සටනට හේතු හැකර කටවල්.
සියලු පක්ෂීන්ගේ රජා ගුරුළා. ගරුඬ දේවේන්ද්‍රයා යන නමින් තමා
කුරුල්ලන් ඔහුව හැඳින් වූයේ. ඔන්න කාලයක දී මේ ගරුඬ දේවේන්ද්‍රයා රට මැද
චාරිකාවේ යද්දී මුහුදු තීරයේ පැවති පිළිගැනීමේ උත්සවයකට සහභාගි වෙන්නට කැලේ සිටි
සෑම කුරුල්ලෙකු ම ලහි-ලහියේ ගියා. ඔවුන් අතර සිටියා කාක්කෙකු සමග වටුවෙකුත්. ඔය
අතරේ මග යමින් සිටියා ගොපල්ලෙක්. ඔහුගේ හිසේ දීකිරි බඳුනක්. කාක්කට ඉවසිල්ලක් නෑ –
ඔහු කළේ වරින්වර පියාඹා අවුත් හිසේ තිබුණු හට්ටියෙන් කිරි කෑමයි.
ගමනේ යෙදී සිටි ගොපල්ලා කිරි හට්ටිය බිම තබා මොහොතක් විඩාව
සංසිඳුවමින් සිටිමින් උඩ බලද්දි දුටුවේ කාක්කෙකු සමඟ වටුවෙකු සිටින ආකාරයයි.
ගොපල්ලා කාක්කා පන්නා හැරීම සඳහා අතට ගලක් ගනිද්දී ඔහු ඈතට පියඹා ගියා. හෙමින් හෙමින් යමින් සිටි
වටුවා අල්ලාගත් ගොපල්ලා ඔහු මරා දැම්මා. ඔන්න ඔය කාරණය නිසා තමා මං කියා සිටියේ “න
ස්ථාතව්‍යම් න ගන්තව්‍යම්” කියන වචනය. ඒ කීවේ ‘දුෂ්ටයකු සමඟ නො යන්න,
තැනක නො නවතින්න’ කියන එක.
ඔන්න ඒ වංගියේ මටත් පොටක් පෑදුණා දේවයන් වහන්ස, මාත් ඇරියේ නෑ කිව්වා
මෙහෙම:
“ගිරා සහෝදරයා, ඇයි එහෙම සහගහන අපරාධ කතාවක් කියන්නේ? අපේ රාජ
උත්තමයා මා ගැන මෙන් ම ඔබ ගැනත් එක විදිහට සලකාවි.”
“වෙන්ට පුළුවන් වෙන්ට පුළුවන්.” කී ගිරවා මෙන්න මෙහෙම අස්තරයක් කියා
පෑවා:
“දුර්ජනයන්ගේ කටින් පිටවෙන සිනා මුසු ප්‍රිය වචනත් බිය උපදවන අකලට පිපෙන මල් වගේ. මොන මොහොතේ හෙන ගෙඩියක් හිස මත හෙළාවි ද කියන්න බැහැ.
උඹේ තියෙන දුර්ජන ගතිය එක වචනයෙන් ම දැනගත්තා. මේ රජුන් දෙදෙනාගේ
සටනට හේතුව උඹේ ඔය හැකර කටින් පිටවුණ වචන ම යි – මෙන්න ඒකට උදාහරණය:
කිසිවකු කළ වරදක් හේතු සහිතව ඔප්පු කළත් මෝඩයා එය පිළිගන්නේ චාටු
බාටු දාලා කරන කතා විශ්වාස කරන නිසා. බිරිඳ සොර සැමියකු සමග එකට යහනේ සිටියත්
සැමියා වන කරත්ත හදන වඩුවාගේ සැකය දුර ලන්නට බිරිඳට හැකි වුණා, පමණක් නො වෙයි ඇය
නිවැරදි කාරියයක් ලෙස පිළිගත්තේ හිසේ තබා ගෙන”
“අප්පද බොල මොකක් ද ඒ කතාව?” යැයි රජු ඇසුවා. ගිරවා සිද්ධිය පැහැදිලි කළා මෙසේ: