111. හිතෝපදේශය | 02 | රජා ළං කර ගන්නේ මෝඩයන්

“කියවීම මිනිසා සම්පූර්ණ කරයි!”
❤❤❤ ❤❤❤ ❤❤❤ ❤❤❤ ❤❤❤

“නොදා පුළුවනෑ – ඇත්තට ම ඔයාට එච්චර දෙයක් වත් තේරෙන්නේ නැද්ද?” යි අසමින් ඔවුන් හමු වූ දා පටන් මේ දක්වා දෙදෙනා අතර ඇති වූ පුද්ගලික සිද්ධි එකින් එක විස්තර කළා. එයින් කුල්මත් වූ කුරුල්ලා වටයක් පියඹා අවුත් තම මිහිරාවිය වැළඳ ගනිමින් මෙසේ කීවේය:

“හරි ෂෝක්! අපට පුළුවන් වෙරළේ ළමයින් එක්ක සෙල්ලම් කරන්න. ඒගොල්ලන්ගෙ නැටිලි දිහා බලා සතුටු වෙන්න. කෝ කෝ දරුවෝ හංගගෙන ඉන්නේ නැතිව ගන්ටකෝ එළියට.”

“අනේ හැබෑට මේ වගේ පිස්සු පූසෙක්. කියන පමාවෙන් එක කරන්න බැහැ. දැන් පැටව්-බිත්තර මගේ කුසේ. ඒවා මෝරන්ට ඕනෑ. මෙරුවට පස්සෙ බිත්තර දාන්න ඕන. ඒ බිත්තර රැකලා තමයි පැටවු එළියට එන්නේ.”

“මදෑ කොලා, ඒක මහා පණ යන වැඩක් නේ.”

“පණ යනවා තමා අපි හරියට රැකවල් නො කළොත්. මගෙ අම්මයි තාත්තයි දෙන්නත් මේ මුහුද අර ගත්තා රැළි එවල. මෙතන දරුවන් ලබන්නට ගියොත් ඒ සෙතේ ම යි වෙන්නේ. ඒ හින්දා ටිකක් එපිටට වෙන්න ගෙයක් හදාගෙන යමු!”

“ඇයි අර මක්කට ද?”

“නැතිනම් මේ මුහුදු රකුසා අපේ දරුවොනුත් ගිල ගනී.”

මහ හය්යෙන් සිනාසුණ කැටයා නො රිදෙන සේ පත්තට පහරක් ගසමින් මෙසේ කීවා:

“මගේ මෝඩ අංගනාතෙ මං ගැන දන්නා තරම! මොකෝ මං බලවන්තයෙකු නො වෙයි ද? ඔය මුහුදට බයේ පැනලා යන ඇඹිටිල්ලන් මීයෙකු ද? ඔයා ඔයාගේ රාජකාරිය කරන්න. රැක්ම බැල්ම මම කරන්නම්.”

තම සැමියාගේ ධීර වීරකම් ගැන ඇසූ කැටී දෑසින් කඳුළු පනින තෙක් සිනාසී:

“අප්පද බොලේ මෙයා හිතා ගෙන ඉන්න තරම! ඇයි මොට්ටපාල මුහුදයි ඔයයයි එක සමාන ද? හරියට අහසයි මහ පොළවයි වගේ. ඇයි මේ කියමන අහල ම නැද්ද?”

“පිරිහිටීමට හේතු වෙන්නේ මෙන්න මේ කරුණු ය. කළ යුතු නො කළ යුතු දේවල් මේවාය කියා මනාව දන්නා අය ඉහ මතට කඩා වැටෙන අතුරු ආන්තරාවලින් බේරෙනවා. ඒක තේරුම් ගන්නට නො හැකිව හිතුමතේ කටයුතු කරන්නන් විනාශයට පත් වෙනවා.

අපේ පැළැන්තියේ අතීතයේ ජීවත් වූ බුද්ධිමත් නීති විශාරදයන් මෙහෙමත් කියා තියෙනවා:

එක් පුද්ගලයකුගේ විනාශයට හරි මරණයට හේතු වෙන මාර්ග–දොරටු හතරක් තියෙනවා. එයින් එකක් තමා තමන්ට නො සුදුසු වැය කරන්නට නො හැකි ආදායමක් නො ලබන ව්‍යාපෘති උඩක් පළලක් නො බලා ආරම්භ කිරීම. හේතුවක් අහේතුවක් නො සලකා තමන්ගේ ඥාති මිත්‍රයන් නෑදෑයන් අසල්වාසීන් මෙන් ම සමාජයේ විවිධ කුසලතා ඇත්තන් සමග ආරානෝරු ඇතිකර ගැනීම. අනික් කාරණාව තමයි, ධනය-නිලය-බලය ඇති අය කරන දේවල් තමන් කරන්නට යෑම. ඒ වගේ ම මේකත් වැදගත් හොඳට හිතට ගන්නවා හොඳයි; තමන් දකින දකින කතාබහ කරන ගැහැණුන් කෙරේ දුරදිග නො බලා විශ්වාසකම් පැවැත්වීම. ඔන්න ඕවා තමයි තමන් විහින් ම ඇති කර ගන්නා විනාශයේ දොරටු.”



"Reading maketh a Full man ..."

dhamma.lk.ingreesi.com © 2016 - 2020. Powered by Blogger.
කියවීම මිනිසා සම්පූර්ණ කරයි!

෴ An AnglomaniA IngreesI (රාවණ යක්ඛ) and *A Bona Fide CreatioN ෴

Auto Scroll Stop Scroll