විග්‍රහ - යුද්ධය.
මිතුරන් ලබා ගැනීම සහ මිතුරන් භේද කිරීම පිළිබඳ රාජ්‍ය ආරක්ෂාව සඳහා
අවශ්‍ය ක්‍රම විධි කියා පෑ විෂ්ණු ශර්මන් පඬිවරයා, එම කතා හා උපදේශත්
නීතිමය කරුණක් පුනරාවර්ජනය කරන්නට අවස්ථාව සලසා දී නැවත දේශනයකට සූදානම් විය. එවිට
ශිෂ්‍ය රාජ කුමාරවරු මෙසේ කීහ:
“ගුරුදේව මහෝපාධ්‍යායාණන් වහන්ස! අප රාජ කුමාරයන් වග ගුරු දේවයන්
දන්නා කාරණයක්. අනාගතයේ දී රාජ්‍ය පාලනයෙහි නිරත වන අපට විවිධ ගණයේ මිතුරන් අවශ්‍ය
වෙයි. ඉතින් ගුරු දේවයිනි, මිතුරන් සොයා ගන්නා ආකාරය මැනවින් අධ්‍යයනය කළෙමු.
එමෙන් ම එම මිතුරන් රටට රාජ්‍ය පාලනයට පමණක් නො ව අපට එරෙහිව යම් යම් ක්‍රියාමාර්ග
ගතහොත් ඔවුන් භේද භින්න කර රට පාලනය කරන අයුරුත් මනා ලෙස උගතිමු. මේ අතර පාලනයට
විරුද්ධව නොයෙක් සතුරන් පෙරමුණට එනු ඇති. ඔවුන් පරදවා ජය ගන්නට නම් සටන් කිරීම අත්‍යවශ්‍ය
කාරණයක්. අන්න ඒ නිසා සටන් කරද්දී අනුගමනය කළ යුතු ධර්මතා මීළඟට දැන ගැනීමට අවශ්‍යයි.
කරුණා පෙර දැරිව සටන් පිළිබඳව සිද්ධි සිද්ධාන්තයන් ද අනුගමනය කළ යුතු නීති
පද්ධතීන් ද කියා දෙන ලෙස ගෞරව පූර්වකව අයැද සිටිනවා.”
රාජ කුමරුවන්ගේ අයැදීම ඇසූ විෂ්ණු ශර්මන් පඬිවරයා මෙසේ පැවසීය:
“බොහොම හොඳයි කුමාර වරුනි, අධ්‍යාපනයේ වටිනාකම ඔබ හැම දෙනා ම අවබෝධ
කරගෙන ඇති බව එම ඉල්ලීමෙන් මට පෙනී යනවා. මම සූදානම් සටන සමග සටන් කරන්නට. මේ තමා
විග්‍රහය හෙවත් සටන පිළිබඳව තේමා ගීතය:
හංසයන් හා මොනරුන් අතර සමාන බලයක් ප්‍රදර්ශනය කරමින් සටනක් සිදුවිය.
කාක්කන්ගේ සතුරන් මොනරුන්. ඒ සතුරා සමඟ හිතවත්ව මන්දිරවල නැවතී සිටිමින්, හංසයන්
පරදවන ලද්දේ කපුටන් ම ය.”
ඉඳාකො, කොහොම ද එහෙම වුණේ ගුරුදේවයෙනි! යි කුමරුවෝ ඇසූහ. විෂ්ණු ශර්මන් එය මෙසේ පැහැදිළි කළේය: