කපුටාගෙ (කාක්කාගෙ) පාහර වැඩේ.
උදේනි නුවරට යන
පාරෙ තිබුණා අතුපතර විහිදී ගිය වනස්පතී වෘක්ෂයකැයි කිව හැකි විශාල බෝගසක්. එහි
ස්ථිර පදිංචිකරුවන්ට සිටියේ හංසයකු සහ කක්කෙකි. ඔය අතර ආවා මහා ග්‍රීෂ්ම ඍතුවක්.
මගතොට යා නො හැකි තරමට දැවිල්ල සමග පිපාසය. ඔය මාර්ගයෙහි ගියා බොහොම විඩාවට පත්
වූවෙකු. මහන්සිය නිසා ම ඔහු කරේ තබා ගෙන සිටි දුනු හී පසෙක තබා නිදා ගත්තා. ටික
වේලාවක් යද්දී ගසේ සෙවනැල්ල ඉවත් වී සැඩ හිරු රැස් මුහුණට තදින් වැටුණා. මගියාට
සිදු වෙන ඇබැද්දිය දැක ශෝකයට පත් හංසයා තමන්ගේ පියාපත් විහිදුවා ඔහුගේ මූණට වැටෙන
හිරු රැස් වළකා දැම්මා.
නින්දේ සිටි මගියා ඈනුමක් යවන්නට කට අරිත් ම අනුන්ගේ සුවය නො ඉවසනා,
ස්වභාවයෙන් ම දුර්ජන ගති ඇති කාක්කා නිදා සිටි පුද්ගලයාගේ කටට වර්චස් පිඩක් හෙළා
පලා ගියා. කටට වැටුණු අමි රසයත් සමග උඩ බැලූ මගියාට දැකගන්නට ලැබුණේ පියාපත් විදහා
ගෙන සිටි හංසයා. ‘මේ කැත වැඩේ කරන්නට ඇත්තේ මේ හංසයා ම තමා’ යැයි සිතා දුන්නට හීය
තබා විද හංසයා මරා දැම්මා.
ඔන්න ඔය කාරණය නිසා තමා මං “දුර්ජනේන සමං න ස්ථාතව්‍යම්” දුදනන් සමඟ නො සිටිය යුතු බව කීවේ. දැන් වටුවාගෙ කතාවත් කියන්නම්: