හඳහාමිගෙ තානාපති.
වර්ෂා සමයක අනෝරා වැසි වැස්සත් දිය බිඳක් හෝ නො වැටෙන වනාන්තරයක් මණ්ඩල
ප්‍රදේශයේ තිබිණි. ජලය නැති නිසා සතුන්ගෙන් හීන වූ මේ වනයෙහි ඇත් රංචුවක් කොටු
වී සිටියේ වටා ඇති ගම්වල වැසියන් සිය වගාවන් ආරක්ෂා කර ගැනීම සඳහා තැන් තැන්වල -
අලිමංකඩවල උගුල් අටවා තිබුණු බැවිනි. දිය පිපාසයෙන් පෙළුණ අලි-ඇත්තු පැමිණ රැළේ
නායකයාට මෙසේ කීහ:
“නායක තුමනි, අපට ජීවත් වීම සඳහා සුදුසු උපායක් සොයන්නටයි සිදුවී
ඇත්තේ. කුඩා සතුන් කිනම් ආකාරයකින් හෝ තමන්ගේ අවශ්‍යතාවයන් පිරිමසා ගන්නවා. අපට බොන්නට
නාන්නට විශාල ජල ප්‍රමාණයක් අවශ්‍යයි. අපේ භාර්යාවන් අප දෙස බලන්නේ ද, අප ඈලා දෙස
බලන්නේ ද නො මනාපෙන්. හැම අයෙකු ම හැසිරෙන්නේ අන්ධයන් වගේ. මේකට ගත හැකි පිළියම
කුමක් ද? මොන දේශයට ද යා යුත්තේ?”
ඇතුන්ගේ දුක් අඳෝනා වලට සවන් යොමු කර ගෙන සිටි ඇත් රජු ටික දුරක්
ගොස් පැහැදිළි ජලය ඇති පොකුණක් පෙන්වීය. එයින් සතුටට පත් අලි ඇත්තු රැයක් දවාලක්
නැතුව පොකුණට ගොස් දිය පානය කළහ. සිත් සේ ජලයේ වැතිරී ඇඟපත නිවා ගත්හ. සිය ප්‍රියම්බිකාවන්
සමග විලට ගියෝ කෙළි දෙළෙන් හැසිරුණහ.
මෙසේ කාලය ගෙවී යමින් තිබිණි. විල්තෙර ජීවත් වූ කුඩා හාවුන් අලි
ඇතුන් ගේ පා වලට පෑගීමෙන් කුඩුපට්ටම් ව මරණය වැළඳ ගන්නට පටන් ගති. අලි ඇතුන් නිසා
සිදුවන බාල අපරාධ ගැන ශීලීමුඛ නැමැති හාවෙක් මෙසේ සිතුවේය:
“දිය පිපාසයෙන් පෙළෙන මේ ඇත් පන්තිය දිනපතා ම ජලස්නානය සඳහා හා පානයට
මේ විලට ආ යුතුය. නමුත් ඒකෙන් සිදුවන්නේ අපේ කුලය වැනසී යාමය.” එතැනට ආ විජය
නම් ලද හාවෙක් මෙසේ කීය:
“දුක් වෙන්න එපා. ඔය ගැන පිළියමක් මං කරන්නම්. ඒක මට බාර කටයුත්තක්.
දුක්වෙමින් නො ඉඳ ඔබ ඔබේ වැඩක් බලා ගන්න.”
එසේ පොරොන්දුවක් දුන් විජය හාවා එතැනින් පිටව යමින් ම මෙසේ කල්පනා
කරන්නට විය: “මම ගොහිං ඇත් රළ ඉදිරියේ කිව යුත්තේ කුමක් ද? කියන දෙයක් පිළිගන්නා
හැටියට කියන්නත් එපා යැ. ඒ ගැන නීති සාරයෙහි දක්වා තිබෙන්නේ මෙන්න මෙහෙම නේ:
තමන්ට රුචි නො වෙන්නා මරා දාන්ට එක එක්කෙනා නොයෙක් ක්‍රම සහ විධි
යොදා ගන්නවා. ඇතුන් කරන්නේ හොඬයෙන් අල්ලා පොළොවේ ගසා මරා දැමීම. සර්පයාගේ ක්‍රමය
කටෙන් පිඹිමින් විෂ යොදා මැරීම. රජෙකු තම සතුරන් මරන්නෙ සිනාසෙමින්. දුර්ජනයන් ගරු
නම්බු දීලා යටහත් පහත් කම් දක්වලා තමයි මරන්න ඕන තැනැත්තා මරා දමන්නේ.
අන්න ඒ නිසා මං කළ යුත්තේ ගල මුදුනට නැග ඇත් රාජා ඇමතීමයි. එසේ සිතූ
මහලු විජය හාවා ගල මුදුනට නැංගේය. ඔහු දුටු ඇත් රජු මෙසේ ඇසීය:
“නුඹ කවුද? කොහේ ඉඳල ද ආවේ?”
“ඇත් රජතුමනි, චන්ද්‍ර දේවයා විසින් ඔබ වෙත එවන ලද විජය නම්
තානාපති වරයා තමා මං.”
“අප්පද බොල! ඉතිං චන්ද්‍ර උන්නාන්සේ ඔබ මා හමුවට තානාපතියෙකු ලෙස
එව්වෙ මොන වගේ කාරණයකට ද?”
“මෙන්න මෙහෙමයි ඇත් රජතුමනි, චන්ද්‍රලෝකයේ තානාපතිවරුන් අනුගමනය කළ යුතු නම නියමයන් ඒ කියන්නේ එහෙ-එහේ නීති ග්‍රන්ථ වල දක්වා තිබෙන්නේ මෙන්න මෙහෙමයි: