150. හිතෝපදේශය | 03 | දේවත්වයට පත් නරියා

“කියවීම මිනිසා සම්පූර්ණ කරයි!”
❤❤❤ ❤❤❤ ❤❤❤ ❤❤❤ ❤❤❤

සතුරු රටේ සිටින්නන් රොතු බුරුතු පිටින් පැහර ගෙන අවුත් තම දේශයෙහි හෝ වෙනත් දේශයක රැඳවීම වැදගත් වේ. ඔවුන්ට නිසි පරිදි සැලකුම් කර උපන් දේශය කෙරෙහි ආඝාතයක් මෝදු කළ යුතුයි.”

මේ දීර්ඝ දේශනය අසා සිටි රජු මෙසේ කීය:

“මොකට ඔය ගැන ඔය තරම් කතා කරනව ද? තමන්ගේ දියුණුවට කළ යුත්ත කිරීමත්, සතුරාගේ විනාශයට ගත යුතු පියවර ගැනීමත් තමා නීතිය කියන්නේ. ඒ දෙකට අදාළ කරුණු ඉදිරිපත් කිරීම තමා නියම උපදේශකයකුගෙන් විය යුත්තේ.”

රජුගේ එම කීම අසා සිනහවක් පළ කළ මන්ත්‍රීවරයා, “ඔය කිනම් කාරණයත් ඇත්ත. ඒත් එහෙමත් උපදේශයක් ලබා දී තිබෙනවා:

ශාස්ත්‍ර නියමයන් නීති රෙගුලාසිවලින් තොරව ලබා ගන්නා බලය එකක්. සම්භාවිත නීති පද්ධතිවලට අනුකූලව ලබාගන්නා ජයග්‍රහණය තවත් එකක්. එළිය සහ අඳුර දෙකේ සමාන බවක් කොතැනක හෝ තියෙනව ද?”

සිංහාසනයෙන් නැගී සිටි රජු සිය අභිප්‍රාය පරිදි නැකැත්තා විසින් නියම කරනු ලැබූ මොහොතේ යුද්ධ කටයුතු උදෙසා පිටත් විය. මාළිගයෙන් දොර වෙත වැඩමවමින් සිටිය දී තමන් විසින් යවන ලද ප්‍රධාන ඔත්තුකාරයා හිරණ්‍යගර්භ රජුට ප්‍රණාමය පුද පුද කර මෙසේ කීවේය:

“දේවයන් වහන්ස, චිත්‍රවර්ණ රජු යුද පෙරමුණට දැනටමත් ඇවිදින්. මලය පර්වතය ආසන්නයේ ම කඳවුරකුත් බැඳගෙන. මේ නිසා අපත් අපේ බලකොටු නිතර ම පරික්ෂා කළ යුතුයි. ඒකට හේතුව බොහෝ ම බැරෑරුම් වූවක්. හේතුව අපේ ගිජුලිහිණි ඇමතිතුමා කෙනෙකු සමග කළ රහස් කතාවකින් මට කිසියම් ඉඟියක් දැනුණා. අදහසක් ඇති වුණා. ඒ තමා ඔහු කල් වේලා ඇතිව ම විශේෂ ඔත්තු කාරයකු අපේ බල කඳවුරේ සේවාවට යොදා ඇති බව.”

එම රහස් අසා සිටි සක්වා ලිහිණියා:

“දේවයන් වහන්ස, සමහර විට ඒ ඔත්තුකාරයා අර කපුටා ම විය හැකියි.”

රජු එවිට මෙසේ කීය:

“නෑ ... කවදාවත් ම එහෙම වෙන්ට බෑ. එසේනම් කොහොම ද එදා අර ගිරවාගේ කතාව අහලා මරා දාන්න ඉදිරියට පැන්නේ? එහෙව් කාක්කා මෙහෙම දෙයක් කරයි ද? උඹලට ඔල්මාදේ! තවත් එකක් ගිරවාගේ කතාවෙන් ම වැටහුණා, ඌ යුද්ධයට බලවත් කැමැත්තෙන් සිටින වගක්.”

එය අසා සිටි ඇමතිවරයා මෙසේ කීය:

“කොහොම නමුත් අනාරාධානයෙන් කඩා පාත්වුණු අමුත්තන් සැක කළ යුතු පිරිසක්!”

“අමුත්තා ආගන්තුකයෙකු වුණත් ඔවුන් ගෙන් පවා බොහෝ උපකාර ලැබෙන බව පිළිගත යුත්තක්. මෙන්න එයට දෙන්න ඇති හොඳ ම සංකල්ප:

පිටස්තර අයෙකු වෙන්නටත් පිළිවන්. තමන්ගේ ම නෑයෙකු හෝ මිතුරෙකු වෙන්නටත් පිළිවන්. ඒවගේ ම සතුරෙකු වෙන්නටත් පුළුවන්. ඔය කවුරුන් කොහොම වුණත්, ඒ ඒ අයගෙන් ගත යුතු ප්‍රයෝජන විවිධයි. ඇති වුණා ශරීරයට රෝගයක්. සීනි මීපැණි කාලා හරි යනව ද? කැලේ හැදුණු වැඩුණු තිත්ත බේත් ම බොන්න ඕන. අන්න ඒ වගේ තමයි.

ශුද්‍රක නමින් හැඳින්වුණ රජෙකු සිටියා කාලෙකට පෙර. ඔහුගේ සේවාවන් ඉටු කළේ වීරවර නමින් හැඳින්වුණු සේවකයා. කලක දී රජු ගලවා ගැනීමේ අවස්ථාවක් එළැඹුණා. ඒ සිද්ධිය උදෙසා වීරවර තමන්ගේ පුතා බිලි දුන්නා.

“මගේ සන්තෝ, කුමක් ද දේවයන් වහන්ස ඒ අපරාධෙ?” යැයි සක්වා ලිහිණියා විමසූ සඳ, හංස රජා එම කතාව මෙසේ හෙළි කළා:



"Reading maketh a Full man ..."

dhamma.lk.ingreesi.com © 2016 - 2020. Powered by Blogger.
කියවීම මිනිසා සම්පූර්ණ කරයි!

෴ An AnglomaniA IngreesI (රාවණ යක්ඛ) and *A Bona Fide CreatioN ෴

Auto Scroll Stop Scroll