අඩෝ, දුෂ්ට පවිටු මෝඩ තකතීරුවා. තොගේ රාජ්‍යය ඔය තරම් අගේ නම් අහවල්
කොකිසක් කන්ට ද අපේ රාජ්‍යයට කඩා වැදුණේ? වර යන්ට තොට යස පාඩමක් උගන්වන්න.” යි
කියා මාව විලංගු වලින් හිර කරලා දක්කාගෙන ගියා උන්ගේ රජා කියන චිත්‍රවර්ණ
ඉදිරියට. උන් උන්ගෙ රජාට වැඳ නමස්කාර කර මාව ඉදිරිපත් කරමින් පැමිණිල්ල ගොනු කළා:
දේවයන් වහන්ස, මේ දුෂ්ට පවිටු කොකා අපේ මේ දේශයෙහි හැසිරෙමින්
මහා ලොකු කම් පෙන්නලා රාජෝත්තමයාට නින්දා අපහාස කළා. මූට දිය යුත්තේ මරණ දඬුවම ම
යි!
පැමිණිල්ල අසා සිටි චිත්‍රවර්ණ රජු මෙසේ ප්‍රශ්න කළා:
“මූ කවරෙක් ද? කොහේ ඉඳන් ද ආවේ?”
“මුගේ නම දික් හොටයා. හිරණ්‍යගර්භ කියන රාජ හංසයාගේ සේවකයෙක්.
කර්පූර දිවයිනේ සිට තමා ඇවිත් තියෙන්නේ. දවස් ගාණක් ම අහු මුලුවල කරක් ගහල
තියෙනවා. මූ ඒකාන්තයෙන් ම පැපරාසියෙකු වෙන්නට ඕනෑ. ඔත්තු පත්තු බලන්නට ආ එකෙකු
කියලයි දේවයිනි අපට නම් හිතෙන්නේ!”
මෙම රාජ සභාවේ සිටි ඇමතිවරයෙකු වන ගිජුලිහිණියා විසින් හරස්
ප්‍රශ්න ඇසීම ආරම්භ කළේය:
“දිග හොටෝ, උඹලෑ දේශයේ අගමැති කවුද?”
“සර්ව ශාස්ත්‍ර පාරංගත සර්වඥ සක්වාලිහිණි උතුමාණන් තමයි අපේ
චක්‍රවර්ති රාජෝත්තමයාගේ අග්‍රාමාත්‍ය තනතුර හොබවන්නේ.” යි මං කීවා.
එවර අමාත්‍ය ගිජුලිහිණියා මෙසේ කියා සිටියා. පිළිගන්නවා නුඹ ඒ රටේ ම
උපන් අයකු බව. හේතුව ඒකට මෙන්න මේකයි.
මන්ත්‍රී ඇමති අගමැති ජනාධිපති රජ යන තනතුරුවලට හෝදාපාලුවන්, ගස්
ගෙඩි කැඩූවන්, හොරුන්, තක්කඩින්, පියා අසුවලා යැයි නො කිව හැක්කන්, පමණක් නො ව රට
ගම පාවා දුන්නවුන් පත්කර නො ගත යුතුයි. දේශයෙහි ම උපන්, කුල සිරිත් ගරු කරන, මනා
හැසිරීමක් ඇති, නිරවද්‍ය ක්‍රියාකාරකම් ඇති, නීතිය සහ රාජ්‍ය සාකච්ඡාවල දී නෛතික
දක්ෂතා දක්වන, සුරා සූදු වැනි දුශ්චරිත නැති, වැරදි හැසිරීම්වලින් වෙන් වූ, නීති
ශාස්ත්‍ර හදාළ, ප්‍රසිද්ධ පරපුරක් ඇති, විචාරශීලී, සංවර්ධනය වෙනුවෙන් ඇප-කැප වූ
අයෙකු රජතුමා විසින් ඇමති තනතුර උදෙසා පත් කළ යුතුය. එය රාජ හංස විසින් ඉටුකර ඇති
බව පෙනී යයි.
මෙම සාකච්ඡා සභාවට එක්වූ ගිරවෙකු විසින් සිය අදහස් මෙසේ පළ කළේය: