140. හිතෝපදේශය | 03 | බිරිඳ හිසට ගෙන නැටූ සැමියා

“කියවීම මිනිසා සම්පූර්ණ කරයි!”
❤❤❤ ❤❤❤ ❤❤❤ ❤❤❤ ❤❤❤

සතුරන් පරාජය කළ හැක්කේ යුද්ධයෙන් ම පමණයි කීම මුළාවට හේතුවක්. හේතුව, යුද්ධයේ දී ජය ලැබෙන්නේ කාහටදැයි පූර්ව නිගමනයක් ගත නො හැකි බැවින්.

තවත් හේතු තිබෙනවා දේවයන් වහන්ස!

සාමය – දානය – භේදය යන එකකින් හෝ එම තුනෙන් ම උත්සාහය ගත යුත්තේ යුද්ධ නො කර සාමය පවත්වා ගැනීමටයි. එසේ නැතුව යුද්ධ කිරීම උත්සාහවන්ත නො විය යුතුයි. සටනක් කරන්නට පෙර හැම අයෙකු ම දක්ෂයන්, සාමර්ථයන් බවයි හැම අයෙකු ම හිතන්නේ. ඊට හේතුව ඔවුන් සතුරා සතු සමත්කම් නො දන්නා කමයි.

ඒ ගැන මෙසේත් කිව හැකියි:

ළිඳක් කපන්නා ළිඳේ ඇති ගල් පස් ගොඩ ගැනීම සඳහා දබරයක් හෝ දොඹකරයක් උපයෝගී කරගනී. ඒ ඒවා මිනිසකුට නො කළ හැකි දෙයක් බැවිනි. සුළු උපායකින් විශාල ප්‍රතිඵලයක් ලැබෙනවා නම් එය සාකච්ඡා සම්මන්ත්‍රණවල ඵලයක් ම යි.

නමුත් දේවයන් වහන්ස, යෝජනා වී ඇති සටන දෙස බලා ම යි නිසි පියවරක් ගත යුත්තේ. ඊට හේතුව මෙහෙමයි:

දේවයන් වහන්ස! වී ඇටයක් බිම දැමූ පමණින් පැළ වෙන්නේ නෑ – අස්වැන්නක් ලැබෙන්නේත් නැහැ. උද්යෝගයෙන් කෘෂිකාර්මික කටයුතු කළොත් පමණයි නියමිත කාලයේ දී අස්වැන්න ලැබෙන්නේ. අන්න ඒ නිසා මෙම නීතිය පල දරන්නේ කල්ගත වීමෙන්. ඒ මොහොතේ ම පල දැරීමක් නෑ.

ඊට ම ගැළපෙන තවත් නීති විග්‍රහයක් තියෙනවා දේවයිනි!

භයට හේතුවන කරුණු ඈතින් තියෙනතාක් එයට බිය විය යුතු යි. බියට හේතුව ළං වූ විට භය නො වී, හැකි වැර යොදා මුහුණ දිය යුතුයි. ඒක තමා බුද්ධිමතුන්ගේ ලක්ෂණ. ශ්‍රේෂ්ඨයන් හැමවිට ම කරන්නේ බියෙන් තැති ගැනීමෙන් තොරව පෙරමුණ ගැනීමයි.

මේ පිළිබඳව තවත් හේතු ඉදිරිපත් කළ හැකි දේවයිනි!

හැම වැඩක් ම අවහිර කරන්නේ දැඩි සිත්තැවුලකට පත් වීමෙන්. සිත නො සන්සුන් කමෙන්. නමුත් ජලය කොතරම් සීතල වුවත් පොළොව හාරා ගෙන යාමක් නෑ.

ඒවා කෙසේ වෙතත් යුද්ධයට මං පෙත් සකසන ඔය චිත්‍රවර්ණ රජු මහා බල සම්පන්නයෙක්. අන්න ඒ බලවත් කමට හේතු මෙන්න:

බලවතුන් සමග යුද්ධ කළ යුතු යැයි අණ නියමයක් රාජ නීතියේ සඳහන් වී නෑ. අලින් සමග සටන් කරන්නාට උරුම වෙන්නේ මරණය. එය අප විසින් අවධානයට ගත යුත්තක්. සුදුසු කාලය එළැබීමට පෙර යමෙකු සතුරන් සමග සටනට යෑමට පිටපොට ගසතොත් ඔහු ඒකාන්තයෙන් ම මෝඩයෙක්. ඒක හරියට තුඹසේ ඉන්න වේයන් තටු ගසා තමන්ගේ ලොකුකම් පෙන්නන්න හදන උත්සාහයක් වගේ.



"Reading maketh a Full man ..."

dhamma.lk.ingreesi.com © 2016 - 2020. Powered by Blogger.
කියවීම මිනිසා සම්පූර්ණ කරයි!

෴ An AnglomaniA IngreesI (රාවණ යක්ඛ) and *A Bona Fide CreatioN ෴

Auto Scroll Stop Scroll