නයින් අල්ලන්නා තුඹසකින් නයෙකු අල්ලා එළියට ඇද ගන්නේ බලහත්කාරයෙන්.
අන්න ඒ අයුරෙන් පතිවත ආරක්ෂා කරන බිරිඳ තම සැමියා වලි දී දෙව්ලොව ගෙන ගොස් දිව්‍ය
සම්පත් අනුභව කරවයි.
එසේ ම තවත් කිව යුත්තක් තිබෙනවා:
සැමියා මිය ගියා. සෑයේ තබා ගිනි ලන්නට සුදානම්. අන් සැමියන් කරා යාම
වැනි පව් දහසක් කර තිබුණත් බිරිඳ සෑය මතට පැන මළසිරුර බදාගෙන දැවෙන ගින්නෙහි
පිළිස්සුණොත් සැමියාත් සමඟ දෙව්ලොව යාම නියතයි.
හොර සැමියා සමග යහන මත රති කෙළියේ යෙදෙමින් සිය බිරිඳ කී වදන් ඇසූ මන්දමතී
රථකාරයා ප්‍රීතියෙන් පිනා යමින් මෙසේ සිතුවේය:
“අනේ මේ වගේ ආදර බස් කියන සැමියාට ළෙංගතුකම් ඇති භාර්යාවක් සිටීම
කොතරම් නම් වාසනාවක් ද? ‘මැයට විශේෂ උපහාරයක් දැක්විය යුතුයි’” තීරණය කර, ඇඳ මත
සිටි සොර සැමියා සමග සිය බිරිඳ ඇඳේ සිටිය දී ම ඔසවාගෙන නටන්නට පටන් ගත්තේය. ඔන්න
ඔය කාරණාව දන්නා නිසා තමයි ‘ප්‍රත්‍යක්ෂේපි කෘතේ දෝෂේ’ කියන නීති ඛණ්ඩය
ඉදිරිපත් කළේ.”
මගේ හරබර දෙසුම්වලට සවන් යොමු කළ මොණර රජතුමා, නා නා වස්තු
කන්දරාවකින් මා පුදා ඔබ වහන්සේ වෙත පිටත් කර එවා වදාළා. එතුමාගේ තානාපති වන ගිරවා
ද දැන් දැන් එනු ඇත. මේ සියල්ලක් කෙරෙහි ම අවධානය යොමු කර කළ යුත්ත කරන්නට පමා නො
වීමයි හොඳ.
කොකාගේ කතාව අසා සිටි ගිජුලිහිණියා සිනාසෙමින් මෙසේ කීවා:
“දේවයන් වහන්ස! මේ කොකා දේශාන්තරවලට ගොස් තමන්ගේ බලය දක්වමින්
රාජකාරිය කර ඇති බව පේනවා. දේවයනි, ඔය තමා මෝඩයන්ගේ ගතිය. එසේ කියන්නේ මේ නිසා:
තනතුරු හෝ වස්තු සියයක් වුවත් දුන්නත් කමක් නෑ. ‘ඒ ගැන ප්‍රශ්න කිරීම
අනවශ්‍යයි’ යන්න නුවණැත්තන්ගේ සම්මත පිළිවෙතයි. හේතුවක් නැතුව යුද්ධයට පැටලීම යනු
මෝඩයන්ගේ පිළිවෙළයි.
ලිහිණියාගේ කීමට හංස
රාජයා උදහස් වුණේ මෙහෙමයි:
හැම දෙයක් ම අතීතයේ එල්ලිලා කරන්නට යාම නො පිළිගත හැකි දෙයක්. ඒ ඒ
අවස්ථාවල දී උද්ගතවන ප්‍රශ්නයට මුහුණ දීමයි කළ යුත්තේ.
“සමාව අවසර දේවයිනි, මීට අදාළ හේතු කාරණා කිසිවකුත් නැති තැන කියන්නම්; එතෙක් සමා වී වදාළ මැනව.” මෙයයි එහෙම කියන්නට හේතුව: