“බැඳල ද?”
“දරුවන් ඉන්නවා ද? – රැකියාවක් කරනවා ද? ...” ඔන්න ඔය වගේ එක
පොය්යංගමයි. ‘අනේ මට වෙන්ට යන දෙයක්’ කියලා මගේ හිතේ. ඉතින් අහපු ප්‍රශ්නවලට උත්තර
බඳින්නත් එපෑ – නැතිනම් උන් මාව මරාගෙන කාවී නෙ කියා හිතාගෙන මෙන්න මෙහෙම කිව්වා:
“ආයිබෝවන්, මං හොරෙක් හතුරෙක්වත් මං මංපහරන්නෙකු රාජ්‍ය දේපොළ අයථා
ලෙස පරිහරණය කර දූෂණ ක්‍රියාවල යෙදෙන මන්ත්‍රී කෙනෙකුවත් නො වේ. මං කපුරු
දිවයිනේ චක්‍රවර්ති රාජෝත්තම හිරණ්‍යගර්භ රාජහංස දේවේන්ද්‍රයාගේ
සේවකයෙකු පමණයි. රාජකාරිවලින් ඇති වූ වෙහෙස නිවාගන්නට රාජ භාණ්ඩාගාරයෙන් හුණු
බිජ්ජක් තරම්වත් දෙයක් නො ගෙන විදේශ සංචාරයක යෙදෙනවා රට තොට බලා ගැනීමේ
පරමාර්ථයෙන්. අනේ එහෙම කීවා විතරයි ඇසුවා මාව කරකවලා අත හරින ප්‍රශ්නයක් මෙන්න
මෙහෙම:
“එම්බල තොපේ ඔය චක්‍රවර්තියාගේ දේශය යි මේ දේශය යි දෙකක් වඩා හොඳ කෝක
ද? වඩාත් හොඳ රජා කවුද? දීපංකො උත්තර! මාත් අතෑරියෙ නෑ දේවයන් වහන්ස!
දුන්නා උත්තරේ පලු පැලෙන්න – හුහ්, මොනව ද උඹලා අහන ප්‍රශ්න? වෙනසේ ප්‍රමාණය
අච්චරයි මෙච්චරයි කියලා කියන්න බෑ. නමින් කර්පූර ද්වීපය වුවත් ස්වභාවයෙන් ඒක
දිව්‍ය ලෝකයක්. අපේ හංසරාජෝත්තමයා ශක්‍රයාට දෙවැනි නැහැ. ඈ බොලල්ලා උඹලා මේ වැලි
ගොඩේ වැටිලා අහවල් දෙයක් කරනව ද? වරෙල්ලකෝ යන්න අපේ රාජධානියට, එතකොට පෙනේවි තරම!”
කියා කීවා පමණයි උන්ගේ මූණු නාලු වුණා. අබ ටිකක් දම්මා නං චාට පට ගාලා පුපුරයි ඇස්
ළොඩිවල පටන්. ඇයි දේවයන් වහන්ස අපේ නීති විශාරදයන් ඔය වගේ අවස්ථා විග්‍රහ කරලා
තියෙන්නෙ මෙන්න මෙහෙම නේ:”
නාගයන්ට කිරි පෙවූ කල, සිදුවන්නේ ඔවුන්ගේ විෂ දෙගුණ තෙගුණ වීමයි.
අන්න එසේ ම මෝඩයන්ට උපදෙස් දීමේ ඵලය තමයි ඔවුන් කෝපයට පත් වීම. නයින්ගෙන් වගේ ම
මෝඩයන්ගෙන් සිදුවෙන එක ම දෙය නම් විනාශය ළඟා කරගැනීම පමණයි.
තවදුරටත් ඔය ගැන මෙහෙම කියා තිබෙනවා දේවයන් වහන්ස!
කාට නමුත් උපදේශයක් දිය යුත්තේ අවවාදක්ෂම උගත් උපදේශකයෙකු විසින් ම
යි. තමුන් දෙන උපදෙස් ම නො පිළිපදින නූගතුන් කිසිවිටකත් අනුන්ට උපදෙස් නො දිය
යුතුයි. මෝඩ වඳුරන්ට උපදෙස් දුන්න කුරුලු රංචුවකට සිදු වුණේ උන්හිටි තැන් අහිමිව
පලායන්න.
“මොකද්ද දීර්ඝ මුඛ තමන් ඒ කිව්ව වඳුරු කතාව? කියහං බලන්න මටත්
දැනගන්න.”
කතාව පුරා ගත් දික් හොටයා, එය හෙළි කළේ මෙසේ ය: