නොයෙකුත් වැරදි කරන කරවන
සතුරා කෙරෙහි තමන්ගේ ළෙන්ගතු මිතුරා කෙරෙහි මෙන් දයාව කරුණාව දැක්වීම
තවුසන්ට ආභරණයක් හා සමානයි. නමුත් වැරදි කරන අයට නිසි දඬුවම් ලබා නො දීම රජවරුන්
විසින් කරනු ලබන මහා දුෂණයක්.
අපූරුවට කියා තිබෙනවා නීති ග්‍රන්ථවල මෙන්න මෙහෙම රාජ්‍ය පාලනයේ දී
ගන්නා විශේෂ ක්‍රියා:
දේශයක රජුය කියන්නේ උත්තරීතරයෙක්. ඒ උතුමාට ගරු සැලකිලි දක්වන්නෙ
සියලු පහසුකම් සලසා දෙන්නේ ජනතාවගේ දුක සැප මෙන් ම නීතිය අවනීතිය පසිඳලන අයෝමය
පුරුෂයා නිසා. එබන්දෙකුගේ සැප සම්පත් කෙරෙහි ඇතිකර ගන්නා ලෝභයෙන් හෝ තමන්ට ඒ සැප
සම්පත් අත් පත් කර ගැනීමේ දුෂ්ට චේතනාවෙන් සිදු කරන බල අපරාධ සඳහා අනිවාර්යයෙන් ම
මරණ දඬුවම දිය යුත්තේය. එසේ කිරීමෙන් පමණි එම දුෂ්ටයන්ගේ පව් සෝදා හැරිය හැක්කේ. ඒ
තමයි එබන්දන් කෙරෙහි අනුගමනය කළ යුතු පුණ්‍යවන්ත ක්‍රියා මාර්ගය. දේවයිනි, එම නීති
සිද්ධාන්තවල මෙන්න මෙසේ ද සඳහන් වී තිබෙනවා:– සමාජයෙන් පමණක් නො වෙයි දේවයන් වහන්ස, ජීවත් වීමේ
අයිතියෙන් ද ඉවත් කළ යුතු පිරිසක් සිටිනවා. ඒ මෙන්න මේ අය: ප්‍රමාණය ඉක්මවා කරුණාව
දක්වන රජවරුන්, වහක්-පිහක් නැතුව ලැබෙන ඕනෑ ම දෙයක් ආයතී සංවරයක් නැති ව කොටා බාන
බමුණන්, සැමියන්ගේ බහට අවනත නො වී මනෝ ලෝකයේ සැරිසරමින් තෘප්තිය සොයා යන ස්ත්‍රීන්,
ගති සිරිත් විරිත් නො සලකන මිත්‍රයන්, කියන දේට එකට එක කියා ගෙන එන දාසයන්, තමන්ට
නියමිත සේවාවන් පහර හරින නිලධාරීන් යන අය සමාජ සංස්ථාවෙන් දුරින් ම දුරු කර දැමිය
යුතු බව පැවසෙනවා.
දේවයන් වහන්ස, සමාජයේ සිටිනවා වෙසඟනුන්-ගණිකාවන්-වෛශ්‍යාවන් යන
නම්වලින් හැඳින්වෙන දුටු දුටුවන් පසුපස ගොස් මුදල් හදල් ආහාර-පාන ඇඳුම්-පැළඳුම්
වැනි දේවල් සොයා ගන්නා පිරිසක්. ඒ අය තමන්ගේ ඇමට පිරිමියෙකු පටලවා නමා ගන්නට විවිධ
වේශයන් ක්‍රියාකාරකම් අභිනයන් පානවා. අන්න ඒ වගේ තමා රාජ නීතියත්, ඇත්ත කියන්නා
වගේ ම බොරු දෙසන්නාත්, පරුෂ වචනයෙන් බැණ අඬ ගසන්නා, ප්‍රිය වචන කතා කරන්නා, නපුරු
ක්‍රියාවල යෙදෙන්නා, දයා ගුණ පාන්නා, වස්තුවට ආසා කරන්නා, දානපතියා, නිතර විය
පැහැදම් කරන්නා කියන සමාජගත පුද්ගලයනුත් නිතර ම කරන්නේ තවෙකෙකු අමාරුවේ දැමීමට
කටයුතු කරන එකයි.”
ඔන්න ඔය ආකාරයෙන් පිංගලක රජාගෙ පැවති සිත්තැවුල් සියල්ලක් ම විවිධ
නීති රීති ගෙනහැර පාමින්, සමාජ ගති-සිරිත් ඉදිරිපත් කරමින් දමනක විසින් තුරන් කරනු
ලැබිණි. එම දැනමුතු කම් වලින් පන්නරය ලද පිංගලක රාජෝත්තමයා ආශිර්වාද මධ්‍යයේ
සිංහාසනාරූඪ වූ සේක. ස්වකීය සකලවිධ ප්‍රාර්ථනා ඉටුකර ගැනීමට ලැබීමෙන් උද්දාමයට පත්
දමනක, අපේ මහා රාජෝත්තමයාට ජයශ්‍රී වේවා! දීර්ඝායු ලැවේවා! දේශවාසීන්ට යහ පාලනයක්
උදාවේවා! ’යි ශුභාශිංසන පවත්වමින් හිසේ පවතී බර පසෙකින් තැබීය.
මෝඩ තකතීරුවන් වූ රාජ පුත්‍රයන්ට මිතුරන් බිඳු වීමේ න්‍යායයන් කියා
දුන් විෂ්ණු ශර්මන් පඬිවරයා, සිද්ධිදාමයන් පිළිබඳව මෙසේ සමාලෝචනයක යෙදුණේය:
“රාජ පුත්‍රයෙණි, මෙතෙක් ඔබලා අධ්‍යයනය කළේ අතිජාත මිත්‍රයන් භේද
භින්න කරන ආකාරයයි. මේ ගැන අසන්නට විග්‍රහ කරන්නට සුදුසු ප්‍රශ්න එහෙම තියෙනව ද?”
“ගුරු දෙවියන්ගේ පිහිටෙන් දිවට දිව ගා ගෙන සිටින අතිජාත මිත්‍රයන්
භේද භින්න කර කාකොටා වට්ටවා, අවසන් ගමන් යවන ආකාරය මැනවින් දැන ගතිමු. ඕනෑ ම
බලවතෙකු ජගතෙකු දෙපා ඉදිරියේ දණ ගස්වන ක්‍රමෝපක්‍රම අධ්‍යයනය කළෙමු.”
“බොහොම හොඳයි! ආශ්චර්යයි! උත්සාහයේ ප්‍රතිඵල ලබා ගන්නට තරම් මං
වාසනාවන්තයි! හැබැයි එහි තවත් පැත්තක් ද තිබෙනවා. එයත් දැනගත්තොත් හොඳයි. ඒක මෙන්න
මෙහෙමයි:
පළමුවෙන් ම කළ යුත්තේ ඔය දරුවන්ට විරුද්ධකම් පාන සතුරන් අතර භේද-භින්න තාවන් ඇති කිරීමයි. ඒ දුර්ජනයන් මාරයාට ම ගියාදෙන්! ජනතාවට තම දේශය සියලු සැප සම්පත් ලබා දෙන වාස භාවනක් කළ යුතුයි. මේ ලස්සන උපදේශ මාලාව දැන-උගත් කුමාරයන්, ඒවා සිතට ගෙන ක්‍රියා කරන්නට ද සිතට ගත යුතුයි.”
හිතෝපදේශයෙහි මිතුරන් බිඳැවීම - මිත්‍ර භේදය නම් වූ දෙවන කථා සංග්‍රහය මෙතෙකින් අහවරයි.