තවත් මේ ගැන මෙහෙමත් කියන්නට පිළිවනි උතුමාණෙනි!
ඉබ්බාගේ ස්වභාවය තමා බියක් තැති ගැනීමක් ඇති වූ විට හැකිළීම. නීතිය
දන්නා තැනැත්තා කරන්නේ ඉබ්බා මෙන් සැඟවීම–පසුබැසීම. එහෙත් අවස්ථාව උදා වූ විට කෲර
සර්පයෙකු මෙන් නැගී සිටිය යුතු යි.
දේවයන් වහන්ස, මෙන්න මේ උපදේශයක් අසා වදාරන්න;
උපාය දන්නා මහා බලවන්තයන් මර්දනය කරන්නත් දුබලයා කියා නො සිට ඔහු
පරාජය කරන්නත් පාලකයා දැන ගත යුතුය. එය හරියට මහා ගස් වගේ ම තණකොළ ඉගිලීමට සමත්
වෙන ගංගා දියක් සේ විය යුතු බව සිතට ගත යුත්තක්.
ඔන්න ඔය කාරණා නිසා දුර්ග බලකොටුව සකසා ගන්නා තෙක්, චිත්‍රවර්ණ
ගේ දූතයාට සියලුම පහසුකම් සලසා දී මෙහි ම රඳවා ගැනීම අපගේ වගකීමක්. එසේ මං කියන්නේ
ඇයි – මෙන්න මේ හේතු නිසා:
බලකොටුවක සිටින එක එක දුනුවායෙකුට සතුරන් සිය දෙනකුට දුන්නෙන් විදිය
හැකියි. දුනුවායන් සියයක් හිටියොත් සතුරන් දස දහසකට විද මරා දැමීම අපහසු දෙයක්
නොවේ. අන්න ඒ නිසා දුර්ග බලකොටුව ඉදි කිරීම වහා ම ක්‍රියාත්මක වන පරිදි සිදු විය
යුතු දෙයක්. රටක බලකොටුවක් නැත්නම් ඕනෑම සතුරෙකුට වැඩි මහන්සියක් නො දරා එම රට
තමන්ට යටත් කරගත හැකියි. බලකොටු නැති රටක රජු ඔරුවෙන් දියඹට වැටුණ අයෙකු සේ කර
කියාගත හැකි දෙයක් නැතිව විනාශයට පත්වීමයි ස්වභාවය.
බලකොටුවක් තැනීමේ දී අනුගමනය කළ යුතු තාක්ෂණික ක්‍රියාමාර්ග තිබේ.
විශේෂයෙන් ම බලකොටුව වටා අනිවාර්යෙන්ම දිය අගලක් තිබිය යුතුයි. කොටුව වටා ඉතා උස්
පවුරු පදනම් අවශ්‍යයි. යන්ත්‍ර සහිත ජලවිදිනයක් තැන් තැන්වල පිහිටුවීම යෝග්‍ය
කාරණයකි. පර්වත, නදී, වැලි, කැලෑ අවට තිබීමෙන් සතුරාට පහර දෙන්නට පහසුවන අතර,
රාජධානිය ආක්‍රමණය කරන්නවුන්ට දුෂ්කර වනු ඇත. මේ අංගෝපාංගයන්ගෙන් සමන්විත ව කෙරෙන
බලකොටුව ජයග්‍රහණයේ අඩිතාලමයි. දිගින් හා පළලින් විශාල වීම, ගමනාගමන කටයුතුවලට
දුෂ්කරතාවය, වතුර - ධාන්‍ය - දර රැස්කර තිබීම, පිවිසෙන මඟ හා පිටවෙන මග වෙන් වෙන්ව
තිබීම යන කරුණු හත බළකොටුවක තිබිය යුතු වැදගත් ම සම්පත්.” යැයි ලිහිණියා කියාගෙන
ගියේය.
“අමාත්‍ය ලිහිණි, ඔය කියන බලකොටුව සෑදීමට සුදුසු තැන් පරික්ෂා කරන්නට
කවුද යොදා වන්නට හොඳ?”
සක්වාලිහිණි ඇමතිතුමා ඊට පිළිතුරු බැන්දේ යුද්ධ නීතියේ ප්‍රාරම්භය හෙළිකරමින්: