136. හිතෝපදේශය | 03 | බිරිඳ හිසට ගෙන නැටූ සැමියා

“කියවීම මිනිසා සම්පූර්ණ කරයි!”
❤❤❤ ❤❤❤ ❤❤❤ ❤❤❤ ❤❤❤

“මොකක් ද ගෑණියේ උඹට වෙලා තියෙන්නෙ කවදාවත් නැතුව. මෙච්චර හොද දවසෙ ඉන්න එපෑ ගිනි කිකිළි වගේ. කඳේ බඩේ පණක් නෑ - කල්පනාව - දාඩියත් දාලා. කියහං උඹට අමු කැවිලා දැ?” යි ඇසුවා.

“ඇයි මනුස්සයෝ තේරෙන්නෙ ම නැද්ද? මට ඉන්නවා පණ වගේ ආදරේ කරන සැමියෙක්. වැලි කෙළියේ පටන් ඇති වුණ ආදරයක්. එයා මගේ පණ – මං එයාගෙ පණ! එයා අද වෙන ගමකට ගියෙ මට කන්න අඳින්න දෙන්න ධනය හොයන්ට. එයා නැතිව මොකා හිටියත් මේ ගම මට පේන්නෙ කැලෑවක් වගේ. එයා ගියා මොන දෙයක් කර ගනී ද? කෑව ද? බීව ද? කොහොම නිදා ගනී ද? ඉතින් ඒවා සිහි වෙද්දි මගේ පපු කණැත්ත දාලා පිච්චිලා පැලෙන්ට එනවා.”

“මොනවා කීවා ඒ හඩ්ඩා, කරත්ත හඩ්ඩා තොගෙ ආදරවන්තයා?”

“ඉඳකින්වත් මෝඩ ගොණා! මොනව ද උඹ මේ කියන්නේ? ඔන්න අහගනින්!:

සැමියා විසින් නින්දා අපහාස කර කොතරම් බැණ වැදුණත්, කෝපයෙන් රවා බැලුවත්, ඔහු දෙස ආදර සෙනෙහසින් බලන බිරිඳ ධර්ම භාණ්ඩාගාරයක් හා සමානයි.

ඒ විතරක් නො වෙයි මෙන්න මෙහෙමත් නීති පොත්වල ලියා තියෙනවා, නො දන්නවා නම් අහගන්නවා:

සැමියා නාගරිකයෙකු වෙන්නටත් හැකියි, කැලෑ ගමක උපන් එකෙකු වෙන්නටත් හැකියි. පාපියකු වුණත් යහපත් කෙනෙක් වුවත් බිරිඳට හොඳා නම්; ඔවුන්ට එය දෙව්ලොව සැපන ලැබුණාක් හා සමානයි.

තවත් තියෙනවා කියන්ඩ දේවල් එමට ඔන්න මේ වගේ:

කණ කර ආයිත්තම් නැති ස්ත්‍රීන්ට එක ම ආභරණය ඇගේ සැමියා පමණයි. සැමියාගෙන් තොරව බිරිඳ කොපමණ ලස්සන එකියක වුවත් බැබළීමක් නැහැ.

තෝ බොල පාහර අදහසක් ඇති හොර තක්කඩියෙක්. තෝ මට දක්වන්නෙ මල් බුලත් තටුවකට ඇති කෑදරකමක්. මගේ සැමියා මාව දෙවියන්ට විකුණන්ටත්, බ්‍රාහ්මණයන්ට පාවා දෙන්ඩත් කැමති ශ්‍රේෂ්ඨ උත්තමයෙක්. වැඩිපුර කතා අවශ්‍ය නැහැ. ඔහු ජීවත් වන්නේ නම් පමණයි මාත් රැකෙන්නේ. ඔහුගේ මරණය සමග ම මාත් මැරෙනවා. ඒක තමා මගේ අවසාන තීරණය. ඇයි එහෙම මං කියන්නේ මෙන්න මේ නිසා:

තමන්ගේ සැමියා මළ පසු බිරිඳ සැමියාගෙ දර සෑයට පැන සිය දිවි හානි කරගන්නේ නම්; ඇය සැමියාගේ සිරුරේ තිබුණු කෝටි තුනක් වන ලෝමවලින් අඩක් වන ප්‍රමාණයක කාලයක් දිව්‍යලෝක සම්පත් ලබනවා.

එ පමණක් නො වෙයි. මෙහෙමත් ලියා තිබෙනවා නීති පොත්වල:



"Reading maketh a Full man ..."

dhamma.lk.ingreesi.com © 2016 - 2020. Powered by Blogger.
කියවීම මිනිසා සම්පූර්ණ කරයි!

෴ An AnglomaniA IngreesI (රාවණ යක්ඛ) and *A Bona Fide CreatioN ෴

Auto Scroll Stop Scroll