“මොන පියවර ගත්තත් ඊට පෙර සිද්ධියට සම්බන්ධ නිමිත්ත ගැන නීත්‍යනුකූලව
සොයා බැලිය යුතුයි. නීතියට පටහැනිව තීන්දු තීරණ ගත්තොත් ඒවා ජාත්‍යන්තර විරෝධතාවලට
ලක්වෙනවා. අපේ නීතියේ සඳහන් වන්නේ මෙහෙමයි:
යම් තැනක කුසලතා පරිපූර්ණ උගත් බුද්ධිමත් වැඩිහිටියන් නැතිනම් එය
සභාවක් නො වේ. යමෙක් නීතිය යුක්තිය හා සාධාරණය වෙනුවෙන් හඬක් නො නගන්නේ නම් ඔවුහු
වැඩිහිටියෝ නො වෙති. යම් තැනක ඇත්ත නැත්නම් එය නීතියට පටහැනි වේ. ආත්ම ලාභය උදෙසා
කපටිකම් කරන්නා නීතිය අවභාවිතා කරන්නෙකි.
අන්න එයයි නීතිය. එය ම යි නීතියේ උදාර ලක්ෂණ. ඒ නිසා මෙම කාරණාවේදීත්
අප ගත යුත්තේ නෛතික තීන්දු තීරණ මිස වාචාල කතා නො වේ. නීතියේ පැහැදිලිව ම මෙසේ
සඳහන් වී තිබෙනවා:
දූත කාර්යයක යෙදෙන්නා පහත් ගති පැවතුම් ඇත්තෙකු වුවත් ඔහුට හිංසාවක්
නො කළ යුතුයි. ඇයි ඒ? දූතයා කියන්නේ ඔහුගේ රජුගේ කට නිසා. රාජ නියෝගයයි ඔහු
පිළිපදින්නේ. මොහු මරා දමන්නට අප අවි-ආයුධ එස වූවත් ඔහු කී දේ වෙනස් කරන්නේ නැහැ.
හේතුව ඔහු රාජ නියෝජිතයෙකු නිසා. රාජතාන්ත්‍රික වරප්‍රසාදවලින් ඔහු ආවරණය වෙලා.
සැබෑ දූත සේවාවක මේ ගිරා පඬිවරයා යෙදී සිටින බවයි මගේ නම් පිළිගැනීම.
රාජ දූතයන් පවසන දෙයින් තමන්ගේ පහත්කම් වගේ ම අනුන්ගේ උසස්කම් ගැන ද
තකන්නේ කවුද? අපෙන් චිත්‍රවර්ණ රජු වෙත දූතයෙකු යැවුවොතින් ඔහු කියන්නෙත්
ඔය ටික ම යි. තමන්ගේ රජු පහත් කර තකන්නට ඔහු කැමැති වේ ද? සෑම විට ම දූතයා
නීතියෙන් ආවරණය වී සිටින නිසා තමන්ට කළ නියෝගය එලෙසින් ම කියා පෑමයි සිරිත. එය
දූතයකුගේ යහපත් ලක්ෂණයක්.”
අමාත්‍ය ගරු සර්වඥ තුමාගේ නීති කරුණු පහදා දීමෙන් අනතුරුව රජු
මෙන් ම මේඝවර්ණ කපුටා ද පියවි සිහිය ලබා ගති. ගිරවා ද සභාවෙන් පිටවිය. ඔහු වින්ධ්‍යා
පර්වතයට ගොස් තම රජුගේ පාද නමස්කාර කළේය. දූත සේවාවේ තොරතුරු රජු විමසන්නට පටන්
ගත්තේය:
“හ්ම්, මහන්සිත් නැතෑ ගමනේ යෙදීලා. කොහොම ද ඉතින් තොරතුරු ඒ පැත්තේ?”
“දේවයන් වහන්ස, කෙටියෙන් කීවොත් කියන්නට ඇත්තේ මෙච්චරයි – අපත්
යුද්ධය සඳහා සූදානම් විය යුතුයි. ඒ කර්පූර දේශය දෙව්ලොවෙන් භාගයක් හා
සමානයි. රජුත් දෙවැනි ෂක්‍රයා වගේ. වර්ණනා කරන්නට මගේ වචන මදි.”
දූත ගිරවා එම පුරෝකතනයෙන් සංවිභාග ශීලි වූ චිත්‍රවර්ණ රජු
තමන්ගේ බුද්ධිය මණ්ඩලය සහ ඇමති ගණයා රාජ සභාවට වහා රැස් කරවීය. සිංහාසනාරූඪ වූ
චිත්‍රවර්ණ රජු විද්වත් කමිටුව අමතා මෙසේ ප්‍රකාශ කළේය:
“දැන් කර්පූර දේශයත් එක්ක සටන් කරන්නට අවස්ථාව උදා වෙලා. එය කළ යුතු ආකාරය පිළිබඳව සැලැස්මක් හදා ගත යුතුයි. මේ සටන අපේ විජයග්‍රහණය උදෙසා ම කරන්නට ඕනෑ. නීතිමය පූර්වාදර්ශවල ඒ ගැන සඳහන් කර තිබෙන්නේ මෙහෙමයි: