126. හිතෝපදේශය | 03 | මැට්ටන්ට දුන් උපදෙස්

“කියවීම මිනිසා සම්පූර්ණ කරයි!”
❤❤❤ ❤❤❤ ❤❤❤ ❤❤❤ ❤❤❤

“තමන්ගේ කූඩු වැනසුවාට පස්සෙ කුරුල්ලන් මොක ද කළේ?”

“ඒකනෙ කියන්නෙ දේවයන් වහන්ස, කුරුල්ලන් ගත් කටට ම කීවානේ, මේ තරම් හා විනාශයක් කළ වඳුරන්ගේත් නායකයා වන රාජ හංසයා රජාව කළේ මොකුන් ද? එක්කෝ මූව රජ කරවන්න මනාපය දුන් එවුන් බූරුවන්, නැත්තං බූරුවෙකුට මනාපය පළ කරලා. ඒකලා කිව්ව අසභ්‍ය වචන මං මගේ අම්මා මුත්තා කාලෙවත් අහලා නැහැ. මටත් නැග්ගා අසූහාරදාහට ම. ඇරියේ නෑ මාත් කීවා මෙහෙම:

ඇයි බොලව්, තොපේ රජා කියන පස්ස එළියෙ දාගෙන ඉන්න ලෝකෙට ධර්මිෂ්ටකම් පෙන්නන මොනර ගෙඩියා රජා කළේ මොක ද බොලව්!

ඔන්න ඔය ප්‍රශ්නය අහනවත් එක්ක ම ඒකලා මෙරු ඇවිස්සුණා වගේ ආවේ නැතෑ රාජ සභාවේ එකාලා වගේ අමු තිත්ත කතාවෙන් බැණගෙන. සමහර එවුන් මට කොටන්න පටන් ගත්තා. තවත් පිරිසක් මගේ තටු ගලවන්න උත්සාහ කළා. මා ඇරියේ නෑ දේවයන් වහන්ස! මගේ වික්‍රමත් පෙන්නන්න පටන් ගත්තා. ඇයි මං එහෙම කළේ මෙන්න මේ නිසා:

පිරිමියෙකු ඇවිත් අරහෙන් මෙහෙන් කූරු ගහන තෙක් පමණයි ඒකිලා ලජ්ජා-බය පෙන්නන්නෙ. සතුරු පීඩාවක් එනතෙක් තමා පිරිමින්ගේ ඉවසීම පවතින්නේ. රති කෙළියෙහි දී තරුණයින්ට විලි ලැජ්ජා නැතිකම ආභරණයක් හා සමානයි. අන්න ඒ වගේ නින්දාවක් පීඩාවක් යමෙකුගෙන් ඇති වුණොත් ඔවුන් පරාජයට පත් කිරීම නියම පුරුෂයන්ට පැළැඳෙන සුවිශේෂී ආභරණයක්.”

දික් කොටයා ගේ කතාව ඇසූ රාජහංස රජු සිනාසෙමින් සිය අදහස් පළ කළේ මෙහෙමයි:

“යුද්ධ කරන්නට පෙරාතුව නායකයා­-පාලකයා දැනගන්නට ඕනෑ තමන්ගේත් සතුරන්ගේත් බලවන්තකම් මෙන් ම දුර්වලකම්. එසේ නිසි සමීක්ෂණයක් නො කර කඩා බිඳගෙන යුද්ධයට ගියොත් මොක ද වෙන්නේ අන්ත පරාජයකට පත් වීමයි.

මේ ගැන සිතන්නට තවත් දේවල් තියෙනවා මෙන්න මේ වගේ:

කිනම් දෙය කරන්නත් බුද්ධිය තියෙන්න ඕන. බුද්ධිය නැත්තං ආචාර්ය මහාචාර්ය පදවි දුන්නට වැඩක් නෑ. කොටි සමකින් සිරුර වැසුණාට බූරුවා බූරුවා ම යි. ඇයි? කොටි සමකින් සැරසුණු බූරුවෙකු වගා බිමකට වැදී අස්වැන්න කා දමමින් සිට බූරු නාදය පැතිරවීමෙන් පොලු පහරින් මිය ගිය පුවත දන්නේ නැද්ද?”

“මගේ සන්තෝ මොකක් ද හැබෑවට ම ඒ කතාව දේවයන් වහන්ස!” යි හොටයා ඇසූ කල රාජහංස ඒ සිද්ධිය අනාවරණය කළේ මෙසේය:



"Reading maketh a Full man ..."

dhamma.lk.ingreesi.com © 2016 - 2020. Powered by Blogger.
කියවීම මිනිසා සම්පූර්ණ කරයි!

෴ An AnglomaniA IngreesI (රාවණ යක්ඛ) and *A Bona Fide CreatioN ෴

Auto Scroll Stop Scroll