“සමහරුන් රජුන් ආශ්‍රය කරන්නේ පණ වුණත් දෙනවා කියන වංචාවෙන්. එවන්
රජුන් ඇසුරේ සිටින්නන් කරන්නේ රාජකාරි නීතියට අනුකූලව කරන දූෂණයට එරෙහි වන
නිලධරයන්ට එරෙහිව අභූත චෝදනා ඉදිරිපත් කරමින් රජුන්ට ගතු කේළාම් කීම. ඒවා අසා
පිළිගන්නා රජු යහපත් අය කෙරෙහි ද බිඳ ගන්නවා. හරියට පළිඟු වළල්ලක් බිඳී යාමෙන් පසු
එය නැවතත් ප්‍රකෘති තත්ත්වයට පත් නො කළ හැක්කක් සේ, රජුගේ සිත සමාදානයකට ගත නො
හැකියි. ඒකටත් තුඩුදෙන හේතු තිබෙනවා.
අහසෙන් වැදෙන හෙණයත්, රජෙකුගෙන් පැතිරෙන තේජසත් එක හා සමානයි. දෙක ම
බිහිසුණුයි. එසේ වුවත් හෙණයක් වැටෙන්නේත් වදින්නේත් එක ම තැනකට. නමුත් රාජ තේජස
මුළු රටට ම වැටෙනවා වදිනවා.
මෙන්න මේ නිසා රජු සමග සටනට ගියොත් අත් වෙන එක ම ප්‍රතිඵලය මරණය.
එබැවින් රාජාඥාව නො පිළිගත යුත්තක්, අවස්ථාවට අනුව. ඒකට හේතුව මේකයි:
මොන ක්‍රමයකින් හෝ මියැදුණොත් යන්නේ ස්වර්ගයට. සතුරෙකු නම් නසා
දමන්නේ ඒක සම්පත් ලබාගත හැකි කාරණයක්. හැබැයි මේ දෙක ම එකවර ලබා ගත නො හැකියි.
නමුත් එළඹිලා තියෙන්නේ යුද්ධයට අවස්ථාවක්.
සතුරෙකු සමග යුද්ධ නො කර සිටීම මරණය කැඳවා ගැනීමක්. යුද්ධ කළොත්
දිනීමටත් හැකියි පරදින්නටත් හැකි නිසා ජීවිතය සැක සහිතයි. මේ නිසා නුවණැත්තන්
කියන්නේ ජීවත් වෙන්නට හෝ මැරෙන්නට කළ යුත්තේ යුද්ධය ම යි කියලා. ඇයි එහෙම කියන්නේ?
යුධ නො කර සටන් නො කර සිටීමෙන් තමන්ට කිසියම් යහපතක් සිදුවන්නේ නම්; බුද්ධිමතා
කරන්නේ ආත්ම ගෞරවය උදෙසා සතුරා සමග යුධ වැදී මිය යාමයි. ඒක ආත්ම ගරුත්වයට හේතුවක්.
මරණය කියන එක නො දැනුවත්ව ම සිදුවන්නක්. එහෙත් යුද්ධයේ දී සිදුවන්නේ
දැන දැන ම ලැබෙන මරණයක්. යුද්ධයේ දී දිනන්නාට අනිවාර්යෙන් ම ශ්‍රියාකාන්තාව පහළ
වෙනවා. පැරදී මිය යන්නා හට දිව්‍ය අංගනාවන් ලැබෙනවා. මේ දෙකෙන් එකක් තෝරා ගැනීම කළ
යුතුයි.”
එසේ උද්ගත වී ඇති අවස්ථාව පිළිබඳව ඉතා දුර දිග සිතා බැලූ
සංජීවක ගරු ඇමතිතුමා දමනක අමතා මෙසේ කීය:
“මිත්‍රයා, අපේ රජා මාව මරා දමන්නට අර අඳීන බව ඔබ කොහොම ද දැන
ගත්තේ?”
“ඒක එතරම් දෙයක් යැ, ඔය පිංගලක කියන ගුණමකුවා ඔබ එනවා දැක වල්ගය
ඔසවාගෙන දත් විලිස්සා කට ඇර බැලුවොත් බඩුම තමා. ඒ වෙලාවේ කට ඇරගන්න බලා නො සිට
තමන්ගේ හයිය හත්තිය පෙන්නන්ඩ ඕන. ඇයි මං එහෙම කියන්නෙ:
බලවන්තයෙක් වුවත් තේජස නැත්නම් විරුද්ධවාදියා පරදවන්න අසීරුයි. ලෝ වැස්සා කරන්නේ තමන්ගේ විජයග්‍රහණය උදෙසා අළු ගොඩක් අවුස්සා හෝ ක්‍රමවිධි සලසා ගැනීමයි.