117. හිතෝපදේශය | 02 | රජා ළං කර ගන්නේ මෝඩයන්

“කියවීම මිනිසා සම්පූර්ණ කරයි!”
❤❤❤ ❤❤❤ ❤❤❤ ❤❤❤ ❤❤❤

ගසක මුල සර්පයන් නිසා ගසට නගිනු නො හැකියි. බමරුන් මල්වල සිටින නිසා මල් කැඩීමත් දුෂ්කරයි. අතුඅග වඳුරන් සිටින බැවින් අතු අගට යාමට ද නො හැකියි. මුදුන අරක්ගෙන සිටින්නේ වළසුන්. එබඳු ගසකින් ප්‍රයෝජනයක් ගත නො හැක්කා සේ, රෝග පීඩා ආදියෙන් තොර ශරීරයක් සොයා ගත නො හැකියි.

මෙම කරුණු කාරණා ගැන සලකා බලන විට අපේ රජා කතා කරන්නේ හදවත් තුළ දයාව කරුණාව පෙන්නලා බොහොම මිහිරි ලෙස. නමුත් පපුව තුළ ඇත්තේ හලාහල විෂ. එයට හේතුව මෙහෙමයි:

දුර්ජනයන් විසින් පුරුදු පුහුණු කරගෙන සිටින ක්‍රියාදාමයන් බොහෝ ම යි. මේ එයින් කිහිපයක්. විනය කැටිය යුතු පුද්ගලයා ඈතින් එනු පෙනේ. දුර්ජනය කරන්නේ දෑත් ඔසවා ගෙන ඔහු පිළිගනු සඳහා පෙරමඟට යාමයි. ආසන්නයට ආ විට දෙනෙත් තෙත් කරගන්නේ ඉහවහ ගිය ආදරේ පෙන්වීමටයි. තමන්ගේ අසුනේ ම හිඳු වන්නට උත්සාහ කරන්නේ දෙදෙනා ම එක සමාන බව පෙන්වීමට. දැඩිලෙස වැළඳ ගන්නේ දෙදෙනෙකු නොව එකෙකු බව පෙන්වීමටයි. පිට කරනා සෑම වචනයක් ම පුද්ගලයා දැපණේ දාගන්නට උත්සාහ ගනී. සෑම ඉරියව්වකින් ම පෙන්වන්නට දඟලන්නේ තමන් මීපැණි කන්දක් බවයි. එහෙත් පපුව තුළ රැවටිල්ලය.

මේ ලෝකය කියන්නේ මහා පුදුම දෙයකට–වස්තුවකට. පා ගමනෙන් යන්නට බැහැ මුහුදේ, ඒ සඳහා යොදා ගන්නේ නැවක්. අඳුරේ යාමේ දී සිදුවෙනවා හිරිහැර, එයින් වැළකෙන්නට ගන්නවා පහනක්. මහන්සිය නිවාගන්නට තැනක නවතිනවා, ග්‍රීෂ්මය ඉහළයි සුළඟක් නෑ. ඒකට කුමකින් හෝ පවන් සලා ගන්නවා. ඇතා මදයෙන් මත් වෙලා, ඌ මෙහෙයවන්නට ගන්නවා හෙණ්ඩුවක්.

මේ සිද්ධි මෙන් ම අවශ්‍යතාත් සියල්ල මවන ලද්දේ බ්‍රහ්මයා විසින්. එවන් මැවීම් බ්‍රහ්මයා නො කළා නම් ලෝකයක් කියා එකක් නැහැ. ඒත් දුර්ජනයන්ගේ සිත් සතන් පාරිශුද්ධියට පත් කරන ලෝකවාසීන් ආරක්ෂා කරන්න බ්‍රහ්මයාටත් නො හැකි විය.

හරිම දුකයි මිත්‍රයා තණකොළ කන මට පුළුවන් ද සිංහයකු නසන්නට! එහෙම කරාවි කියා යමෙකු හිතෙනවා නම් ඇත්තෙන් ම ඌට ඔල්මාදේ. ඒ මෙන්න මේ නිසා:

සටනට පිවිසෙන දෙන්නාගේ ම වත්කම් සමාන විය යුතුයි. පරිබාහිර වස්තුන් ද සමාන වෙන්නට ඕනෑ ම යි. ඒ වගේ ම බලයත් සම වෙන්න ඕන. අන්න ඒ වගේ සෑම අතින් ම සමාන වෙන දෙදෙනෙකුගේ තරඟයක් තමා දිනුම පැරදුම කාට ද කියා අවිනිශ්චිත වන්නේ. එහෙම නැතිව ඉහළ අයෙකුගෙයි පහත අයෙකුගෙයි සටනක් ගැන නිකමටවත් හිතන්න බෑ.

සිද්ධිය පිළිබඳ දිගින් දිගටම කල්පනා කර බැලූ සංජීවක, මෙවන් තත්ත්වයක් උදා වෙන්නට හේතු භූත වූ කරුණු කාරණා තවදුරටත් විමසා බැලුවා. අපේ රජා මට විරුද්ධ වෙන්නට යම් යම් දේවල් ගතු කේළම් ලෙස කියා ඇති පාටයි. මොකා ද එවන් පහත් නින්දිත වැඩක් කළේ? යමෙකු රාජ්‍ය උදහසට ලක් වුණා නම් ඔහුට සිදුවන්නේ හැමදා ම බයෙන් තැති ගැනීමෙන් ජීවත් වෙන්නට. මේවා තමා ඒකට හේතු:



"Reading maketh a Full man ..."

dhamma.lk.ingreesi.com © 2016 - 2020. Powered by Blogger.
කියවීම මිනිසා සම්පූර්ණ කරයි!

෴ An AnglomaniA IngreesI (රාවණ යක්ඛ) and *A Bona Fide CreatioN ෴

Auto Scroll Stop Scroll