144. හිතෝපදේශය | 03 | දේවත්වයට පත් නරියා

“කියවීම මිනිසා සම්පූර්ණ කරයි!”
❤❤❤ ❤❤❤ ❤❤❤ ❤❤❤ ❤❤❤

රාජකීය නායකත්වයෙන් පිදුම් ලද නීලවර්ණ ගේ ආවතේවයට සෙසු නරියන් ඉදිරිපත් වූයේ පොරකමින්. එහෙත් එතෙක් මෙතෙක් කිසිවෙකුටත් නො ලද අයුරෙන් ජනවරමක් ලද මෙම නරියා සිය ඥාතීන් පිළිකුල් කරන්නට පටන් ගත්තේය. සෙසු නරීන් දුටු විට නීලවර්ණ අධිරාජයාට ඇති වුණේ වස ලැජ්ජාවක්; එසේ ම කෝපයකි. ඔහුගේ කාර්ය මණ්ඩලයට සිංහ ව්‍යාඝ්‍ර කොටි ආදී උත්තම ගණයේ උදවිය පත්කර ගනු ලැබිණි. සියලු අංශ ප්‍රධානීන් ජනරාල් තනතුරෙන් පිදුම් ලැබුවේ තමන් සේනාධිනායක බව සෙස්සන්ට සිහිපත් කරනු පිණිසය. අසීමිත මනාපයක් පළකළ වර්ගයා කොන් කර කඩාපාත් වූවන්ට රාජ්‍ය දේපොළ සූරා කන්නට ඉඩ හැරීමෙන් කුපිත වූ ඥාතීහු ඊනියා අධිරාජයාගේ ඉසව්වෙන් ක්‍රමයෙන් ඉවත් වන්නට පටන් ගත්හ. එසේ ඉවත්ව යන්නවුන් දුටු මහලු ශෘගාලයෙක් ඔවුනට මෙවන් ප්‍රතිඥාවක් දුන්නේය:

යකුනේ දුක් වෙන්නට එපල්ලා. ඕකා දන්න ඉටි ගෙඩියක් නෑ. නීතිය කියන්නේ කුමක් ද කියාවත් නො දන්නා ගොබ්බයෙක්. අපි නීතිය පමණක් නො වෙයි වැටෙන්නට ම අල්ලන්න ඕන නිලත් දන්නවා. අපව ඈත් කළේ උන්දැගේ අවසානය ළං වෙලා. ඕකව විනාශ ම කරල දාන්නට කුමක් හෝ ප්‍රයෝගයක් කළ යුතු ම යි. මේ සිංහ ව්‍යාඝ්‍ර ආදී නීලවර්ණයාට රැවටිලා ඕකව නරියකු බව නො දැනයි ඔය ඉන්නේ. අන්න ඒ නිසා මූ කවරෙක්දැයි යන්න සෙස්සන්ට දැනගන්නට හැකි වෙන පරිදි යමක් කරව්. ඒකටත් සුදුසු ම උපදේශය මම දෙන්නම්. අර සිංහාදී උතුමන් සවස් යාමයේ මුගෙ දුක සැප බලන්න උපදෙස් ගන්නට එනවා. ඔන්න නියම වෙලාව. තොපිත් වටේට ඉඳලා එක වර ම අපේ ජාතික ගීය ගයව්! අන්න ඒ හඬ ඇසෙන ඔය පරයාත් උපන් ගතිය නිසා නරි-හූ-හඬ තලාවි. ඔය වගේ අවස්ථා නීති පොත්වල පෙන්නුම් කරලා තියෙන්නෙ මෙන්න මෙහෙම:

මේ ලෝකයේ නොයෙක් වර්ගයේ මිනිසුන් තිරිසනුන් ඉන්නවා. උන්ට උපන් කුලය ගතිසිරිත් තියෙනවා. කොච්චර යටපත් කරන්න හැදුවත් මතු වෙලා එන්නේ උපන්ගෙයි සිරිත්. ඒවා මොන ජගතාටවත් වෙනස් කරන්නට බෑ. බල්ලෙකු රජකමට පත් කළත් ඌ හොයන්නේ ම පරණ සෙරෙප්පු සපත්තු හප හපා ඉන්න.

අන්න ඒ නිසා උඹලා එකාවන්ව ගයාපල්ලා අපේ ජාතික ගීය. ඔන්න පටන් ගනීවි නීලවර්ණයාත් ජාතික ගීය ගයන්නට. රජා කවරෙකුදැයි හඳුනා ගන්නවා සිංහ ව්‍යාඝ්‍ර කොටි ආදී මහේෂයන්. දෙයි බැටේ කීතු කීතු කරලා අම්මා මෝ නැති වෙන්ඩ.

වැඩිහිටියාගේ සදූපදේශය අසා සිටි නරි රැළ කල් යල් බලා “හොක්කියා හොක්කියා හූ” යන නාදය පතුරමින් ගැයුවා නරින්ගේ ජාතික ගීය. සිංහාසනය මතට නැඟුණු නීලවර්ණ රාජෝත්තමයාත් අන් අයට දෙවෙනි නො වෙන්න දීලා ඇද්දා ශෘතිය නො කඩා ජාතික ගීය. එය කණ වැකුණු සිංහහාදී ශ්‍රේෂ්ඨයන් රජා කම්බස් කර දැම්මේ අසුරු සැණකින්.

තවදුරටත් නීතියේ ඒ පිළිබඳව සඳහන් කර ඇත්තේ මෙන්න මේ ආකාරයට:



"Reading maketh a Full man ..."

dhamma.lk.ingreesi.com © 2016 - 2020. Powered by Blogger.
කියවීම මිනිසා සම්පූර්ණ කරයි!

෴ An AnglomaniA IngreesI (රාවණ යක්ඛ) and *A Bona Fide CreatioN ෴

Auto Scroll Stop Scroll