scroll