138. හිතෝපදේශය | 03 | බිරිඳ හිසට ගෙන නැටූ සැමියා

“කියවීම මිනිසා සම්පූර්ණ කරයි!”
❤❤❤ ❤❤❤ ❤❤❤ ❤❤❤ ❤❤❤

ඥානවන්තයා යමක් කියන්නට යාමේ දී ඊට අනුකූලව මුහුණේ පැහැය වෙනස් කර ගන්නවා. විවිධ අවස්ථාවල දී කටහඬේ වෙනස්කම් ඇති වෙනවා. ඇස් වගේ ම ශරිරාංගත් සිද්ධියට අනුව චලනය කරනවා. සිතෙනුත් යම් යම් අනුමානකම් ඇති කරනවා. අන්න ඒ නිසයි රහසේ යමක් කිව යුත්තේ.”

සක්වා ලිහිණියා ගේ කතාවෙන් අනතුරුව රජතුමා, ඇමති, එතැන ම සිටි අතර සෙස්සෝ පිට වී ගියහ. ස්ථානය සුඛනම්‍ය වූ බැවින් සක්වාලිහිණියා මෙසේ කීය:

“දේවයන් වහන්ස! මට හිතෙනවා මේ යුද්ධ කුමන්ත්‍රණය කාගේ හෝ පෙළඹවීමකින් කොකා ලවා කරන්නට ඇති බව. මෙහෙම හිතෙන්නට තුඩුදුන් හේතුව මෙහෙමයි:

වෙදුන් ජීවත් වෙන්නෙ ලෙඩුන් නිසා බැවින් වෙදා නිතර ම ලෙඩා උසස් කර සලකනවා. කවුරුන් හෝ දූෂණ ක්‍රියාවල නිරත වෙනවා නම්, එබන්දක් රජුගේ ඔත්තු කාරයන්ට නැතිව ම බැරි උදවිය. උගතුන් සොයන්නේ මෝඩයන්, හේතුව උගත් කමේ ලාභය ඔවුන්ගෙන් ලැබෙන නිසා. කලහකාරීව හැසිරෙන්නන් යුද්ධයකට මඟ පාදන්නන් රජුගේ ජීවනෝපායට හේතුවක්. ඔය කරුණු ගැනයි අප අවධානය යොමු කළ යුත්තේ.”

“කාරි නෑ එහෙම වෙද්දෙන්. මේ කොකාගෙ කීමට අදාළ හේතුව පසුව සොයමු. දැන් කළ යුත්තේ කුමක්දැයි පහදන්න!” යි රජු කියා සිටියා.

“දේවයන් වහන්ස! පළමුව චරපුරුෂයෙක් යවමු මොණර රාජ්‍යයට. එයින් ඔවුන්ගේ වැඩ පිළිවෙළත් බල දුබලකමුත් දැන ගන්නට හැකියි.” ඒ මෙන්න මේ නිසා:

රටක් කරවන රජුට තමන්ගේ රටේත්, අවට රටවලත් ඇති හැකි නො හැකිකම් සොයා බලා තීන්දු තීරණ ගැනීම සඳහා යෙදවිය හැකි තියුණු ඇසක් හා සමාන ඔත්තුකරුවන් යමෙකුට නැද්ද, එබඳු රටේ රජු අන්ධයකු හා සමානයි.”

“හොඳයි එසේ නම්, විශ්වාසය තැබිය හැකි අයකු සමඟ මොනර රාජ්‍යයට යන්න. එහි සැබෑ තත්ත්වය නිසියාකාරව සොයා බලා එහි ඇති රහස් කුමන්ත්‍රණ පිරිසිඳ දැන ගෙන ගතයුතු ක්‍රියාමාර්ග කියා දී කැටුව යන්නා එවන්න. ඒ ඇයි ද කියනවා නම් මෙන්න මේකයි ඊට හේතුව:

ඔය පින්තොටු ලෙසින් හඳුන්වන ආශ්‍රම ආයතන දේවාල පන්සල්වල ඉන්නවා සමහර පූජකයන් - උන් තමන්ට ලාභ ප්‍රයෝජන ලැබෙන පැත්තට ආවඩන හෝය්යා කියන බඩජාරි හැත්තක්. සමාජයත් එක්ක ම ඉන්න නිසා උන් දන්නවා ආගම දහම කෙසේ වෙතත් දේශ දේශාන්තරයන්හි වෙන සිද්ධි පවා. ශාස්ත්‍රය ඉගෙන ගන්නට නො දන්නා දෙයක් දැන ගන්නට වගේ අර පූජකයන් සමග සංවාද පවත්වන්නට ඕන. ඔන්න එවිට තත්ත්වය සොයා ගත හැකියි.



"Reading maketh a Full man ..."

dhamma.lk.ingreesi.com © 2016 - 2020. Powered by Blogger.
කියවීම මිනිසා සම්පූර්ණ කරයි!

෴ An AnglomaniA IngreesI (රාවණ යක්ඛ) and *A Bona Fide CreatioN ෴

Auto Scroll Stop Scroll