147. හිතෝපදේශය | 03 | දේවත්වයට පත් නරියා

“කියවීම මිනිසා සම්පූර්ණ කරයි!”
❤❤❤ ❤❤❤ ❤❤❤ ❤❤❤ ❤❤❤

කොච්චර දුන්නත් ලැබුණත් මදි කියන ජාතියක් තමා ආගම්වල පූජකයන් හා බමුණන්. ඒ වගේ ම පාලකයන්ට කුමන දේ ලැබුණත් ඒවා ප්‍රමාණවත් නැහැ. වෙසඟනක් ලැජ්ජාවට පත් නො වුණොත් තමා උන්ගෙ කරලා පැහෙන්නේ. ලැජ්ජා භය නැති ස්ත්‍රීන් විනාශයට යාමයි පිළිවෙත.”

මෙම කතාව අසා සිටි දූරදර්ශී නැමැති ගිජුලිහිණියා මෙසේ සිය අදහස් ප්‍රකාශ කළේය:

“දේවයන් වහන්ස! විවිධ කරදර බාධක මැද්දේ කරන්න යන සටනින් ජය ලැබීම අසීරුයි. ඒ මෙන්න මේ නිසා:

අපේ සියලු ම ගුවන් නාවික හා පාබල හමුදා සහ මිත්‍රාමාත්‍යයන් දේශයට හිතවත් භක්තිමත් අයවලුන් විය යුතුයි. ඒ වගේ ම සතුරන්ගේ හමුදා සේනාංක සහ මෙහෙයවන්නන් එකෙකුට එකෙක් නැති වෙන සේ භේද භින්න වී තිබීම තමයි වැදගත්. අන්න ඒ මොහොත නිරීක්ෂණය කර සටනට පිවිසීමයි සුදුසු. පොළොව, මිත්‍රයා, අමුරන් තමා යුද්ධයකින් ලබාගත හැකි ඵලයන්. යම් විටෙක මෙකී දේවල් නිසැකව ම ලබාගත හැකි වේ යැයි සිතන්නේ කිනම් මොහොතක ද, අන්න එයයි සටන් කළ යුතු කාලය වන්නේ.”

දූරදර්ශී අමාත්‍යවරයාගේ උපදෙස් ඇසූ රජ මෙසේ කීය:

“මන්ත්‍රීවරය, එසේ නම් පළමුව මගේ සේනා බලය පරීක්ෂා කරණු! එයින් මගේ සේනාවගේ ප්‍රමාණය හා දක්ෂතා මැන ගනු! ඒ වගේ ම නක්ෂත්‍ර වේදියකුත් කැඳවනු! යුද පෙරමුණට යාම සඳහා සුභ මුහුර්තියක් සකසනු!”

රාජ නියෝගයෙන් අනතුරුව දූරදර්ශී නැවතත් මෙසේ කීවා:

“ඒත් දේවයන් වහන්ස, තකහනියේ යුද පෙරමුණට අප නො යා යුතුයි. ඒ සුදුසු කටයුත්තක් නො වේ. ඒකට හේතුව යුද නීතියේ මෙසේ සඳහන් වෙන නිසා:

යමෙකු සතුරන්ගේ දක්ෂ අදක්ෂතා, ඔවුන්ගේ සේනා බලය, අවි ආයුධ, ආහාරපාන, රටවැසියාට මුහුණ දෙන්නට සිදුවන ගැටලු ගැන නො තකා සටනට ගියොත් ඔහු මෝඩයෙක්. ඇයි ඒ? යුද්ධ උපක්‍රම හා නිසි සංවිධානයක් නැති ව සටනට ගියොත් ප්‍රති පාක්ෂිකයන්ගේ කඩුවලින් බෙලි කැපුම්වලට ලක්වෙන්න සිදුවෙනවා.” එවිට රජු මෙසේ කීවේය:

“මන්ත්‍රීවරුනි, මගේ උත්සාහය වළක්වන්ට අනං මනං කියන්න එපා. ජයග්‍රහණය කැමැත්තා කිනම් ආකාරයකින් හෝ යුද්ධය ජය ගන්නා නිසා දිනීමට අවශ්‍ය උපදෙස් පමණක් ලබා දෙන්නට වගබලා ගත යුතුයි.”

ගිජුලිහිණියා එවර මෙසේ කීවේය:

“දේවයන් වහන්ස! එසේ කිරීමට අපහසුවක් නැහැ නමුත් මිත්‍ර මැති ඇමතිවරුන් සාමූහිකව කටයුතු කළොත් පමණයි ජයග්‍රහණයට පාර කැපෙන්නේ ඒ බව පූර්වාදර්ශවල සටහන් වෙලා ඇත්තේ මෙහෙමයි:



"Reading maketh a Full man ..."

dhamma.lk.ingreesi.com © 2016 - 2020. Powered by Blogger.
කියවීම මිනිසා සම්පූර්ණ කරයි!

෴ An AnglomaniA IngreesI (රාවණ යක්ඛ) and *A Bona Fide CreatioN ෴

Auto Scroll Stop Scroll