තමන් ඇසුරේ ම සිටින සතුරාගේ අඩුපාඩුව, රහස් ශක්තිය ආදී සියල්ල දන්නේ
ඇසුරු කරන අය ම යි. ගස් බෙනයක ඇති ගින්නෙන් මුළු ගස ම දවන්නා සේ රැළේ සතුරා රැළ
විසින් ම විනාශ කර දමයි.
ඔන්න ඔය කාරණය නිසා තමයි මං කියා සිටියේ “ආත්ම පක්ෂං පරිත්‍යජ්‍ය”
යන උපදේශය.
කාරණාව පිළිගත හැකියි. එතන කිසි ප්‍රශ්නයක් නෑ. නමුත් මේඝවර්ණ
කාක්කා ආවේ ශ්‍රී ලංකාදීපයේ ඉඳලා මහා සාගරය පවා තරණය කරගෙන. අන්න ඒ නිසා
ඔහුව මා බැහැ දකින්නට කරන ආයාචනය ප්‍රතික්ෂේප නො කළ යුත්තක්. අනික විශේෂ අමුත්තෙකු
වන ඔහුට කෙරෙන සැලකිලි සම්මාන ඉතා හොඳින් කෙරෙන්නට ඕනෑ.” යි රජු නැවතත් විධාන
කළේය.
සක්වාලිහිණි ගරු ඇමතිතුමා ඊළඟ අංකයට ඉදිරිපත් කළේ යුද්ධ සංවිධානය
පිළිබඳව තොරතුරු:
“දේවයන් වහන්සේගේ නියමය පරිදි චිත්‍රවර්ණ රාජ්‍යයට යැව්වා
ඔත්තුකාරයෙක්. අද හෙට ම ඔහු එම දේශයේ තොරතුරු වාර්තා කරාවි. අපේ බලකොටුත්
සියල්ලෙන් සන්නද්ධයි. මේ නිසා තානාපති ගිරවා ද කැඳවා තොරතුරු විමසා සුදුසු පරිදි
ක්‍රියා කිරීමයි කාලෝචිත! මා එසේ යෝජනා කරන්නේ නීතියේ සඳහන් මෙන්න මේ කාරණය නිසා:
චානක්‍ය පඬිවරයා
සියුම් කපටි නුවන තියෙන දූතයකු මගින් නන්ද රජු මරා දැම්මා. එඩිතර සෙබළුන්
සහිත දූතයකු තවදුරටත් රඳවා තබා ගෙන සිටීම සුදුසු කටයුත්තක් නො වේ.”
සක්වාලිහිණි ගරු අමාත්‍යවරයා ගේ උපදේශාත්මක කරුණු දැක්වීමෙන් අනතුරුව
රාජ සභාව රැස් කරනු ලැබිණි. දූත මෙහෙවරෙහි යෙදුණු ගිරවා සහ කපුටා පැනවූ අසුනෙහි
සුවපහසු සේ වාඩි වූහ. ඉන් අනතුරුව මඳක් හිස එස වූ ගිරවා මෙසේ කීය:
“පින්වත් හිරණ්‍යගර්භ! මහා රාජාධිරාජ්‍ය ශ්‍රීමත් චිත්‍රවර්ණයෝ
තොපට මෙසේ අණ කරති. ජීවිතයත් රජකමත් රැක ගන්නට අවශ්‍ය නම් වහා ම අවුත් මාගේ ශ්‍රී
පතුල් වඳුව! එසේ නො කරන්නේ නම් පණ හෝ රැක ගන්නට වෙනත් තැනක් සොයා යව!” ඔන්න ඔය
පණිවිඩය දීමයි මගේ දූත කාර්යය.
ගිරවාගේ නියෝගාත්මක නිවේදනයෙන් කිපුණු හංස රාජ, රාජ සභාව සොළවමින්
මෙසේ ප්‍රකාශ කළා:
“මේ චණ්ඩාල ගිරවාගේ බෙල්ලෙන් අල්ලා පා පහර දී රාජ සභාවෙන් එළියට ඇද
දමන්නට එකෙකු නැද්ද?”
හංස රජුගේ කෝපාග්නිය දෙස බලා සිටි මේඝවර්ණ කපුටා, නැගී සිට
මෙසේ ප්‍රකාශ කළා:
“දේවයන් වහන්ස! අණ දෙන සේක්වා, මේ දුෂ්ට ගිරවා කුඩුපට්ටම් කර
දමන්නට!”
කෝපාවිෂ්ට වූ රජුත්, ඊට අනුබල දෙමින් ප්‍රකාශ කරන මේඝවර්ණත් සංසුං කරමින් සර්වඥ මන්ත්‍රිතුමා සභාවෙන් අවසර ගෙන මෙසේ කීවා: