119. හිතෝපදේශය | 02 | රජා ළං කර ගන්නේ මෝඩයන්

“කියවීම මිනිසා සම්පූර්ණ කරයි!”
❤❤❤ ❤❤❤ ❤❤❤ ❤❤❤ ❤❤❤

කොහොම වුණත් යාළුවේ, මේ සියල්ලක් ම කළ යුත්තේ ඉතා රහසිගතවයි. එසේ නො වුණොත් ඔබත් සුං–මාත් සුං. සිහි බුද්ධියෙන් කටයුතු කරන්නට වගබලා ගත යුතු ම යි. මෙකී දේවල් ගැන අවධානය යොමු කර, කළයුත්ත නො කළයුත්ත තීරණය කළ යුත්තේ ඔබ ම යි.”

කී දමනක සංජීවකගෙන් අවසර ගෙන ගියේ කරටක හමු වී සිද්ධියේ සුළ මුල වාර්තා කිරීමට. විජයග්‍රාහී සිනාමුසු මුහුණෙන් එන දමනක දුටු කරටක, තොරතුරු දැන ගන්නා අටියෙන් සිය හඬ අවදි කළේය:

“කොහොම ද මිත්‍රයා ගිය කාරිය හරියට කෙරුණා ද?”

“මං කළ ගුරුකමක් කවද ද වැරදුණේ ටක්කෙට ම හරි!”

“ඒ කිව්වේ?”

“දෙන්නා කෙටවීම අගේට කෙරුණා!”

“එහෙම නම් ඉතින් ඒ ගැන සැකයක් ඇති කරගන්නට හේතුවක් නෑ නෙ. ඒකට හේතුව පොතේ පතේ පමණක් නො වෙයි, සමාජය තුළත් මේවා ස්ථාවර නියෝග බවට පත්වෙලා තියෙන නිසා!

සල්ලාලයන්ගේ ස්වභාවය තමයි තමන් නිවැරදිකරුවෙකු වග හඟවන්නට පොහොසතුන්ගේ දුශ්චරිත දුෂ්ක්‍රියා සමාජය ඉදිරියේ හුවා දැක්වීම. ඊට ප්‍රධාන හේතුව තමා පොහොසතා දුර්ජනයන් සමග ඇයි හොඳයිකම් පැවැත්වීම. මේ නිසා තම තමන්ගේ ඇසුරු කරන්නන් සමඟ ගනුදෙනු කළ යුත්තේ ගින්නත් සමග කෙරෙන ක්‍රියාවක් ලෙසින්.”

මිතුරන් භේද කිරීමෙන් ලැබෙන අවසාන ප්‍රතිඵලය අත් විඳින්නට කාලය එළඹිණි. සංජීවගේ මනස තුළ පිංගලකට එරෙහිව කෝපය - ක්‍රෝධය - පළිගැනීම වැනි අදහස් තව දුරටත් මෝදු කළ දමනක, තම අවසාන මෙහෙයුම පටන් ගති. පිංගලක හමුවීමට සංජීවක සමඟ ගිය දමනක, ඔහු අතර මග නවතා මෙසේ කීවේය:

“යාළුවා, මට හරිම දුකයි – ඔය දෙන්නා ගහ මරා ගන්නවා බලන්න. කෝකටත් මං රජා ආයෙ හමුවෙලා මේක සමථයකට ගන්නට හැකි ද කියා උත්සාහයක් කරන්නම්. එතෙක් ඔය වටාපිටාවේ තියෙන තණකොළ උළා කාලා කෝකටත් ශරීර ශක්තිය ඇති කර ගන්න එක හොඳයි. මං සුනංගු නො වී එන්නම්.” කියා පිටවූ දමනක පිංගලක රජු බැහැ දැක්කේය.

“දේවයන් වහන්ස! අර අධම පාහර අවලං සංජීවක ඇවිත් තවත් ඇඟට පණ ගන්න ඕනෑ කියා කනවා තණකොළ. ඌ මොනවා කෑවත් දේවයන් වහන්සේ පරද්දනවා බොරු. ඔබ වහන්සේ සටනට සූදානම්ව සිටින්නට හොඳයි. දේවයන් වහන්සේට මතකයි නෙ ඌ එන විට සිටිය යුතු අන්දම. ‘පෙරහුරුවක් කරලා ම බලමු’” යි කියා, පිංගලක සිංහයා ලවා සංජීවක එන විට අනුගමනය කළ යුතු හැසිරීම් රටාව නැවත ක්‍රියාත්මක කැරවීය.



"Reading maketh a Full man ..."

dhamma.lk.ingreesi.com © 2016 - 2020. Powered by Blogger.
කියවීම මිනිසා සම්පූර්ණ කරයි!

෴ An AnglomaniA IngreesI (රාවණ යක්ඛ) and *A Bona Fide CreatioN ෴

Auto Scroll Stop Scroll